කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 20 වැනි වරටත් පැවැති අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලාන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය (17) සමත් වුණා.
මහානාම විද්‍යාලය මෙම ශූරතාව දිනා ගන්නේ 13 වැනි වතාවටයි.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පන්දුවාර 42කට සිමා වූ අතර එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහානාම විද්‍යාලය ඉනිමේ තවත් පන්දු 71ක් ඉතිරි කර ගනිමින් කඩුලු 3ක් දැවී ලකුණු 196ක් ලබා ගත්තා.
මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දුල්නිත් සිගේරා (නායකයා), සිනෙත් වීරරත්න, වෙනුර කවීත්‍ර, චාමික හීනටිගල, සනුල් වීරරත්න, ගීත් සඳරුවන්, ගිමන්ත දිසානායක, සිතුම් විහඟ, ඒශාන් විතානගේ (කඩුලු රකින්නා), තවිරු පෙරේරා, යශේන් ගුණතිලක,
ඩී. එස්. සේනානායක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රන්දීශ බණ්ඩාරනායක (නායක), මියුරු බණ්ඩාර, බිහාන් ගමගේ, සිත්රු ගුණරත්න, ජනිඳු රණසිංහ, ශෙවාන් වෙල්ගම (කඩුලු රකින්නා), හමීඩ් අෆ්ඩාල්, ශනාල් බිනුක්ෂ, චනුල් අතලේ, ඔෂධ පෙරේරා, බාසුරු ජයසේන.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසිය ද ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ.
ආරම්භක පිතිකරුවන් වූ මියුරු බණ්ඩාර (11) සහ බිහාල් ගමගේ (4) ලකුණු 18ක් වෙද්දී ඉනිම හැර යෑමත් සමඟින් ඔවුන් මෙම තත්ත්වයට ඇද වැටෙනවා. නමුත් ඊට පසු ව 3 වැනි කඩුල්ලට එක් වූ සිත්රු ගුණරත්න සහ ජනිඳු රණසිංහ එම තත්ත්වය සහමුලින් ම වෙනස් කරනවා.
ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 115ක දී ලකුණු 74ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා. ජනිඳු රණසිංහ පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 29කට දැවී යෑමත් සමඟින් එම සබඳතාව බිඳී යන අතර ඊට පසුව පිටියට පිවිසි ශෙවාන් වෙල්ගම ලකුණු 5කට සිව් වැනි කඩුල්ලට දැවී යනවා.
ආරම්භක පිතිකරු සිත්රු ගුණරත්න ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.
එම කඩුල්ලෙන් අනතුරු ව හමීඩ් අෆ්ඩාල් සහ ශනාල් බිනුශ්ක එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 64ක දී ලකුණු 52ක සබඳතාවක් එක් කරනවා. හමීඩ් අෆ්ඩාල් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර ශනාල් බිනුශ්ක ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 58ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී දුල්නිත් සිගේරා ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ගීත් සඳරුවන්, සනුල් වීරරත්න සහ චාමික හීනටිගල කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
- SLC සියලුම ආකාරයේ තරග කල් දමයි
- රන් සටන විසඳුමකින් තොරව අවසන් වෙයි
- ඩී. එස්. – මහානාම රන් ගැටුමටත් කඳවුරු සූදානම්
- Peshawar Zalmi 2026 PSL ශූරතාව දිනයි!
- කෝට්ටේ එක්දින සටනේ ජයත් CMS විද්‍යාලයට
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගන්නවා. එහි දී පෙරමුණ ගන්නේ ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි සිනෙත් වීරරත්න සහ නායක දුල්නිත් සිගේරා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 21ක දී ලකුණු 44ක සබඳතාවක් එක් කරනවා.
සිනෙත් වීරරත්න පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 37කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසෙන්නේ වෙනුර කවීත්‍ර. ඔහු ද එම තත්ත්වය දිගින් දිගට ම පවත්වාගෙන යන අතර දුල්නිත් සිගේරා සහ වෙනුර කවීත්‍ර 2 වැනි කඩුල්ලට පන්දු 59ක දී ලකුණු 56ක සබඳතාවක් එක් කරනවා.
දුල්නිත් සිගේරා ගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. ඔහු දැවී යන විට පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 3 වැනි පන්දුවේ දී චාමික හීනටිගල ලකුණු නොලබා ම දැවී යනවා.
එම දැවී යෑමෙන් අනතුරු ව නැවත මහානාම විද්‍යාලයීය ඉනිමට සාර්ථක ඉනිමක් එක් කිරීමට වෙනුර කවීත්‍ර සහ සනුල් වීරරත්න සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 98ක දී ලකුණු 96ක සබඳතාවක් ගොඩ නගමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යනවා.
ඒ වෙද්දී වෙනුර කවීත්‍ර පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවි ලකුණු 55ක් ද සහ සනුල් වීරරත්න පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 57ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී බාසුරු ජයසේන ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ඔෂධ පෙරේරා කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඩී. එස්. සේනානායක විද්‍යාලය – කඩුලු 9ක් දැවී 194 (42.0)සිත්රු ගුණරත්න 51, ජනිඳු රණසිංහ 29, හමිඩ් අෆ්ඩාල් 29, ශනාල් බිනුක්ෂ 58, ගීත් සඳරුවන් 2/18, දුල්නිත් සිගේරා 3/30, චාමික හීනටිගල 2/47, සනුල් වීරරත්න 2/30
- මහානාම විද්‍යාලය – කඩුලු 3ක් දැවී 196 (30.1)සිනෙත් වීරරත්න 37, දුල්නිත් සිගේරා 31, වෙනුර කවීත්‍ර නොදැවි 55, සනුල් වීරරත්න නොදැවී 57, බාසුරු ජයසේන 2/34
මහානාම විද්‍යාලයට කඩුලු 7ක ජයක්.
තරගයේ දක්ෂතම පන්දු රකින්නා – සිත්රු ගුණරත්න (ඩී. එස්. සේනානායක විද්‍යාලය)
තරගයේ දක්ෂතම පන්දු යවන්නා – දුල්නිත් සිගේරා (මහානාම විද්‍යාලය)
තරගයේ දක්ෂතම පිතිකරු – වෙනුර කවීත්‍ර (මහානාම විද්‍යාලය)
තරගයේ වීරයා – සනුල් වීරරත්න (මහානාම විද්‍යාලය)
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















