සනෝජ් සහ මහේෂ් මංගල ශතක වාර්තා කරයි

SLC Major League Cricket Tournament 2022

227

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ 8 වැනි සතියේ අවසන් දිනය වූ අද දවස (09) නිමා වන විට ශතක 7ක් වාර්තා වූ අතර සනෝජ් දර්ශික සහ මහේෂ් කුමාර තම පළමු පෙළ තරගවල මංගල ශතක වාර්තා කිරීමට සමත් වුනා.

කුරුණෑගල යූත් කණ්ඩායමේ සනෝජ් දර්ශික ගාල්ල කණ්ඩායමට එරෙහිව පන්දු 238කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 142ක් රැස් කරගත්තා. පෙර දිනයේ නොදැවී ලකුණු 21ක් වාර්තා කරගෙන සිටි යුද හමුදා කණ්ඩායමේ මහේෂ් කුමාර ටැමිල් යුනියන් ක්‍රීඩකයන්ට එරෙහිව පන්දු 208කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 109ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර ගාල්ල කණ්ඩායමේ 22 හැවිරිදි වමත් පිතිකරු විනුර දුල්සර කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිව පන්දු 169කට මුහුණ දී හතරේ පහර 15ක් සමඟින් ලකුණු 102ක් රැස් කරගත්තා.

පෙර දින නොදැවී ලකුණු 71ක් රැස් කරගෙන සිටි NCC කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි නුගේගොඩ කණ්ඩායමට එරෙහිව පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 165ක් රැස් කරගනිද්දී ලංකන් ක්‍රිකට් කණ්ඩායමේ 24 හැවිරිදි දකුණත් පිතිකරු කසුන් අබේරත්න රාගම කණ්ඩායමට එරෙහිව පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 101ක් වාර්තා කරගත්තා.

මේ අතර සැරසන්ස් කණ්ඩායමේ නායක මිලින්ද සිරිවර්ධන මීගමුව කණ්ඩායමට එරෙහිව පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 110ක් රැස් කරගත්තා. කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ නායක සංගීත් කුරේ SSC කණ්ඩායමට එරෙහිව පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 100ක් වාර්තා කරගත්තා.

මුවර්ස් කණ්ඩායමේ මොහොමඩ් ෂමාස්, හලාවත මේරියන්ස් කණ්ඩායමේ රවීන් යසස්, බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ යොහාන් ද සිල්වා සහ ගජිත කොටුවේගොඩ, ගාල්ල කණ්ඩායමේ සමීර කඳනාරච්චි සහ චතුර ලක්ෂාන්, BRC කණ්ඩායමේ දනාල් හේමානන්ද සහ ලහිරු සමරකෝන්, NCC කණ්ඩායමේ අසේල් සිගේරා, ලංකන් කණ්ඩායමේ ගීත් කුමාර, දමිත සිල්වා සහ දේශාන් ඩයස්, කෝල්ට්ස් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් සහ හෂාන් දුමිඳු, යුද හමුදාවේ පැතුම් බොතේජු, ටැමිල් යුනියන් කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු අද අර්ධ ශතක ලාභීන් කණ්ඩායමට එක්වූවා.

පන්දු යැවීමේ දී පානදුර කණ්ඩායමේ නිමේෂ් විමුක්ති නාවික හමුදාවට එරෙහි තරගයේ දී කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

ඊට අමතරව මුවර්ස් කණ්ඩායමේ චානුක ඩිල්ශාන්, පානදුර කණ්ඩායමේ කොෂාන් දනුශ්ක, NCC කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය සහ SSC කණ්ඩායමේ නිසල තාරක කඩුලු 5 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

Group A

CCC සහ සෙබස්තියනයිට්ස් අතර තරගය CCC පිටියේ දී

  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 151 (53.3): ලොහාන් ද සොයිසා 57, මනෙල්ක ද සිල්වා 28, රයන් ප්‍රනාන්දු 21, සොනාල් දිනූෂ 5/22, කමිඳු මෙන්ඩිස් 3/27.
  • CCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 481 (113.5): කමිඳු මෙන්ඩිස් 122, මිනෝද් භානුක 83, අශාන් ප්‍රියංජන් 64, පවන් රත්නායක 34, චමිඳු විජේසිංහ 47, මාලිංග අමරසිංහ 29, ලක්ශාන් සඳකැන් 47, තරිඳු රත්නායක 6/163, Akthab Cader 2/44.
  • සෙබස්තියනයිට්ස් – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 76 (28.5): රයන් ප්‍රනාන්දු 33, සොනාල් දිනූෂ 4/47, අසිත ප්‍රනාන්දු 3/08, චමිඳු විජේසිංහ 2/19.

