යොවුන් ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව කාලසටහන

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

11361

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අද (23) අලුයම නිමාවට පත්වුනා.

ඒ අනුව එහි අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් මෙන්ම සුපර් ලීග් සහ පලඟ කාලසටහන් මේ වන විට නිල වශයෙන් තහවුරු වී තිබෙනවා.

මූලික වටයේ දී එක් එක් කාණ්ඩ යටතේ කණ්ඩායම් දැක්වූ දස්කම් අනුව එංගලන්තය, බංග්ලාදේශය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

ඒ අතරින් එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරගාවලිය තුල තවමත් සිටින්නේ අපරාජිතාවයි.

මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග සඳහා සහභාගී වුනු කණ්ඩායම් සහ කාණ්ඩ,

  • A – බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය
  • B – ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, උගන්ඩාව
  • C – ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියා, සිම්බාබ්වේ
  • D – ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්

මෙවර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජයට පත් කරමින් මේ වන විට අර්ධ අවසන් පූර්ව තරග වටය දක්වා සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් 2016 වසරට පසුව 19න් පහළ ලෝක කුසලානය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි.

මූලික වටයේ දී ශ්‍රී ලංකාව දැක්වූ දස්කම්,

  • ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 40ක ජයක්
  • ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 4ක ජයක්
  • බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 3ක ජයක්

සුපර් ලීග් අර්ධ අවසන් පූර්ව වටයේ කාලසටහන

  • ජනවාරි 26 – පළමු අර්ධ අවසන් පූර්ව තරගය – එංගලන්තය සහ දකුණු අප්‍රිකාව – Sir Vivian Richards ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 27 – සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය – Coolidge හිදී
  • ජනවාරි 28 – තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව – Sir Vivian Richards ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 29 – දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – ඉන්දියාව සහ බංග්ලාදේශය – Coolidge හිදී

මූලික වටයෙන් කුසලාන තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වුනු කණ්ඩායම් 8 පලඟ ශූරතාවය වෙනුවෙන් සටන් වදිනවා.

පලඟ අර්ධ අවසන් පූර්ව වටයේ කාලසටහන

  • ජනවාරි 25 – පළමු පලඟ අවසන් පූර්ව තරගය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ උගන්ඩාව – Queen’s Park Oval හිදී
  • ජනවාරි 25 – දෙවැනි පලඟ අවසන් පූර්ව තරගය – අයර්ලන්තය සහ කැනඩාව – Brian Lara ඇකඩමි ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 26 – තෙවැනි පලඟ අවසන් පූර්ව තරගය – සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය – Queen’s Park Oval හිදී
  • ජනවාරි 26 – සිව්වැනි පලඟ අවසන් පූර්ව තරගය – බටහිර ඉන්දීය කොදෙව් සහ පැපුවා නිව් ගිනියාව – Brian Lara ඇකඩමි ක්‍රීඩාංගණයේ

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයක් සඳහා පැමිණ තිබෙන්නේ 2000 වසරේ දී පමණයි. මලින්ත ගජනායකගේ නායකත්වය යටතේ එම අවසන් මහා තරගයට පැමිණි සත්කාරක ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයට පත්වුනා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<