කෝල්ට්ස් සහ මුවර්ස්ට දැවැන්ත ජයග්‍රහණ

SLC අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය 2022

4387

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ තෙදින ප්‍රධාන පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග අද (21) නිමා වුනා.

එහි දී ගුවන් හමුදාව, යුද හමුදාව, කෝල්ට්ස්, මුවර්ස් සහ බදුරලිය කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

වමතින් දඟපන්දු යවන යුද හමුදා ක්‍රීඩක කෞමාල් නානායක්කාර බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව තරගය පුරාවට කඩුලු 13ක් දවාගෙන දස්කම් දැක්වූවා.

පළමු පෙළ අත්දැකීම් බහුල ක්‍රීඩක ගයාන් සිරිසෝම ද ගුවන් හමුදාව වෙනුවෙන් නාවික හමුදාවට එරෙහිව කඩුලු 12ක දස්කමක් දැක්වූවා.

රාගම ක්‍රිකට් සමාජය සහ ගාලු ක්‍රිකට් සමාජය අතර පැවති තරගයේ දී රාගම ක්‍රීඩක නිශාන් මදුශ්ක ඉනිම් දෙක තුල දී ම ශතක ලබාගෙන කැපී පෙනුණා.

වයස අවුරුදු 42ක් වන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වා ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූ අතර ඔහු අද දිනයේ දී පළමු පෙළ ලකුණු 15,000 සීමාව පසු කර යාමට සමත් වුනා. ඔහුගේ එම ඉනිම 4 පහර 9ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා.

ඊට අමතරව ගයාන් මනීශාන්, නුවනිඳු ප්‍රනාන්දු, හේශාන් ප්‍රනාන්දු සහ විනුර දුල්සර අද දිනය තුල ශතක ලබා ගන්නට සමත් වුනා.

Ace කැපිටල් ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය බ්ලුම්ෆිල්ඩ් ක්‍රීඩා පිටියේ දී,

  • Ace කැපිටල් පළමු ඉනිම – 471 (82.4): ලසිත් කෲස්පුල්ලේ 160, තනුක දාබරේ 133, Ninda Kadam 83, ටෙරෝන් බාස්කරන් 22, මොහොමඩ් ඩිල්ෂාඩ් 4/72, සඳුන් මෙන්ඩිස් 3/122, ඉසිත විජේසුන්දර 2/62
  • සැරසන්ස් පළමු ඉනිම – 501/9d (163): Muhammad Waqas 131, ඉසිත විජේසුන්දර 83, නවිඳු නිර්මාල් 76, සිතර ගිම්හාන 71, සසිත පල්ලියගුරු 38, චානක දේවින්ද 4/181.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී,

  • ගුවන් හමුදාව පළමු ඉනිම – 249 (84): ආධිත්‍ය සිරිවර්ධන 69, උදයවංශ පරාක්‍රම 54, සිතිජ චමෝද් 34, ගයාන් සිරිසෝම 22*, දිලංක අයුර්වඩ් 4/93, අයේෂ් දේවින්ද 3/76
  • නාවික හමුදා පළමු ඉනිම – 113 (31.2): සහන් කෝසල 39, කවිඳු රණසිංහ 25, ඔමේෂ් මෙන්ඩිස් 23, ගයාන් සිරිසෝම 7/41, දුලංජල මෙන්ඩිස් 2/22
  • ගුවන් හමුදා දෙවැනි ඉනිම – 200/6 (53): සිතිජ චමෝද් 69, උදේවංශ පරාක්‍රම 40, සසිඳු නානායක්කාර 31, දේවින්ද අයේෂ් 3/71, දිලංක අයුර්වඩ් 2/62
  • නාවික හමුදා දෙවැනි ඉනිම – 106 (53.3): රශ්මික මෙවන් 26, ගයාන් සිරිසෝම 5/39, දුලංජල මෙන්ඩිස් 2/19, දේශාන් ප්‍රනාන්දු 2/25

ගුවන් හමුදාවට ලකුණු 230ක ජයක්

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී,

  • යුද හමුදා පළමු ඉනිම – 256 (82.3) දිනේෂ් චන්දිමාල් 152, අසේල ගුණරත්න 28, ලක්ෂාන් එදිරිසිංහ 27, නිමේෂ් පෙරේරා 3/32, දිනෙත් සමරවීර 2/41, චානක කොමසාරු 2/116
  • බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම – 95 (31) කෞමාල් නානායක්කාර 5/46, ෂෙහද සොයිසා 2/05, අසංක මනෝජ් 2/34
  • යුද හමුදා දෙවැනි ඉනිම – 179/4d (46): ශෙහාන් ප්‍රනාන්දු 49, අසේල ගුණරත්න 41, තිසර පෙරේරා 28*, චානක කොමසාරු 2/50
  • බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම – 138 (43): ලහිරු මදුශංක 38*, මාධව වර්ණපුර 28, නෙත්ම කරුණාරත්න 25, කෞමාල් නානායක්කාර 8/75.

