Home Sinhala මෙන්ඩිස් සහ කුමාරගෙන් ද්විත්ව ශතක සබඳතා

මෙන්ඩිස් සහ කුමාරගෙන් ද්විත්ව ශතක සබඳතා

ජාතික සිව්දින ක්‍රිකට් තරගාවලිය 2023

329
National Super League 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ජාතික සිව්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග සතියක් ඊයේ (12) නිමා වුනා.

දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය වූ ගාල්ල සහ කොළඹ අතර පැවති තරගය අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ සිව්වැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට, පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාල්ල කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 439ක් ලබාගෙන සිටියා.

ඒ වන විට නොදැවී ලකුණු 71ක් ලබාගෙන සිටි කඩුලු රකින පිතිකරු පැතුම් කුමාර ඊයේ දිනයේ දී සිය ශතකය සම්පූර්ණ කරගත්තා.

පන්දු 262ක් තුල වාර්තා වුනු කුමාරගේ ඉනිමට 4 පහර 12ක් ඇතුළත් වූ අතර අවසානයේ දී ඔහු ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලකුණු 151ක් ලබා ගත්තා. 6 වැනි කඩුල්ල වෙනුවෙන් කුමාර සමඟ එක්වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 225ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළා.

ඉනිමේ වාර්තා වුනු සිව්වැනි ශතකය ලබා ගත් මෙන්ඩිස් 4 පහර 13ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 149ක් ලබාගෙන සිටිය දී තරිඳු රත්නායකගේ පන්දුවක් හමුවේ දැවී ගියා. අවසානයේ දී ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 703ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

පන්දු යැවීමේ දී කොළඹ කණ්ඩායම වෙනුවෙන් දුශාන් විමුක්ති කඩුලු 3ක් දවා ගත්තා.

Result

Match drawn

Team Galle
703/9 (201)

Team Colombo
405/10 (129.5)

Batsmen R B 4s 6s SR
Avisha Fernando lbw b Sangeeth Cooray 150 205 21 1 73.17
Dimuth Karunaratne lbw b Kavishka Anjula 4 9 1 0 44.44
Heshan Fernando b Kavishka Anjula 2 6 0 0 33.33
Roshane Silva c Angelo Mathews b Mohammad Shiraz 4 16 0 0 25.00
Dushan Vimukthi c Pathum Kumara b Asanka Manoj 40 112 6 0 35.71
Manoj Sarathchandra c Pathum Kumara b Ramesh Mendis 9 42 0 0 21.43
Nisala Tharaka lbw b Kavishka Anjula 82 166 7 0 49.40
Prabath Jayasuriya c Dinesh Chandimal b Kavishka Anjula 15 47 1 0 31.91
Tharindu Ratnayaka c Lakshan Edirisinghe b Ramesh Mendis 28 38 3 2 73.68
Kasun Rajitha not out 34 70 4 0 48.57
Udith Madushan lbw b Ramesh Mendis 18 70 3 0 25.71


Extras 19 (b 8 , lb 8 , nb 2, w 1, pen 0)
Total 405/10 (129.5 Overs, RR: 3.12)
Bowling O M R W Econ
Kavishka Anjula 24 2 67 4 2.79
Mohammad Shiraz 25 6 76 1 3.04
Asanka Manoj 19 2 80 1 4.21
Nimesh Vimukthi 30 7 76 0 2.53
Ramesh Mendis 28.5 2 81 3 2.84
Sangeeth Cooray 3 0 9 1 3.00


Batsmen R B 4s 6s SR
Hashan Dumindu b Udith Madushan 9 17 1 0 52.94
Sangeeth Cooray c Roshane Silva b Tharindu Ratnayaka 33 32 6 0 103.12
Lakshan Edirisinghe lbw b Dushan Vimukthi 129 236 16 1 54.66
Angelo Mathews lbw b Prabath Jayasuriya 105 202 11 0 51.98
Dinesh Chandimal b Nisala Tharaka 63 99 4 2 63.64
Pathum Kumara c Manoj Sarathchandra b Udith Madushan 151 262 12 0 57.63
Ramesh Mendis b Tharindu Ratnayaka 149 256 13 1 58.20
Kavishka Anjula lbw b Dushan Vimukthi 17 23 2 0 73.91
Nimesh Vimukthi lbw b Dushan Vimukthi 5 39 0 0 12.82
Mohammad Shiraz not out 12 33 2 0 36.36
Asanka Manoj not out 1 9 0 0 11.11


Extras 29 (b 10 , lb 7 , nb 2, w 10, pen 0)
Total 703/9 (201 Overs, RR: 3.5)
Bowling O M R W Econ
Kasun Rajitha 8 0 39 0 4.88
Udith Madushan 22.3 3 93 2 4.17
Tharindu Ratnayaka 43 2 201 1 4.67
Nisala Tharaka 24.3 2 82 1 3.37
Prabath Jayasuriya 53 8 142 1 2.68
Dushan Vimukthi 49 9 122 3 2.49
Heshan Fernando 1 0 7 0 7.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<