නිශාන් සහ පබසර සුවිශේෂී කඩඉම්වලට

SLC Major League Cricket Tournament 2022

705

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතියේ අවසන් දිනය වූ අද (25) නිමාවේ දී රාගම ක්‍රීඩා සමාජයේ 23 හැවිරිදි දකුණත් පිතිකරු නිශාන් මධුශ්ක මෙවර තරගාවලියේ ලකුණු 1000ක් ලබා ගත් පළමු ක්‍රීඩකයා බවට පත් වෙද්දී, මූවර්ස් ක්‍රීඩා සමාජයේ පබසර වඩුගේ තම පළමු පෙළ ලකුණු 5000 පසු කිරීමට සමත් වුනා.

නිශාන් මධුශ්ක මේ වන විට තරග 6ක ඉනිම් 9ක දී ලකුණු 1025ක් ලබා සිටිනවා. ඊට ත්‍රිත්ව ශතකයක්, ශතක 4ක්  සහ අර්ධ ශතක 3ක් ඇතුළත්. එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 146.42ක්.

නිශාන් මධුශ්කගේ ගමන් මග

ගාල්ල සෙබස්තියනයිට්ස් කුරුණෑගල BRC පොලිසිය කැන්ඩි
පළමු ඉනිම 150 300* 62 107 125 30
දෙවැනි ඉනිම 100* 81 70

මේ අතර මූවර්ස් නියෝජනය කරන 29 හැවිරිදි දකුණත් පිතිකරු පබසර වඩුගේ අද තම පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලකුණු 5000 පසු කිරීමට සමත් වීම කැපී පෙනුණා. ඔහු මේ දක්වා පළමු පෙළ තරග 83කට ක්‍රීඩා කර ඇති අතර ඊට ශතක 8ක් සහ අර්ධ ශතක 35ක් ඇතුළත්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදයවංශ පරාක්‍රම පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් නුගේගොඩට එරෙහිව ලකුණු 103ක් ලබා ගත්තා. එය ඔහුගේ මෙවර තරගාවලියේ දෙවැනි ශතකයයි.

බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ මාධව වර්ණපුර සහ ලහිරු මධුශංක හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ශතක ලබා ගැනීම කැපී පෙනුණා. මාධව පන්දු 327කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 123ක් ද, ලහිරු පන්දු 185කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් නොදැවී ලකුණු 132ක් ද ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර 4 වැනි කඩුල්ලට නොදැවුණ සබඳතාව ලකුණු 280ක්.

කුරුණෑගල යූත් කණ්ඩායමේ වමත් පිතිකරු ගයාන් මනීෂාන් CCC කණ්ඩායමට එරෙහිව පන්දු 189කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 117ක් ලබා ගත්තා.

පොලිස් ක්‍රීඩා සමාජයේ 24 හැවිරිදි වමත් පිතිකරු හේෂාන් ධනුෂ්ක කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තා.

කළුතර කණ්ඩායමේ සවන් කංකානම්ගේ පන්දු 211කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 139ක් ලබා ගත්තා. එම තරගයේ දී ම සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ ලොහාන් ද සොයිසා පන්දු 138කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 129ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල මංගල ශතකයයි.

SSC කණ්ඩායමේ රොෂේන් සිල්වා මූවර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 211කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා. මේ අතර එම තරගයේ දී ම මූවර්ස් නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 136කට මුහුණ දී හතරේ පහර 15ක් සමඟින් නොදැවී ලකුණු 119ක් ලබා ගත්තා.

මීගමුව කණ්ඩායමේ 18 වියැති දකුණත් පිතිකරු ජීවක ශෂීන් ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහිව පන්දු 211කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 130ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ මංගල ශතකයයි.