යුද හමුදාවට ලකුණු 202ක ජයක්

BRC සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය BRC පිටියේ දී,

  • පොලිස් පළමු ඉනිම – 172 (59): චතුරංග කුමාර 39, නදීර බාලසූරිය 37, චාමර සිල්වා 31, රන්දුනු ගංගනාත් 29, දුවිඳු තිලකරත්න 3/35, දුශාන් හේමන්ත 2/20.
  • BRC පළමු ඉනිම – 246 (71.4): ටී. එම්. සම්පත් 66, දනාල් හේමානන්ද 51, ලහිරු සමරකෝන් 34, ලියෝ ෆ්‍රැන්සිකෝ 29, නලින් ප්‍රියදර්ශන 4/85, ලහිරු දියන්ත 2/30
  • පොලිස් දෙවැනි ඉනිම – 347/8d (72/2): චාමර සිල්වා 111, හේෂාන් ප්‍රනාන්දු 110, දුශාන් හේමන්ත 3/63, ටී. එම්. සම්පත් 3/96
  • BRC දෙවැනි ඉනිම – 205/5 (60): ලහිරු සමරකෝන් 56, ඩිලාන් ජයලත් 51, මලිත් ද සිල්වා 2/30, නලින් ප්‍රියදර්ශන 2/84

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර තරගය කෝල්ට්ස් පිටියේ දී,

  • කෝල්ට්ස් පළමු ඉනිම – 506/4d (101): අවිශ්ක පෙරේරා 236, හෂාන් දුමිඳු 130, රවිඳු රශාන්ත 69*, විශාද් රන්දික 31*, නිසල ආකාශ් 2/103.
  • කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම – 70 (33.2): මොහොමඩ් ශිරාස් 5/25, අකිල දනංජය 3/11
  • කැන්ඩි කස්ටම්ස් දෙවැනි ඉනිම (F/O) – 96 (30.3): Sidddharth Chitnis 24, විශ්ව විජේරත්න 22, අකිල දනංජය 4/23, චමෝද් බටගේ 2/07, ධනංජය ලක්ෂාන් 2/33.

කෝල්ට්ස් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 370ක ජයක්

ගාල්ල ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී,

  • රාගම පළමු ඉනිම – 322/8d (89.1): නිශාන් මදුෂ්ක 150, ඉශාන් ජයරත්න 42*, නුශාල් ධර්මරත්න 40, දුලාජ් බණ්ඩාර 26, ඩෙලෝන් පීරිස් 24, හරීන් බුද්ධිල 3/72, රාජිත ප්‍රියාන් 2/72
  • ගාල්ල පළමු ඉනිම – 327 (114.3): විනුර දුල්සර 121, ඩිල්ශාන් කාංචන 93, සමීන් කන්දආරච්චි 27, ශෂික දුල්ශාන් 5/108
  • රාගම දෙවැනි ඉනිම – 212/5 (53.1): නිශාන් මදුෂ්ක 100, නුශාල් ධර්මරත්න 43, චතුර ලක්ෂාන් 2/42

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

කළුතර නාගරික සමාජය සහ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී,

  • කුරුණෑගල යොවුන් පළමු ඉනිම – 237 (86.2) මුදිත ප්‍රේමදාස 93*, ධනුෂ්ක ධර්මසිරි 55, අසන්ත බස්නායක 49, ඉන්ෂක සිරිවර්ධන 3/28, තෙමාල් බණ්ඩාර 3/40, තරිඳු සිරිවර්ධන 2/48
  • කළුතර පළමු ඉනිම – 268 (93.3): සදීශ් ජයවර්ධන 49, කෝසල රවිඳු 41, බවන්ත ජයසිංහ 33, ලහිරු ජයරත්න 4/52, නවීන් ජාගොඩ 2/67
  • කුරුණෑගල යොවුන් දෙවැනි ඉනිම – 271/5 (85): ගයාන් මනීශාන් 123, Muhammad Mohsin 45, අසන්ත බස්නායක 36, තරිඳු සිරිවර්ධන 2/71

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ලංකන් ක්‍රිකට් සමාජය අතර තරගය මුවර්ස් ක්‍රීඩා පිටියේ දී,

  • මුවර්ස් පළමු ඉනිම – 500/8d (101.4) පසිඳු සූරියබණ්ඩාර 133, රමේෂ් මෙන්ඩිස් 78, සොහාන් ද ලිවේරා 75, රිසිර වීරසූරිය 67*, ඉම්තියාස් ස්ලාසා 52, මොහොමඩ් ශමාස් 52, යසිරු තාරක 2/41, යසිරු රොද්‍රිගෝ 2/112, රජීව වීරසිංහ 3/118
  • ලන්කන් පළමු ඉනිම – 196 (93): දේශාන් ඩයස් 45, ෂෙහාන් ප්‍රනාන්දු 40, මිරංග වික්‍රමගේ 30, ඉසිවර දිසානායක 31, තේශාන් විතුසාන් 4/36, දිනුක ඩිල්ශාන් 2/37
  • ලන්කන් දෙවැනි ඉනිම (F/O) – 196 (93): ෂෙහාන් ප්‍රනාන්දු 64, සංඛ පූර්ණ 31, චානුක ඩිල්ෂාන් 4/39, තිලංග උදීෂණ 2/33, තේශාන් විතුසාන් 2/39.

