තීරණාත්මකම මොහොතේ කෝලිගෙන් නායකත්වයේ ඉනිමක්

103

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ කටක් හි අද (22) දිනයේ දී පැවති තෙවන සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය. 

රෝහිත් – රාහුල් සුසංයෝගය ඉදිරියේ කොදෙව්වන් දණ නමයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ…

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට ඉන්දීය නායක විරාත් කෝලි තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරණ යුගලය බවට පත්වූයේ ශයි හෝප් සහ එවින් ලුවිස් යුගලය යි. 

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවයක් ගොඩ නැගුනු අතර ඉන් ලකුණු 21ක් රැස්කර ගත් ලුවිස්, ඉනිමේ පළමු කඩුල්ල වශයෙන් දැවී ගියේ රවින්ද්ර ජඩේජාගේ පන්දුවක් හමුවේය. ප්රවේගකාරී පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින එවින් ලුවිස් මෙම ඉනිමේ දී තම ලකුණු 21 රැස්කර ගැනීමට පන්දු 50ක්ම වැය කළේ කොදෙව්වන්ට අමතර පීඩනයක් ලබා දෙමිනි. 

ඉන් වැඩි වේලාවක් යාමට මත්තෙන් කොදෙව් දෙවන කඩුල්ල වශයෙන් ලකුණු අතර සිටින ෂයො හෝප් දැවී ගියේ මොහොමඩ් ශමීගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙනි. මුළු ලකුණු සංඛ්යාව 70ක් වන විට ඔහු දැවී ගියේ ලකුණු 42ක් ලබා සිටිය දීය. 

අනතුරුව පිටියට පිවිසි රොස්ටන් චේස් සහ ශිම්රොන් හෙට්මයර් දෙදෙනාට ද දිගු ඉනිම් කරා යාමේ අවකාශ නොලැබුණු අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 38ක් සහ 37ක් රැස්කර ගැනීමට සමත් විය. 

එහෙත් ඉන් පසුව පිටියේ එක්වූ නිකලස් පූරන් සහ කිරන් පොලාර්ඩ් යුගලය කොදෙව් ඉනිමට ශක්තිමත් අඩිතාලමක් ලබාදෙමින් පස්වන කඩුල්ල සඳහා ලකුණු 135ක දැවැන්ත සබඳතාවයක් පිහිටුවීමට සමත් වූයේ ඉන්දීය පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙමිනි. 

එහිදී කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නිකලස් පූරන් පන්දු 64කට මුහුණ දෙමින් ලකුණු 89ක් රැස්කර ගැනීමට සමත් වූයේ තම ඉනිමට හතරේ පහරවල් 10ක් සහ දැවැන්ත හයේ පහරවල් 3ක් ඇතුළත් කරමිනි. 

ඊට නොදෙවනි ලෙස නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ කිරන් පොලාර්ඩ් පන්දු 51කින් ලකුණු 74ක් රැස්කර ගැනීමට සමත් වූයේ ඉනිම අවසන් වන තුරු නොදැවී කඩුල්ලේ රැඳී සිටිමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 3ක් සහ දැවැන්ත හයේ පහරවල් 7ක්ම ඇතුළත් විය. 

කෙසේ වෙතත් කොදෙව් ඉනිම 279ක් ලෙස සටහන් වන විට පූරන් තම ඉනිම නිමා කළේ ශර්දුල් තාකූර්ගේ ගොදුරක් බවට පත්වෙමිනි. 

අවසානයේ කොදෙව්වන් තම නියමිත පන්දුවාර 50 නිමා වන විට කඩුළු 5ක් දැවී ලකුණු 315ක් රැස්කර ගැනීමට සමත් වූයේ ඉන්දියාවට අභියෝගාත්මක ඉලක්කයක් හිමිකර දෙමිනි. 

පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූයේ තම මංගල එක්දින ජාත්යන්තර තරගයට ක්රීඩා කළ නව්දීප් සයිනි ය. ඔහු පන්දු යැවීමේ දී ලකුණු 58කට කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය. 

පාකිස්තානයේ අම්ජාඩ් ශතකයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර තරගාවලියේ අද (22) දිනයේ…

අනතුරුව ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට පිවිසියේ රෝහිත් ශර්මා සහ කේ.එල්. රාහුල් යුගලය යි. 

එහිදී යළිත් වරක් කොදෙව් පන්දු යවන්නන්ව තම ආධිපත්යයට නතුකර ගැනීමට ශර්මා සහ කේ.එල්. රාහුල් යුගලය සමත් වූයේ පළමු කඩුල්ල සඳහා සාර්ථක ලකුණු 122ක සබඳතාවයක් ගොඩ නගමිනි. 

ඒ අතරින් රෝහිත් ශර්මා ලකුණු 63ක් රැස්කර ගෙන සිටිය දී පළමු කඩුල්ල වශයෙන් දැවී ගිය අතර ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ඔහු දැවී ගියේ ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් හමුවේ ය. 

