කාන්තා විද්‍යාලය හමුවේ බිෂොප් බලය බිඳ වැටේ

588

වසර දෙකක බිෂොප් විද්‍යාලයීය හොකී ආධිපත්‍ය බිඳ දමමින් කොළඹ කාන්තා විද්‍යාලය 14 වන බිෂොප් – කොළඹ කාන්තා විද්‍යාලයීය හොකී මහා තරගය ජය ගැනීමට සමත් විය. තරගය පසුගිය 29 වැනිදා කොළඹ ඇස්ට්‍රෝ හොකී පිටියේ දී පැවැත්විය.

වසර හතකට පසු රාජකීයයෝ පළමු අදියර ජය ගනී

වසර හතක හේමන් කුසලානයේ පළමු අදියරේ ශාපයෙන් මිදෙමින් ගල්කිස්ස සාන්ත තෝමස් …

වයස අවුරුදු 17න් පහළ තරගය

මෙම තරගයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකම තියුණු සටනක නිරත වූ නමුත් එකදු කණ්ඩායමක් හෝ ගෝල රැස් කර ගැනීමට සමත් වූයේ නැත.

දෙවන අර්ධයේ දී කොළඹ කාන්තා විද්‍යාලයීය කණ්ඩායම ප්‍රබල ක්‍රීඩා විලාශයකට අවතීර්ණ වූ අතර සුලානි ද සිල්වා 25 වැනි මිනිත්තුවේ දී සුපිරි ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ කොළඹ කාන්තා විද්‍යාලය වෙත දිනා දීමට සමත් විය.

සුලානි වයස අවුරුදු 17න් පහළ තරගයේ දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත් අතර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට ද සමත් විය.  

කෙසේ වුවත් සුලානිගේ ගෝල සංදර්ශනය නිමා වූයේ 28 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කිරීමෙන් අනතුරුවයි. බිෂොප් ක්‍රීඩිකාවන් කෙතරම් උත්සහ කළත් කාන්තා විද්‍යාලයීය ආරක්ෂක වළල්ල ඉක්මවා යාමට ඔවුන්ට අවස්ථාව ලැබුණේ නැත.

අවසන් ලකුණු තත්වය: කොළඹ කාන්තා විද්‍යාලය 02 – 00 බිෂොප් විද්‍යාලය

වයස අවුරුදු 19න් පහළ තරගය

ප්‍රධාන තරගය වූ වයස අවුරුදු 19න් පහළ තරගය ආරම්භයේ දී කණ්ඩායම් දෙකම කරට කර තරගයක නිරත වුනත් කෙමෙන් පළමු අර්ධයේ ග්‍රහණය තමන් වෙතට ගන්නට බිෂොප් ක්‍රීඩිකාවන් සමත් විය. බිෂොප් ක්‍රීඩිකාවන් පළමු අර්ධය පුරා එකදු අවස්ථාවක් හෝ සාර්ථක කර ගැනීමට සමත් නොවුනත් බිෂොප් උපනායිකා හා ආරක්ෂක ක්‍රීඩිකා Suada Azmys ඉතා හොඳින් ක්‍රීඩා කළේ කාන්තා විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් වෙමිනි.

ස්ලිම්ලයින්, කෙස් රොදක ඉඩකින් ශූරයන් වෙයි

92 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ අවසන් මහා තරග අද (29) කොළඹ MAS …

පළමු අර්ධය: කොළඹ කාන්තා විද්‍යාලය 00 – 00 බිෂොප් විද්‍යාලය

දෙවන අර්ධයේ දී කාන්තා විද්‍යාලයේ ගෝල රකින්නිය වන සුහිත්‍රී පරනමනගේ  තරගයේ 0-0ක අවසානයක් කරා රැගෙන ගියේ බිෂොප් අවස්ථා කිහියක්ම ව්‍යර්ථ කරමිනි.

ඒ අනුව වසර දෙකකට පසු වාර්ෂික හොකී තරගාවලියේ ජය කාන්තා විද්‍යාලයට හිමි වූ අතර සුහිත්‍රී වයස අවුරුදු 19න් පහළ දක්ෂතම ගෝල රකින්නිය ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

අවසාන ලකුණු තත්වය: කොළඹ කාන්තා විද්‍යාලය 00 – 00 බිෂොප් විද්‍යාලය

ThePapare.com වෙත අදහස් දක්වමින් කාන්තා විද්‍යාලයේ පුහුණුකාරිනී සුනේත්‍රා රූපසිංහ මෙසේ අදහස් දැක්වීය.

“අපි අගෝස්තු මාසයේ සිටම වාර්ෂික මහා හොකී තරගයට සූදානම් වුනා, සියලු ක්‍රීඩිකාවන් සැලසුම් කළ ලෙසම ක්‍රීඩා කළා, මම අපේ පාසලේ විදුහල්පතිතුමියට හා නියෝජ්‍ය විදුහල්පතිනියන්ට ස්තුති කරන්න කැමතියි අපට ලබා දුන්න සහයෝගය වෙනුවෙන්. සියලු ක්‍රීඩිකාවන් විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා මම බොහොම සතුටුයි මෙම ජයග්‍රහණය පිළිබඳ.”

“වසර දෙකකට පසු අපි ශූරතාවය කාන්තා විද්‍යාලයට ගෙනෙන්නට සමත් වුනා, මම දැනට වසර 14ක් කාන්තා විද්‍යාලයේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා වගේම මම බලාපොරොත්තු වෙනවා පාසල් දෙකෙන්ම මේ මිත්‍රත්වයෙන් සිටීවි යැයි.”

විශේෂ සම්මාන

  • වයස අවුරුදු 17න් පහළ දක්ෂතම ගෝල රකින්නා – දෙහාරා සේනාරත්න (කාන්තා විද්‍යාලයට)‍
  • වයස අවුරුදු 17න් පහළ දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාව – සුලානි ද සිල්වා (කාන්තා විද්‍යාලයට)
  • වයස අවුරුදු 17න් පහළ දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව – දෙව්තිලිනි ප්‍රනාන්දු (බිෂොප් විද්‍යාලය)
  • වයස අවුරුදු 19න් පහළ දක්ෂතම දැල් රකින්නා – සුහිත්‍රී පරනමනගේ (කාන්තා විද්‍යාලය)
  • වයස අවුරුදු 19න් පහළ දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාව – දෙව්තිලිනි ප්‍රනාන්දු (බිෂොප් විද්‍යාලය)
  • වයස අවුරුදු 19න් පහළ දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව – සුලානි ද සිල්වා (කාන්තා විද්‍යාලය)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<