CCC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 254ක ජයක්.

ගාල්ල සහ කුරුණෑගල යූත් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

  • ගාල්ල – පළමු ඉනිම සියලු දෙනා දැවී 239 (74.2): සමීන් කඳනාරච්චි 123, ශාලිත් ප්‍රනාන්දු 34, කවිඳු එදිරිවීර 37, Raghu Sharma 27, සකිඳු විජේරත්න 6/46, දිනුෂ්ක මාලන් 2/42.
  • කුරුණෑගල යූත් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 411 (117.1): සනෝජ් දර්ශික 142, ගයාන් මනීශාන් 70, දිනුශ්ක මාලන් 53, අසිත වන්නිනායක 41, සමීර සඳමාල් 22, අසන්ත බස්නායක 31, Raghu Sharma 7/140.
  • ගාල්ල – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 336 (70): විනුර දුල්සර 102, චතුර ලක්ෂාන් නොදැවී 72, සමීර කඳනාරච්චි 61, යශෝධ මෙන්ඩිස් 33, ශාලිත් ප්‍රනාන්දු 37.

තරගයේ විසඳුමක් නොමැත.

කලුතර සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • කලුතර – පළමු ඉනිම සියලු දෙනා දැවී 142 (50.2): නිපුන ගමගේ 46, සදීශ් ජයවර්ධන 29, සචිත්‍ර පෙරේරා 6/18, ඉමේෂ් උදයංග 2/41.
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 265 (83.4): ඉමේෂ් උදයංග 79, හර්ෂ රාජපක්ෂ 45, රශ්මික මධුශංක 46, සචිත්‍ර පෙරේරා 25, සුදාර දක්ෂිණ 6/81, තරිඳු සිරිවර්ධන 2/25.
  • කලුතර – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 181 (56.1): මාධව නිමේෂ් 91, යොහාන් මෙන්ඩිස් 20, ඉමේෂ් උදයංග 4/41, සචිත්‍ර පෙරේරා 3/72.
  • කැන්ඩි කස්ටම්ස් – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 62 (13): හරිඳු ජයසේකර නොදැවී 33, ඉමේෂ් උදයංග නොදැවී 18.

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 9ක ජයක්.

මුවර්ස් සහ BRC අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • BRC – පළමු ඉනිම සියලු දෙනා දැවී 231 (67.1): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 53, දනාල් හේමානන්ද 47, ඩිලාන් ජයලත් 38, තිලකරත්න සම්පත් 20, දුශාන් හේමන්ත 32, මිලාන් රත්නායක 3/55, රමේෂ් මෙන්ඩිස් 3/64, චානුක ඩිල්ශාන් 2/29.
  • මුවර්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 394 (88.5): රමේෂ් මෙන්ඩිස් 119, සොහාන් ද ලිවේරා 73, පසිඳු සූරියබණ්ඩාර 32, අදීශ තිලංචන 54, මිලාන් රත්නායක 23,ජනිශ්ක පෙරේරා 22, දිනුක ඩිල්ශාන් 22, දුශාන් හේමන්ත 5/85, තිලකරත්න සම්පත් 2/32, දුවිඳු තිලකරත්න 2/79.
  • BRC – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 286 (74.5): දනාල් හේමානන්ද 66, ලහිරු සමරකෝන් 54, දුශාන් හේමන්ත 44, දුලාජ් අශේන් 21, තිලකරත්න සම්පත් 24, ඩිලාන් ජයලත් 35, චානුක ඩිල්ශාන් 5/86, රමේෂ් මෙන්ඩිස් 4/124.
  • මුවර්ස් – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 125 (20.5): මොහොමඩ් ෂමාස් නොදැවී 50, සොහාන් ද ලිවේරා 20, අදීශ තිලංචන 20.

මුවර්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්.

SSC සහ කෝල්ට්ස් අතර තරගය SSC ක්‍රීඩා පිටියේ දී

  • SSC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 444 (126.2): නිපුන් ධනංජය 201, රොෂේන් සිල්වා 96, මනෝජ් සරත්චන්ද්‍ර 68, දුනිත් වෙල්ලාලගේ 8/152.
  • කෝල්ට්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 274 (71.3): ඇන්ජලෝ මැතිව්ස් 61, ධනංජය ලක්ෂාන් 56, හෂාන් දුමිදු 49, දුනිත් වෙල්ලාලගේ 25, ජෙහාන් ඩැනියෙල් 28, කවිශ්ක අංජුල 23, නිසල තාරක 5/90, කසුන් රාජිත 2/55.
  • කෝල්ට්ස් – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 186 (47): සංගීත් කුරේ නොදැවී 100, හෂාන් දුමිඳු 78.