මේ අතර BRC කණ්ඩායමේ ලහිරු සමරකෝන්, ගුවන් හමුදාවේ රොස්කෝ තටිල්, කුරුණෑගල යූත් කණ්ඩායමේ සනෝජ් දර්ශික, පොලිස් කණ්ඩායමේ මධුරංග සොයිසා, රාගම කණ්ඩායමේ දිනෙත් තිමෝද්‍ය සහ නිශාන් මධුශ්ක, NCC ලහිරු උදාර සහ කවින් බණ්ඩාර, බදුරලිය කණ්ඩායමේ අනුක් ප්‍රනාන්දු සහ ගිහාන් රූපසිංහ, කළුතර කණ්ඩායමේ චතුර පීරිස් සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ සචිත ජයතිලක සහ මුවර්ස් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර අද අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට එකතු වුනා.

පන්දු යැවීමේ දී සැරසන්ස් කණ්ඩායමේ 21 වියැති දකුණතින් පිට දඟපන්දු යවන සඳුන් මෙන්ඩිස් බදුරලිය කණ්ඩායමට එරෙහිව ලකුණු 124කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුනා. එය ඔහුගේ පළමු පෙළ ඉහළ ම දක්ෂතාවයි. මේ අතර ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායමේ දිලුම් සුදීර මීගමුවට එරෙහිව කඩුලු 5ක් දවා ගත්තා.

පොලිස් ක්‍රිකට් සමාජයේ නලින් ප්‍රියදර්ශන කොල්ට්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ දී කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

Group A

CCC සහ කුරුණෑගල යූත් අතර තරගය CCC පිටියේ දී

  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 404 (101.4) නිමේෂ ගුණසිංහ 61, මිනෝද් භානුක 105, කමිඳු මෙන්ඩිස් 82, ලසිත් අබේරත්න 48, චමිඳු විජේසිංහ 32, ලක්ෂාන් සඳකැන් නොදැවී 30, දිනුෂ්ක මාලන් 2/68, සකිඳු විජේරත්න 3/115, අසිත වන්නිනායක 3/71, අසන්ත බස්නායක 2/28
  • කුරුණෑගල යූත් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (77.5) ගයාන් මනීෂාන් 46, දමිත් පෙරේරා 49, අසන්ත බස්නායක 21, සනෝජ් දර්ශික 37, දිනුෂ්ක මාලන් 49, අසිත ප්‍රනාන්දු 3/38, චමිඳු විජේසිංහ 2/38, ලක්ෂාන් සඳකැන් 4/51
  • කුරුණෑගල යූත් – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 318 (86) ගයාන් මනීෂාන් 117, සමීර සඳමාල් 46, දමිත් පෙරේරා 24, සනෝජ් දර්ශික 54, දිනුෂ්ක මාලන් නොදැවී 46, අසිත ප්‍රනාන්දු 2/15

තරගයේ විසඳුමක් නෑ

ලංකන් සහ BRC අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • ලංකන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 457 (121.2) දේශාන් ඩයස් 130, ප්‍රසන්සන ජයමාන්න නොදැවී 138, ගීත් කුමාර 39, කසුන් අබේරත්න 28, ඉසිවර දිසානායක 40, තිලකරත්න සම්පත් 3/70, දුවිඳු තිලකරත්න 5/113
  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 81 (23.4) උමේෂ් මොරායස් 22, රජීව වීරසිංහ 6/41, දමිත සිල්වා 2/22
  • BRC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 290 (61.1) ඩිලාන් ජයලත් 35, තිලකරත්න සම්පත් 63, දුශාන් හේමන්ත 39, මලින්ද ජයෝද් 31, ලහිරු සමරකෝන් 54, සුලෙක්ෂණ ශ්‍රීශාන් 38, රජීව වීරසිංහ 3/115, දමිත සිල්වා 3/62, ගීත් කුමාර 4/61