අනතුරුව කේ.එල්. රාහුල් සමඟින් පිටියේ එක්වූයේ නායක විරාත් කෝලි ය. දෙවන කඩුල්ල සඳහා ඔවුන් දෙදෙනා අතර ලකුණු 45ක සබඳතාවයක් ගොඩ නැගුණු අතර එම සබඳතාවය බිඳ දැමීමට අල්සාරි ජෝසප් සමත් වූයේ පන්දු 89කට මුහුණ දී ලකුණු 77ක් රැස්කර ගෙන සිටි කේ.එල්. රාහුල්ව දවාලමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. 

එහෙත් ඉන් පසුව ඉන්දීය ඉනිමේ කඩා වැටීම ආරම්භ වූයේ ඉන්දීය මැදපෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 10කට අඩු ලකුණු සංඛ්යා වලට අනපේක්ෂිත අයුරින් දැවී යාම හේතුවෙනි. 

එහිදී ශ්රෙයාස් අයියර් සහ රිෂාබ් පාන්ට් දෙදෙනා ලකුණු 7 බැගින් ද, කේදාර් ජාදව් ලකුණු 9ක් රැස්කර ගෙන සිටිය දීද දැවීගියේ ඉන්දීය ලකුණු පුවරුව 228/5ක් බවට පත්කරමිනි. 

එහෙත් අනෙක් අන්තයේ හුදකලා වූ නායක විරාත් කෝලි ලකුණු පන්දු 81කට මුහුණ දෙමින් ලකුණු 85ක් රැස්කර ගැනීමට සමත් වූයේ සටන්කාමී ඉනිමක් ක්රීඩා කරමිනි. තම නායකත්වයේ වගකීම කරට ගනිමින් අවසානයේ ඔහු තම කණ්ඩායම ජයග්රහණය කරා කැඳවාගෙන යාමට සමත් වූයේ කලකට පසු යළිත් ලකුණු අතරට පිවිසෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 9ක් අන්තර්ගත වූ අතර ඉන්දීය මුළු ලකුණු සංඛ්යාව 286ක් වනවිට හයවන කඩුල්ල වශයෙන් ඔහු දැවී ගියේ කීමෝ පෝල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙනි. නායක විරාත් කෝලි සහ රවින්ද්ර ජඩේජා අතර හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සබඳතාවයක් පැවති අතර ජඩේජා අනෙක් අන්තයේ රැඳී සිටිමින් කෝලිට අගනා සගයක් ලබාදීමට සමත් විය. 

පරාජයේ අඳුරු සෙවනැලි මැද ඕෂධගෙන් ශතකයක්!

මුල් ඉනිම අවසන් වෙද්දී වැඩි වාසි ලබාගෙන තිබූ ටෙස්ට් තරගයක් දෙවැනි ඉනිමේ දැක්වූ දියාරු ක්‍රීඩා විලාශය…

එහෙත් කෝලිගේ දැවී යාමත් සමඟම තරගය දෙපිලටම විවෘත තරගයක් බවට පත්විය. නමුත් ඉන් අනතුරුව ජඩේජා සමඟ පිටියේ එක්වූ ශර්දුල් තාකූර් තරගයේ ජයග්රහණය හිමිකර ගන්නා තුරුම කඩුල්ලේ රැඳී සිටියේ පන්දු 15ක දී වේගවත් ලකුණු 30ක සබඳතාවයක් ගොඩ නගමිනි. 

එහිදී රවින්ද්ර ජඩේජා පන්දු 31කට මුහුණ දෙමින් ලකුණු 39ක් රැස්කර ගැනීමට සමත් වූ අතර ශර්දුල් තාකූර් පන්දු 6කට මුහුණ දී ප්රවේගකාරී ලකුණු 17ක් රැස්කර ගැනීමට සමත් විය. 

ඒ අනුව ඉන්දියාව පන්දුවාර 48.4ක දී තම ජයග්රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් වූයේ කඩුලු 4ක ජයග්රහණයක් වාර්තා කරමිනි. 

පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ කීමෝ පෝල් ලකුණු 59කට කඩුළු 3ක් වශයෙන් තම පන්දු යැවීම සටහන් කළේය. 

මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් වශයෙන් ජය ගැනීමට ඉන්දියාව සමත් විය. තරගයේ වීරයා වශයෙන් විරාත් කෝලි නම් කෙරුනු අතර තරගාවලියේ වීරයා වශයෙන් රෝහිත් ශර්මා පිදුම් ලැබීය.

බටහිර ඉන්දීය කොදෙව් : 315/5 (පන්දුවාර 50) නිකලස් පූරන් 89 (64), කිරන් පොලාර්ඩ් 74* (51) ෂයි හෝප් 42 (50), නව්දීප් සයිනි 2/58. 

ඉන්දියාව : 316/6 (පන්දුවාර 48.4) විරාත් කෝලි 85 (81), කේ.එල්.රාහුල් 77 (89), රෝහිත් ශර්මා 63 (63) කීමෝ පෝල් 3/59. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<