මාලිගේ තැන දසුන් ශානකට

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය 2021

524

එළඹෙන කොදෙව් සංචාරයේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක වෙත ලබා දීමට වැඩි ඉඩක් තිබෙන බව වාර්තා වෙනවා.

දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග තුනක් ඇතුළත් වන අතර විස්සයි විස්ස තරග තුන මාර්තු 3, 5 සහ 7 යන තෙදින පුරාවට Antigua හිදී පැවැත්වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

ශානක 2019 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයේ දී එවකට ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ සිටි පාකිස්තානු කණ්ඩායම 3-0ක් ලෙස පරාජයට පත් කරමින් නායකයෙක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කැපී පෙනුණා.

එසේම ඔහු බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් සඳහා ද සහභාගී වෙමින් ක්‍රිකට් පිටිය තුල අත්දැකීම් රැසක් තිබෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ශානක නිමා වූ LPL ක්‍රිකට් තරගාවලියේ දී Dambulla Viiking කණ්ඩායමේ නායකත්වය දරමින් අවසන් පූර්ව වටය දක්වා සිය කණ්ඩායම රැගෙන ඒමට සමත් වුනා.

මේ තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතය තුල ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග ඇතුලත්ව නොසිටි අතර 2020 වසර ආරම්භයේ දී පැවති ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ලසිත් මාලිංගයි. එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව 2-0ක් ලෙස පරාජයට පත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<