ශ්‍රී ලංකා A ක්‍රීඩකයන්ට බංගලියන්ගෙන් පන්දු රැකීමේ පුහුණු සැසියක්

1718

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායමේ මොසඩැක් හුසේන් සහ සබීර් රහමන් එක්ව සිව්වැනි කඩුල්ල සඳහා එක් කළ ලකුණු 209ක සබඳතාව ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට දවස පුරා ලබා දුන් වෙහෙසකර පන්දු රැකීමේ පුහුණු සැසියක් විය. මොසඩැක් සහ සබීර් දෙදෙනාම ශතක රැස් කිරීමට සමත් වෙද්දී ලංකා ක්‍රීඩකයන්ට දිනය පුරාම පන්දු රකිමින් ලබා ගත හැකි වූයේ කඩුලු 2ක් පමණි.

තිරිමාන්නගේ දැවැන්ත පිතිප්‍රහාරය හමුවේ බංගලියන්ගේ පෙන හැකිළේ

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හී සාහුර් අහමඩ් චෞද්‍රි ක්‍රිකට්…

චිතගොං හී සාහුර් අහමඩ් චෞද්‍රි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (28) නිමාවේ දී පළමු ඉනිමට ක්‍රීඩා කරන බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 360ක් ලබා සිටිය හ. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත්තේ කඩුලු 8කට ලකුණු 449කි. ඒ අනුව බංගලියන්ට ශ්‍රී ලංකා පළමු ඉනිම හා සම තත්ත්වයට පිවිසීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 89කි. ඒ සඳහා ඔවුන්ට තවත් කඩුලු  6ක් ඉතිරිව ඇත.

තරගය දෙවැනි දිනයට නතර කරන විට බංග්ලාදේශ A ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 44ක් ලබා සිටිය හ. ඒ වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටි තුෂාර් ඉම්රාන් සහ නායක මොසඩැක් හුසේන් තෙවැනි දිනටත් පිටියට පිවිසෙමින් බංග්ලාදේශ ලකුණු පුවරුව 74ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ තුෂාර් ඉම්රාන් ලකුණු 25ක් ලබා පිටියෙන් ඉවත් විය.

අනතුරුව නායකයාට එක් වූයේ සබීර් රහමන් ය.  දෙදෙනා එක්ව දවසේ දිවා විවේකය තෙක් කඩුලු රැක ගත් අතර ඒ වෙද්දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 138ක් ලබා සිටියහ.

මොවුන් දෙදෙනා එක්ව දෙවැනි සැසිය සහමුලින්ම තමන් සන්තක කර ගත් අතර තේ විවේකයේ දී බංග්ලාදේශ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 348ක් ලෙසිනි.

තේ විවේකයෙන් අනතුරුව ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් තම ඉනිම නිමා කර ගත් නායක මොසඩැක් හුසේන් දැවී යන විට ලකුණු 135ක් ලබා සිටියේය. ඔහුගේ ඉනිමට පන්දු 243ක් වැය වී තිබූ අතර හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් ඊට ඇතුලත් කර තිබුණි.

දිනය අවසාන වෙද්දී දකුණත් පිතිකරු සබීර් හසන් තමන්ගේ හොඳම ජාත්‍යන්තර ඉනිම ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 144ක් ලබා සිටියේය. ඔහුගේ ඉනිමට පන්දු 257ක් වැයව තිබූ අතර හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුලත්ව තිබුණි. අනෙක් අන්තයෙන් සකීර් හසන් නොදැවී ලකුණු 27ක් ලබා සිටියහ. මොවුන් දෙදෙනා අතර ද සබඳතාව මේ වෙද්දී ලකුණු 77කි.

හතුරුසිංහ කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස් හෙළි කරයි

සුරංග ලක්මාල්ගේ නායකත්වයත් සමඟ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙවැනි ඉනිමේ දී කොදෙව් ක්‍රීඩකයින් අමාරුවේ දමමින් විශේෂ පන්දු යැවීමක නිරත වූ නිසා…

දිනයේ වැටුණ කඩුලු දෙකේ හිමිකාරිත්වය ලක්ෂාන් සඳකැන් සහ ප්‍රභාත් ජයසූරිය සතු වූ අතර බංග්ලාදේශ පිතිප්‍රහාරය මෙල්ල කිරීමට ශ්‍රී ලංකා නායකයාට පන්දු යවන්නෝ අට දෙනෙක් කැඳවීමට ද සිදු විය. එහෙත් අත්වූ සුගතියක් නම් නැත.  

හෙට (29) තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා A කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 449 (131.1): දිමුත් කරුණාරත්න 60, ලහිරු තිරිමාන්න 168, අශාන් ප්‍රියංජන් 23, චරිත් අසලංක 90, සම්මු අශාන් 70, නිසල තාරක 20, අබු හයිඩර් රොනි 2/69, කාලිඩ් අහමඩ් 4/92

බංග්ලාදේශ A කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 360 (112.0): සෞම්‍ය සාකර් 21, තුෂාර් ඉම්රාන් 25, මොසඩැක් හුසේන් 135,  සබීර් රාහ්මන් නොදැවී 144, සකීර් හසන් නොදැවී 27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<