ලංකන් ක්‍රිකට් සමාජයට ඉනිමක සහ ලකුණු 86ක ජයක්

පොලිසිය සහ කෝල්ට්ස් අතර තරගය පොලිස් උද්‍යාන පිටියේ දී

  • කෝල්ට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 342 (93.2) අවිශ්ක පෙරේරා 53, හෂාන් දුමිඳු 75, ධනංජය ලක්ෂාන් 78, විශාද් රන්දික 45, දුනිත් වෙල්ලාලගේ 34, ජෙහාන් ඩැනියෙල් 25, නලින් ප්‍රියදර්ශන 5/125, සුපුන් මධුශංක 2/60
  • පොලිසිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 224 (76.4) හේෂාන් ධනුශ්ක 20, රන්දුණු ගංගනාත් 32, දුලාශ් උදයංග 35, සමන් කුමාර 26, මංජුල ජයවර්ධන 44, චතුරංග කුමාර 29, රුවන් සෙනෙවිරත්න 2/34, දුනිත් වෙල්ලාලගේ 6/86
  • කෝල්ට්ස් – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 145 (43) අවිශ්ක පෙරේරා 21, හෂාන් දුමිදු 72, විශාද් රන්දික 35, නලින් ප්‍රියදර්ශන 5/66
  • පොලිසිය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 265 (49.2) මධුරංග සොයිසා 55, හේෂාන් ධනුෂ්ක නොදැවී 101, දුලාශ් උදයංග 28, චතුරංග කුමාර 32, සුපුන් මධුශංක නොදැවී 37

පොලිස් ක්‍රීඩා සමාජයට කඩුලු 6ක ජයක්

කැන්ඩි කස්ටම්ස් සහ රාගම අතර තරගය තර්ස්ටන් පිටියේ දී

  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (87.3) ඉරෝෂ් සමරසූරිය 39, ඉමේෂ් උදයංග 67, විශ්ව විජේරත්න නොදැවී 102, චානක විජේසිංහ 24, සහන් අදීශ 21, උමේග චතුරංග 24, ජනිත් ලියනගේ 3/54, ඒෂාන් මාලිංග 2/97, හරීන් රත්නමුදලි 2/39
  • රාගම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 92 (35) නිශාන් මධුශ්ක 30, සහන් අදීශ 2/26, ඉමේෂ් උදයංග 4/36, මෙතුශ තිලිණ 3/10
  • කැන්ඩි කස්ටම්ස් – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 131 (47) ඉරෝෂ් සමරසූරිය 27, රශ්මික මධුශංක 40, ශෂික දුල්ශාන් 3/59, ඒෂාන් මාලිංග 3/19, යොහාන් ලියනගේ 2/05
  • රාගම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 293 (92) දිනෙත් තිමෝද්‍ය 80, සමින්ද ප්‍රනාන්දු 26, නිශාන් මධුශ්ක 70, අවිශ්ක තරිඳු 28, දුලාජ් බණ්ඩාර 31, සහන් අදීශ 3/50, ඉමේෂ් උදයංග 3/89, නිසල ආකාශ් 2/34

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 67ක ජයග්‍රහණයක්

සෙබස්තියනයිට්ස් සහ කළුතර අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • කළුතර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (63.2) සවන් කංකානම්ගේ 28, සුඛිත මනෝජ් 49, යෙසිත් රූපසිංහ 25, ඉෂාන් අබේසේකර 23, දිනෙත් මුණසිංහ 30, තරිඳු රත්නායක 6/78
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 173 (52.3) විමුද් සප්නක 33, ලොහාන් ද සොයිසා 28, සචිත ජයතිලක 25, තරිඳු රත්නායක 20, තරිඳු සිරිවර්ධන 4/23, තෙමල් බණ්ඩාර 2/58, ඉෂාන් අබේසේකර 4/36
  • කළුතර – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 400 (96.4) නිපුණ ගමගේ 62, යොහාන් මෙන්ඩිස් 48, සවන් කංකානමගේ 139, සුකිත මනෝජ් 36, චතුර පීරිස් නොදැවී 65, චාමිකර එදිරිසිංහ 3/109
  • සෙබස්තියනයිට්ස් – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 271 (63) ලොහාන් ද සොයිසා 129, සචිත ජයතිලක නොදැවී 53, තරිඳු සිරිවර්ධන 2/26, තෙමල් බණ්ඩාර 2/60, ඉශාන් අබේසේකර 3/111

තරගයේ විසඳුමක් නෑ.

