ලෝක දැල්පන්දු කිරුළ නවසීලන්තයට 

266

2019 ලෝක දැල්පන්දු තරගාවලිය ඊයේ (21) එංගලන්තයේ ලිවර්පූල්හිදී නිමාව දුටුවේ නවසීලන්තයට ශූරතාව හිමිකර දෙමිනි. තරගාවලියේ ස්ථාන බෙදීගි ය ආකාරය පිළිබඳව ThePapare.com ගෙන එන සටහනයි මේ. 

අවසන් තරගය ජය ගනිමින් තර්ජීනි නැවතත් වාර්තා පොත් අලුත් කරයි

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් වටයේ තරග අද….

අවසන් තරගය

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය සමත් විය. 

තරගයේ පළමු කාර්තුව ලකුණු සම වූ අතර දෙවන කාර්තුවේ දී නවසීලන්තය ලකුණු 3කින් පෙරමුණ ගැනීමට සමත් විය. තුන්වැනි කාර්තුවේ දී එම පරතරය ලකුණු එකකින් වැඩි කර ගත් නවසීලන්තය අවසන් කාර්තුව සඳහා පිවිසියේ ලකුණු 4ක පරතරයක් ලබා ගනිමිනි.

සිව්වැනි කාර්තුවේ දී ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු තුනකින් කාර්තුව ජයග්‍රහණය කළ ද එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. නවසීලන්තය තරගය ජයග්‍රහණය කළේ එක් ලකුණකිනි. 

  • පළමු කාර්තුව: ඕස්ට්‍රේලියාව 10 – 10 නවසීලන්තය 
  • දෙවන කාර්තුව: ඕස්ට්‍රේලියාව 15 – 18 නවසීලන්තය 
  • තුන්වැනි කාර්තුව: ඕස්ට්‍රේලියාව 12 – 13 නවසීලන්තය 
  • සිව්වැනි කාර්තුව: ඕස්ට්‍රේලියාව 14 – 11 නවසීලන්තය 
  • අවසන් ලකුණු තත්ත්වය: ඕස්ට්‍රේලියාව 51 – 52 නවසීලන්තය 

තුන්වැනි ස්ථානය සඳහා වන තරගය – එංගලන්තය හා දකුණු අප්‍රිකාව 

  • පළමු කාර්තුව: එංගලන්තය 14 – 12 දකුණු අප්‍රිකාව 
  • දෙවන කාර්තුව: එංගලන්තය 15 – 10 දකුණු අප්‍රිකාව 
  • තුන්වැනි කාර්තුව: එංගලන්තය 17 – 10 දකුණු අප්‍රිකාව 
  • සිව්වැනි කාර්තුව: එංගලන්තය 12 – 10 දකුණු අප්‍රිකාව 
  • අවසන් ලකුණු තත්ත්වය: එංගලන්තය 58 – 42 දකුණු අප්‍රිකාව 

පළමු අවසන් පූර්ව තරගය – ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව 

  • පළමු කාර්තුව: ඕස්ට්‍රේලියාව 14 – 10 දකුණු අප්‍රිකාව 
  • දෙවන කාර්තුව: ඕස්ට්‍රේලියාව 17 – 13 දකුණු අප්‍රිකාව 
  • තුන්වැනි කාර්තුව: ඕස්ට්‍රේලියාව 12 – 16 දකුණු අප්‍රිකාව 
  • සිව්වැනි කාර්තුව: ඕස්ට්‍රේලියාව 12 – 14 දකුණු අප්‍රිකාව 
  • අවසන් ලකුණු තත්ත්වය: ඕස්ට්‍රේලියාව 55 – 53 දකුණු අප්‍රිකාව 

දෙවන අවසන් පූර්ව තරගය – එංගලන්තය හා නවසීලන්තය 

  • පළමු කාර්තුව: එංගලන්තය 9 – 12 නවසීලන්තය 
  • දෙවන කාර්තුව: එංගලන්තය 15 – 9 නවසීලන්තය 
  • තුන්වැනි කාර්තුව: එංගලන්තය 9 – 15 නවසීලන්තය 
  • සිව්වැනි කාර්තුව: එංගලන්තය. 12 – 11 නවසීලන්තය 
  • අවසන් ලකුණු තත්ත්වය: එංගලන්තය 45 – 47 නවසීලන්තය 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් කාර්තුවේ දී ජයග්‍රාහී රිද්මයට

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකා….

