ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පුහුණු තරගයේ වෙනසක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1445

ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සංවිධානය කෙරෙන පුහුණු තරගයේ දිනය වෙනස් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා.

මෙම තරගය මීට පෙර සඳුදා (10) දිනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, සිම්බාබ්වේ කණ්ඩායමේ ගමන් සැලසුම් නිසා තරගය අඟහරුවාදා (11) දක්වා කල් දැමීමට කටයුතු කර ඇති අතර තරගය සැලසුම් කළ පරිදි පැවැත්වෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලියේ මූලික වටයේ තරගවලට සහභාගී වන කණ්ඩායම් 8 සඳහා පුහුණු තරග 10 වැනිදා සිට 13 වැනිදා දක්වා මෙල්බර්න් සහ Junction Oval ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 8 පුහුණු තරග ඔක්තෝබර් 17 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම තරග බ්‍රිස්බෙන්, ගැබා සහ Allan Border Field ක්‍රීඩාංගණවල දී පැවැත්වෙනු ඇත.

තරගාවලියේ පුහුණු තරග කාලසටහන

  • 10 ඔක්තෝබර් – බටහිර ඉන්දීය කොදෙව් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, Junction Oval
  • 10 ඔක්තෝබර් – ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය, Junction Oval
  • 11 ඔක්තෝබර් – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ, MCG
  • 11 ඔක්තෝබර් – නැමීබියාව සහ අයර්ලන්තය, MCG
  • 12 ඔක්තෝබර් – බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තය, MCG
  • 13 ඔක්තෝබර් – සිම්බාබ්වේ සහ නැමීබියාව, Junction Oval
  • 13 ඔක්තෝබර් – ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය, Junction Oval
  • 13 ඔක්තෝබර් – ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, MCG
  • 17 ඔක්තෝබර් – ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව, The Gabba
  • 17 ඔක්තෝබර් – නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව, Allan Border Field
  • 17 ඔක්තෝබර් – එංගලන්තය සහ පාකිස්තානය, The Gabba
  • 17 ඔක්තෝබර් – ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය, The Gabba
  • 19 ඔක්තෝබර් – බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව, Allan Border Field
  • 19 ඔක්තෝබර් – නවසීලන්තය සහ ඉන්දියාව, The Gabba

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<