SSC සහ මූවර්ස් අතර තරගය SSC ක්‍රීඩා පිටියේ දී

  • මූවර්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 355 (96.2) පබසර වඩුගේ 38, සොහාන් ද ලිවේරා 70, පසිඳු සූරියබණ්ඩාර 123, කවිඳු කුලසේකර 39, රමේෂ් මෙන්ඩිස් 33, නිසල තාරග 4/76, ප්‍රභාත් ජයසූරිය 5/93
  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 273 (100.2) නිපුන් ධනංජය 37, ක්‍රිශාන් සංජුල 35, සම්මු අශාන් 23, රොෂේන් සිල්වා 103, කවිඳු නදීශාන් 25, තීසාන් විතුසාන් 6/109, තිලංග උදේශන 2/36
  • මූවර්ස් – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 301 (67.5) පබසර වඩුගේ 56, රමේෂ් මෙන්ඩිස් නොදැවී 119, පසිඳු සූරියබණ්ඩාර 79, ප්‍රභාත් ජයසූරිය 3/110, හිමේෂ් රාමනායක 2/57

තරගයේ විසඳුමක් නෑ.

බ්ලූම්ෆීල්ඩ් සහ හලාවත මේරියන්ස් අතර තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ දී

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 552 (143.3) විශ්ව චතුරංග 172, Swanil Gugale 21, කසුන් විදුර 113, Gaurav Jathar නොදැවී 75, රවින් යසස් 117, රජින්ද පුංචිහේවා 24, මධුක ලියනපතිරණගේ 5/177, දිලීප ජයලත් 2/70, Hasnain Bokhari 2/50
  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 374 (126) ගජිත කොටුවේගොඩ 26, යොහාන් ද සිල්වා 25, චරිත් කුමාරසිංහ 35, මාධව වර්ණපුර නොදැවී 123, මධුක ලියනපතිරණගේ 31, ලහිරු මධුශංක නොදැවී 132, පුලින තරංග 2/75

තරගයේ විසඳුමක් නෑ.

නුගේගොඩ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 356 (80.2) උදයවංශ පරාක්‍රම 27, මිෂේන් සිල්වා 102, සුපේෂල ජයතිලක 57, රොස්කෝ තට්ටිල් 71, මොවින් සුබසිංහ 47, දුලංජන මෙන්ඩිස් නොදැවී 23, රනිත ලියනාරච්චි 3/33, සහන් නානායක්කාර 2/83, Qaiser Ashraf 2/59
  • නුගේගොඩ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 229 (102.4) අභිෂේක් ලියනාරච්චි 29, රුමේෂ් බුද්ධික 29, Qaiser Ashraf 70, සුවත් මෙන්ඩිස් 58, ගයාන් සිරිසෝම 5/45, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 2/35
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 173 (33) උදයවංශ පරාක්‍රම නොදැවී 103, රොස්කෝ තට්ටිල් නොදැවී 63, Qaiser Ashraf 3/53
  • නුගේගොඩ – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 101 (49) නයන ප්‍රනාන්දු 20, ගයාන් සිරිසෝම 4/37, දුලංජන මෙන්ඩිස් 2/09