 තරගයේ විසඳුමක් නොමැත.

Group B

බදුරලිය සහ හලාවත මේරියන්ස් අතර තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී

  • බදුරලිය – පළමු ඉනිම සියලු දෙනා දැවී 432 (100.4): අලංකාර අසංක 127, අනුක් ප්‍රනාන්දු 110, ගිහාන් රූපසිංහ නොදැවී 61, චලන ද සිල්වා 56, රනේෂ් සිල්වා 30, තික්ෂිල ද සිල්වා 3/64, රජින්ද පුංචිහේවා 3/63, Swapnil Gugale 2/55.
  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 441 (138): Anuj Jotin 121, කසුන් විදුර 81, Swapnil Gugale 67, රවීන් යසස් 52, දසුන් සෙනෙවිරත්න නොදැවී 38, ලසිත් ලක්ෂාන් 34, තික්ෂිල ද සිල්වා 24, චලන ද සිල්වා 3/160, බුද්ධික සංජීව 2/138.

තරගයේ විසඳුමක් නොමැත.

බ්ලූම්ෆීල්ඩ් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 273 (106.3): සචින් ජයවර්ධන 59, ආදිත්‍ය සිරිවර්ධන 51, කසුන් ඒකනායක 48, මිෂේන් සිල්වා 20, දුලංජන මෙන්ඩිස් 38, දිලීප ජයලත් 3/21, Hasnain Bokhari 3/49.
  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම සියලු දෙනා දැවී 232 (75.4): චරිත කුමාරසිංහ 50, ගජිත කොටුවේගොඩ 50, හර්ෂ විතාන 35, නිමන්ද සුබසිංහ 35, ගයාන් සිරිසෝම 5/90, ලසඳ රුක්මල් 2/51.
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 185 (47.4): රොස්කෝ තට්ටිල් 42, උදයවංශ පරාක්‍රම 24, කසුන් ඒකනායක 24, මිශේන් සිල්වා 24, Hasnain Bokhari 5/48, දිලීප ජයලත් 3/39.
  • බ්ලූම්ෆීල්ඩ් – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 227 (32.4): ගජිත කොටුවේගොඩ 68, යොහාන් ද සිල්වා 56, නිමන්ද මධුශංක 42, ලසඳ රුක්මල් 3/64.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයට කඩුලු 4ක් ජයක්.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පානදුර අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී

  • පානදුර – පළමු ඉනිම සියලු දෙනා දැවී 433 (99.3): නිමේෂ් විමුක්ති 107, Abhishek Gupta 61, ශානුක දුලාජ් 86, පවන් ද සිල්වා 50, රොෂාන් විජේනායක 46, රමින්ද විජේසූරිය 43, ලක්ෂාන් රොද්‍රිගෝ 21, සචිත්‍ර සේනානායක 4/95, ඩිලංක අවුවඩ් 2/86, නවින් කවිකාර 2/95.
  • ශ්‍රී ලංකා නාවික හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 219 (57.2): කවිඳු රණසිංහ 59, අදීශ නානායක්කාර 39, සහන් කෝසල 22, නිමේෂ් විමුක්ති 5/73, කොෂාන් දනුශ්ක 4/70.
  • ශ්‍රී ලංකා නාවික හමුදාව – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 124 (28.3): විනෝද් පෙරේරා 35, සහන් කෝසල 34, කොෂාන් දනුශ්ක 5/39, නිමේෂ් විමුක්ති 5/53.

පානදුර ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 90ක ජයක්.

NCC සහ නුගේගොඩ අතර තරගය NCC පිටියේ දී

  • නුගේගොඩ – පළමු ඉනිම සියලු දෙනා දැවී 371 (109.5): රුමේෂ් බුද්ධික 109, රනිත ලියනාරච්චි 70, නවීන් ප්‍රනාන්දු 50, දිල්හාර පොල්ගම්පොල 32, සුවත් මෙන්ඩිස් 25, මතීෂ පතිරණ 4/46, ලසිත් ඇඹුල්දෙණිය 3/117, අශේන් ඩැනියෙල් 2/75.
  • NCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 489 (85): නිරෝෂන් දික්වැල්ල 88, කවින් බණ්ඩාර 71, සඳුන් වීරක්කොඩි 71, අසේල් සිගේරා 61, අහන් වික්‍රමසිංහ 55, චමින්ද බණ්ඩාර 2/125, නවීන් ප්‍රනාන්දු 2/55, සදිශ රාජපක්ෂ 2/52, රුමේෂ් බුද්ධික 2/20.
  • නුගේගොඩ – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 204 (54.3): සුවත් මෙන්ඩිස් 47, රනිත ලියනාරච්චි 46, සදිශ රාජපක්ෂ 42, Murtaza Trunkwala 21, දිල්හාර පොල්ගම්පොළ 21, ලසිත් ඇඹුල්දෙණිය 5/98, සහන් ආරච්චිගේ 2/31.