මුවර්ස් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 104ක ජයක්

මීගමුව ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය අතර තරගය කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩා පිටියේ දී,

  • බදුරලිය පළමු ඉනිම – 301 (96.4): අනුක් ප්‍රනාන්දු 109*, දුනිත් ජයතුංග 84, ගිහාන් රූපසිංහ 41, ධනුෂ්ක සඳරුවන් 5/65
  • මීගමුව පළමු ඉනිම – 80 (31.5): Mizanur Rahman 35, චලන ද සිල්වා 6/41, නිර්මල රත්නායක 3/17
  • මීගමුව දෙවැනි ඉනිම (F/O) – 270 (84.4): Jatin Saxena 103, දිමුත් සඳරුවන් 48, ජීවක රශ්මික 48, අලංකාර අසංක 4/70, නිර්මල රත්නායක 3/64, අනුක් ප්‍රනාන්දු 2/34
  • බදුරලිය දෙවැනි ඉනිම – 51/3 (7.5): අනුක් ප්‍රනාන්දු 22*

බදුරලිය කණ්ඩායමට කඩුලු 7ක ජයක්

පානදුර ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී,

  • පානදුර පළමු ඉනිම – 153 (47.3): පවන් සංදේශ් 44, රොෂාන් විජේනායක 37, ඉරුෂික තිමිර 6/62, අවිඳු තීක්ෂණ 3/34
  • හලාවත මේරියන්ස් පළමු ඉනිම – 259 (80): Jathar 64, Anuj Jotin 53, ඉරෝෂ් ප්‍රනාන්දු 29, පුලින තරංග 25, නිපුන් ප්‍රේමරත්න 23, නිමේෂ් විමුක්ති 5/103, කොශාන් ජයවික්‍රම 4/58
  • පානදුර දෙවැනි ඉනිම – 103 (47.1): රොෂාන් විජේනායක 80*, Palawat 57, කොශාන් ජයවික්‍රම 50, පවන් සංදේශ් 41, කේෂර නුවන්ත 2/43, තිමිර ඉරුෂික 2/117
  • හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම – 90/5 (36): චමෝද් සඳරු 21, රවීන් යසස් 21, ධනුෂ්ක රණසිංහ 3/35

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

SSC සහ CCC අතර තරගය SSC පිටියේ දී,

  • CCC පළමු ඉනිම – 523/8d (124): කමිඳු මෙන්ඩිස් 147, ලසිත් අබේරත්න 92, මිනෝද් භානුක 74, නිමේශ ගුණසිංහ 64, අශාන් ප්‍රියංජන් 53, පවන් රත්නායක 44, චමිඳු විජේසිංහ 34, ලක්ෂිත රසාංජන 3/119, කලණ පෙරේරා 2/60
  • SSC පළමු ඉනිම – 379 (97.5): නුවනිඳු ප්‍රනාන්දු 119, නිපුන් ධනංජය 80, සම්මු අශාන් 68, ක්‍රිෂාන් සංජුල 56, මලින්ද පුෂ්පකුමාර 3/84, චමිඳු විජේසිංහ 2/48, විශ්ව ප්‍රනාන්දු 2/68, අශාන් ප්‍රියන්ජන් 2/85
  • CCC දෙවැනි ඉනිම – 182/5 (35): මිනෝද් භානුක 74, පවන්ත වීරසිංහ 35, පවන් රත්නායක 33, කවිඳු නදීෂාන් 3/22

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ටැමිල් යූනියන් සහ NCC අතර තරගය පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ දී,

  • ටැමිල් යූනියන් පළමු ඉනිම – 307 (92.4): සදීර සමරවික්‍රම 117, කමේෂ් නිර්මාල් 55, සන්තුෂ් ගුණතිලක 40, රවිඳු ප්‍රනාන්දු 24, දිල්රුවන් පෙරේරා 24, ලසිත් ඇඹුල්දෙණිය 4/108, අශේන් ඩැනියල් 3/72
  • NCC පළමු ඉනිම – 180 (55.4): ලහිරු උදාර 71, කවීන් බණ්ඩාර 24, නිරෝෂන් දික්වැල්ල 21, ඩිල්රුවන් පෙරේරා 3/45, කවිඳු පතිරත්න 2/30
  • ටැමිල් යූනියන් දෙවැනි ඉනිම – 54/1 (15.2): සදීර සමරවික්‍රම 57, රවිඳු ප්‍රනාන්දු 28, සන්තුෂ් ගුණතිලක 36, අශේන් ඩැනියල් 4/88, ලසිත් ඇඹුල්දෙණිය 3/93
  • NCC දෙවැනි ඉනිම – 229/5 (57): අශෙල් සිගේරා 74*, කවීන් බණ්ඩාර 41, සහන් ආරච්චිගේ 40, ලහිරු උදාර 36, රවිඳු ප්‍රනාන්දු 2/43, දිලුම් සුධීර 2/78

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

තරගාවලියේ දෙවැනි සතියේ තරග මීළඟ සිකුරාදා (26) ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<