5 වැනි හා  6 වැනි ස්ථාන සඳහා වන තරගය – ජැමෙයිකාව හා මලාවි 

  • පළමු කාර්තුව: ජැමෙයිකාව 20 – 13 මලාවි 
  • දෙවන කාර්තුව: ජැමෙයිකාව 17 – 15 මලාවි 
  • තුන්වන කාර්තුව: ජැමෙයිකාව 15 – 13 මලාවි 
  • සිව්වන කාර්තුව: ජැමෙයිකාව 16 – 09 මලාවි 
  • අවසන් ලකුණු තත්ත්වය: ජැමෙයිකාව 68 – 50 මලාවි 

7 වැනි හා 8 වැනි ස්ථාන සඳහා වන තරගය – සිම්බාබ්වේ හා උගන්ඩාව 

  • පළමු කාර්තුව: සිම්බාබ්වේ 11 – 14 උගන්ඩාව 
  • දෙවන කාර්තුව: සිම්බාබ්වේ 9 – 15 උගන්ඩාව 
  • තුන්වන කාර්තුව: සිම්බාබ්වේ 17 – 16 උගන්ඩාව
  • සිව්වන කාර්තුව: සිම්බාබ්වේ 10 – 13 උගන්ඩාව
  • අවසන් ලකුණු තත්ත්වය: සිම්බාබ්වේ 47 – 58 උගන්ඩාව

9 වැනි හා 10 වැනි ස්ථාන සඳහා වන තරගය – උතුරු අයර්ලන්තය හා ට්‍රිනිඩැඩ් ටොබෑගෝ 

  • පළමු කාර්තුව: උතුරු අයර්ලන්තය 13 – 12 ට්‍රිනිඩැඩ් ටොබෑගෝ 
  • දෙවන කාර්තුව: උතුරු අයර්ලන්තය 10 – 17 ට්‍රිනිඩැඩ් ටොබෑගෝ 
  • තුන්වැනි කාර්තුව: උතුරු අයර්ලන්තය 13 – 14 ට්‍රිනිඩැඩ් ටොබෑගෝ 
  • සිව්වැනි කාර්තුව: උතුරු අයර්ලන්තය 12 – 14 ට්‍රිනිඩැඩ් ටොබෑගෝ 
  • අවසන් ලකුණු තත්ත්වය: උතුරු අයර්ලන්තය 48 – 57 ට්‍රිනිඩැඩ් ටොබෑගෝ 

11 වැනි හා 12 වැනි ස්ථාන සඳහා වන තරගය – බාබඩෝස් හා ස්කොට්ලන්තය 

  • පළමු කාර්තුව: බාබඩෝස් 13 – 15 ස්කොට්ලන්තය 
  • දෙවන කාර්තුව: බාබඩෝස් 9 – 14 ස්කොට්ලන්තය 
  • තුන්වැනි කාර්තුව: බාබඩෝස් 11 – 10 ස්කොට්ලන්තය 
  • සිව්වැනි කාර්තුව: බාබඩෝස් 9 – 14 ස්කොට්ලන්තය 
  • අවසන් ලකුණු තත්ත්වය: බාබඩෝස් 42 – 53 ස්කොට්ලන්තය 

13 වැනි හා 14 වැනි ස්ථාන සඳහා වන තරගය – සැමෝවා හා ෆීජි 

  • පළමු කාර්තුව: සැමෝවා 11 – 13 ෆීජි 
  • දෙවන කාර්තුව: සැමෝවා 14 – 3 ෆීජි 
  • තුන්වැනි කාර්තුව: සැමෝවා 13 – 15 ෆීජි 
  • සිව්වැනි කාර්තුව: සැමෝවා 15 – 11 ෆීජි 
  • අවසන් ලකුණු තත්ත්වය: සැමෝවා 53 – 42 ෆීජි 

15 වැනි හා 16 වැනි ස්ථාන සඳහා වන තරගය – ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව 

  • පළමු කාර්තුව: ශ්‍රී ලංකාව 23 – 15 සිංගප්පූරුව 
  • දෙවන කාර්තුව: ශ්‍රී ලංකාව 20 – 13 සිංගප්පූරුව 
  • තුන්වැනි කාර්තුව: ශ්‍රී ලංකාව 22 – 12 සිංගප්පූරුව 
  • සිව්වැනි කාර්තුව: ශ්‍රී ලංකාව 13 – 17 සිංගප්පූරුව 
  • අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 78 – 57 සිංගප්පූරුව 

සැමෝවා ක්‍රීඩිකාවන් 10කින් ශ්‍රී ලංකාව ඉස්සර කරයි

2019 ලෝක දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පස්වැනි….

ඒ අනුව මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් දිස්වූයේ මෙලෙසිනි. 

  1. නවසීලන්තය
  2. ඕස්ට්‍රේලියාව
  3. එංගලන්තය
  4. දකුණු අප්‍රිකාව
  5. ජැමෙයිකාව
  6. මලාවි
  7. උගන්ඩාව
  8. සිම්බාබ්වේ
  9. ට්‍රිනිඩැඩ් ටොබෑගෝ
  10. උතුරු අයර්ලන්තය
  11. ස්කොට්ලන්තය
  12. බාබඩෝස්
  13. සැමෝවා
  14. ෆීජි
  15. ශ්‍රී ලංකාව
  16. සිංගප්පූරුව

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<