තරගයේ විසඳුමක් නොමැත.

රාගම සහ ලංකන් අතර තරගය තර්ස්ටන් පිටියේ දී

  • රාගම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 499 (129.3): දිනෙත් තිමෝද්‍ය 93, අවිශ්ක තරිඳු 90, නිශාන් මධුශ්ක 64, ජනිත් ලියනගේ 48, යොහාන් ලියනගේ 38, ලහිරු දවටගේ 70, නිපුන් මාලිංග 29, ඉෂාන් ජයරත්න 34, කසුන් මධුශංක 2/92, රජීව වීරසිංහ 2/102, ගීත් කුමාර 2/63.
  • ලංකන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 265 (90.4): ගීත් කුමාර 62, දමිත සිල්වා 55, කසුන් අබේරත්න 54, රිසිත් උපමාල් 21, ශෂික දුල්ශාන් 4/92, සංජුල බණ්ඩාර 3/71, ජනිත් ලියනගේ 2/27.
  • ලංකන් – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 165 (41): කසුන් අබේරත්න නොදැවී 101, දේශාන් ඩයස් නොදැවී 55.

තරගයේ විසඳුමක් නොමැත.

සැරසන්ස් සහ මීගමුව අතර තරගය BRC පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 235 (82.2): නිපුන් කරුණානායක 74, සිතාර ගිම්හාන් 61, දුශාන් විමුක්ති 60, උපුල් ඉන්ද්‍රසිරි 4/63, චනුර ප්‍රනාන්දු 3/44, ඩිල්ශාන් මුණවීර 2/43.
  • මීගමුව – පළමු ඉනිම සියලු දෙනා දැවී 241 (80.4): ඇන්ජලෝ ජයසිංහ 79, කෙවින් අල්මේදා 75, Jatin Saxena 24, මොහොමඩ් ඩිල්ශාඩ් 3/55, කවික ඩිල්ශාන් 3/60, දුශාන් විමුක්ති 2/72.
  • සැරසන්ස් – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 246 (69): මිලින්ද සිරිවර්ධන 110, හෂේන් රාමනායක 32, නිපුන් කරුණානායක 30, දුශාන් විමුක්ති 22, සිතාර ගිම්හාන් 22, උපුල් ඉන්ද්‍රසිරි 4/76, පසිඳු මධුශාන් 2/53.
  • මීගමුව – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 68 (30): කෙවින් අල්මේදා නොදැවී 25, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 28.

තරගයේ විසඳුමක් නොමැත.

ටැමිල් යුනියන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය පී. සරා ඕවල් පිටියේ දී

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවි 212 (47.4): මහේෂ් කුමාර 50, යශෝද මෙන්ඩිස් 31, සීක්කුගේ ප්‍රසන්න 29, තුලින ඩිල්ශාන් 24, ලක්ෂාන් එදිරිසිංහ 38, ශිරාන් ප්‍රනාන්දු 4/75, කවිඳු පතිරත්න 3/50, රවීන් ද සිල්වා 2/23.
  • ටැමිල් යුනියන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 200 (55.4): නවෝද් පරණවිතාන 50, රවිඳු ප්‍රනාන්දු 48, රවින් ද සිල්වා 21, දිලුම් සුදීර නොදැවී 24, කවිඳු පතිරත්න 23, අසංක මනෝජ් 4/81, යශෝද මෙන්ඩිස් 2/28, සීක්කුගේ ප්‍රසන්න 2/57.
  • ශ්‍රී ලංකා යුද හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 338 (107.4): මහේෂ් කුමාර නොදැවී 109, පැතුම් බොතේජු 61, අශාන් රන්දික 51, ශෙහාන් ප්‍රනාන්දු 29, ශිරාන් ප්‍රනාන්දු 4/87, රවීන් ද සිල්වා 3/82.
  • ටැමිල් යුනියන් – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 208 (37): රවිඳු ප්‍රනාන්දු නොදැවී 59, රොන් චන්ද්‍රගුප්ත 42, සදීර සමරවික්‍රම 34, රවීන් ද සිල්වා නොදැවී 20, කෞමාල් නානායක්කාර 2/94, ලක්ශාන් එදිරිසිංහ 2/75.

තරගයේ විසඳුමක් නොමැත.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<