තරගයේ විසඳුමක් නෑ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ NCC අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා නාවික හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 129 (54.2) සුපුන් ලීලාරත්න 45, විනෝද් පෙරේරා 20, ලසිත් ඇඹුල්දෙණිය 3/45, අශේන් ඩැනියෙල් 2/14, සහන් ආරච්චිගේ 3/23
  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (80.4) විනුක රූබසිංහ 70, කවින් බණ්ඩාර 23, සහන් ආරච්චිගේ 67, අහන් වික්‍රමසිංහ 22, අසෙල් සිගේරා 47, නිපුන් රන්සික 33, නවින් කවිකාර 2/87, මධුර මධුශංක 3/57, අසන්ත සිංගප්පුලි 3/49
  • ශ්‍රී ලංකා නාවික හමුදාව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 272 (78) අදීශ නානායක්කාර 53, මධුර මධුශංක 26, කවිඳු රණසිංහ 41, රශ්මික මෙවන් 56, සවින් ගුණසේකර 28, ලසිත් ඇඹුල්දෙණිය 2/93, අශේන් ඩැනියෙල් 3/87, අසේල් සිගේරා 2/21, සහන් ආරච්චිගේ 2/43
  • NCC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 108 (15.2) ලහිරු උදාර නොදැවී 53, කවින් බණ්ඩාර නොදැවී 53

NCC කණ්ඩායමට කඩුලු 10ක ජයක්

සැරසන්ස් සහ බදුරලිය අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 340 (126.1) නවිඳු විතානගේ 34, දුශාන් විමුක්ති 20, සිතාර ගිම්හාන් 82, මිලින්ද සිරිවර්ධන 107, ලහිරු ගමගේ 3/67, අනුක් ප්‍රනාන්දු 3/41, චලන ද සිල්වා 2/90, අලංකාර අසංක 2/82
  • බදුරලිය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 372 (118) Zahid Mansoor 100, අලංකාර අසංක 73, අනුක් ප්‍රනාන්දු 86, ගිහාන් රූපසිංහ නොදැවී 53, දුශාන් විමුක්ති 2/126, සඳුන් මෙන්ඩිස් 6/124
  • සැරසන්ස් – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 80 (19) සිතාර ගිම්හාන් 23, නිපුන් කරුණානායක නොදැවී 35

තරගයේ විසඳුමක් නෑ.

ටැමිල් යූනියන් සහ මීගමුව අතර තරගය පී. සරා Oval පිටියේ දී

  • ටැමිල් යූනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 375 (99) නවෝද් පරණවිතාන 46, රොන් චන්ද්‍රගුප්ත 70, සදීර සමරවික්‍රම 23, කමේෂ් නිර්මාල් 40, රවිඳු ප්‍රනාන්දු 105, දිලුම් සුදීර 55, චනුර ප්‍රනාන්දු 2/92, උපුල් ඉන්ද්‍රසිරි 5/109
  • මීගමුව – පළමු ඉනිම කඩුලු සියලුම දෙනා දැවී 147 (38.4) කවින් අල්මේදා 51, ඇන්ජලෝ ජයසිංහ 29, Jatin Saxena 34, ශිරාන් ප්‍රනාන්දු 2/35, දිලුම් සුදීර 3/36, රවිඳු ප්‍රනාන්දු 3/28
  • මීගමුව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 361 (105) පසිඳු ලක්ෂාන් 35, ජීවක ශෂීන් 130, දිමුත් සඳරුවන් 76, පසිඳු මධුශංක 25, උපුල් ඉන්ද්‍රසිරි 30, දිලුම් සුදීර 5/123, රවිඳු ප්‍රනාන්දු 2/82, රවින් ද සිල්වා 2/43
  • ටැමිල් යූනියන් – කඩුලු 5ක් දැවී 136 (21.1) නවෝද් පරණවිතාන 36, රොන් චන්ද්‍රගුප්ත 25, රවිඳු ප්‍රනාන්දු 21, කවිඳු පතිරත්න නොදැවී 25, පසිඳු මධුශාන් 2/46

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට කඩුලු 5ක ජයක්

තරගාවලියේ උණුසුම සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<