නිපුන් සහ දුනිත් දවසේ වීරයන් වෙයි

SLC Major League Cricket Tournament 2022

2034

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ 8 වැනි සතියේ දෙවැනි දිනය වූ අද දවස (08) නිමාවේ දී SSC කණ්ඩායමේ නිපුන් ධනංජය සහ කෝල්ට්ස් කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

SSC කණ්ඩායමේ 22 හැවිරිදි වමත් ආරම්භක පිතිකරු නිපුන් ධනංජය පෙර දිනයේ දී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 173ක් රැස් කරගෙන සිටි අතර අද ඔහු එම ඉනිම ද්විත්ව ශතකයක් දක්වා දීර්ඝ කර ගත්තා. ඒ අනුව එම ඉනිම අවසන් වන විට ඔහු පන්දු 303කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සමඟින් ලකුණු 201ක් වාර්තා කරගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ මංගල ද්විත්ව ශතකයයි.

කෝල්ට්ස් කණ්ඩායමේ 19 හැවිරිදි වමතින් දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ පෙර දිනයේ දී කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර අද ප්‍රතිවාදී ඉනිම නිමා වන විට තවත් කඩුලු 5ක් දවා ගනිමින් ලකුණු 152කට කඩුලු 8ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉහළම දක්ෂතාව බවට ද පත්වුනා.

මේ අතර පෙර දිනයේ නොදැවී ලකුණු 92ක් රැස් කරගෙන සිටි බදුරලිය කණ්ඩායමේ අනුක් ප්‍රනාන්දු අද තම ශතකය සම්පූර්ණ කිරීමට සමත් වුනා. ඒ හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිවයි. ඔහු පන්දු 195කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 110ක් වාර්තා කරගත්තා.

මුවර්ස් කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් BRC කණ්ඩායමට එරෙහිව පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 119ක් රැස් කරගත්තා. එය ඔහු මෙම තරගවාරයේ වාර්තා කරන ලද දෙවැනි ශතකයයි.

පෙර දිනයේ දී නොදැවී ලකුණු 47ක් රැස් කරගෙන සිටි CCC කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 122ක් වාර්තා කරගත්තා.

පෙර දිනයේ නොදැවී ලකුණු 58ක් වාර්තා කරගෙන සිටි පානදුර කණ්ඩායමේ නිමේෂ් විමුක්ති නාවික හමුදාවට එරෙහිව පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 107ක් ලබා ගත්තා. ඊට අමතරව ඔහු ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 73කට කඩුලු 5ක් ද සහ මෙතෙක් ක්‍රියාත්මක දෙවැනි ඉනිමේ දී ලකුණු 40කට කඩුලු 3ක් ද දවා ගෙන සිටිනවා.

කලුතර කණ්ඩායමේ මාධව නිමේෂ් අද තම පළමු පෙළ තරග දිවියේ ලකුණු 1000 කඩඉම පසු කිරීමට සමත් වුනා.

බදුරලිය කණ්ඩායමේ ගිහාන් රූපසිංහ සහ චලන ද සිල්වා, හලාවත මේරියන්ස් කණ්ඩායමේ කසුන් විදුර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආදිත්‍ය සිරිවර්ධන, බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ චරිත කුමාරසිංහ, CCC කණ්ඩායමේ අශාන් ප්‍රියංජන්, කුරුණෑගල යූත් කණ්ඩායමේ ගයාන් මනීශාන් සහ සනෝජ් දර්ශික, කලුතර කණ්ඩායමේ මාධව නිමේෂ්, මුවර්ස් කණ්ඩායමේ සොහාන් ද ලිවේරා සහ අදීශ තිලංචන, නාවික හමුදාවේ කවිඳු රණසිංහ, නුගේගොඩ කණ්ඩායමේ රනිත ලියනාරච්චි සහ නවීන් ප්‍රනාන්දු, NCC කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල, කවින් බණ්ඩාර, සඳුන් වීරක්කොඩි සහ අහන් වික්‍රමසිංහ, රාගම කණ්ඩායමේ අවිශ්ක තරිඳු සහ ලහිරු දවටගේ, මීගමුව කණ්ඩායමේ කෙවින් අල්මේදා සහ ඇන්ජලෝ ජයසිංහ, SSC කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර සහ යුද හමුදාවේ අශාන් රන්දික අද දවසේ අර්ධ ශතක ලාභීන් අතරට එක්වූවා.

මේ අතර මෙවර තරගාවලියේ පන්දු යවන්නන් අතරින් කඩුලු 50ක් දවා ගත් ක්‍රීඩකයන් අතර තෙවැනියා බවට පත්වීමට සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ දෙඅතින්ම දඟපන්දු යවන තරිඳු රත්නායක සමත් වුනා. ඔහු CCC කණ්ඩායමට එරෙහිව ලකුණු 163කට කඩුලු 6ක් දවා ගනිමිනුයි මෙම දක්ෂතාවට පිවිසියේ.

කලුතර කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන සුදාර දක්ෂිණ අද කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 81කට කඩුලු 6ක් දවා ගත්තා. මේ සමඟ ඔහු තම පළමු පෙළ කඩුලු 50 කඩඉම පසු කිරීමට සමත් වුනා.

Group A

CCC සහ සෙබස්තියනයිට්ස් අතර තරගය CCC පිටියේ දී

  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 151 (53.3): ලොහාන් ද සොයිසා 57, මනෙල්ක ද සිල්වා 28, රයන් ප්‍රනාන්දු 21, සොනාල් දිනූෂ 5/22, කමිඳු මෙන්ඩිස් 3/27.
  • CCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 481 (113.5): කමිඳු මෙන්ඩිස් 122, මිනෝද් භානුක 83, අශාන් ප්‍රියංජන් 64, පවන් රත්නායක 34, චමිඳු විජේසිංහ 47, මාලිංග අමරසිංහ 29, ලක්ශාන් සඳකැන් 47, තරිඳු රත්නායක 6/163, Akthab Cader 2/44.
  • සෙබස්තියනයිට්ස් – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 1 (2):

ගාල්ල සහ කුරුණෑගල යූත් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

  • ගාල්ල – පළමු ඉනිම සියලු දෙනා දැවී 239 (74.2): සමීන් කඳනාරච්චි 123, ශාලිත් ප්‍රනාන්දු 34, කවිඳු එදිරිවීර 37, Raghu Sharma 27, සකිඳු විජේරත්න 6/46, දිනුෂ්ක මාලන් 2/42.
  • කුරුණෑගල යූත් – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 344 (100): සනෝජ් දර්ශික නොදැවී 81,ගයාන් මනීශාන් 70, දිනුශ්ක මාලන් 53, අසිත වන්නිනායක 41, සමීර සඳමාල් 22, අසන්ත බස්නායක 31, Raghu Sharma 5/114.

කලුතර සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • කලුතර – පළමු ඉනිම සියලු දෙනා දැවී 142 (50.2): නිපුන ගමගේ 46, සදීශ් ජයවර්ධන 29, සචිත්‍ර පෙරේරා 6/18, ඉමේෂ් උදයංග 2/41.
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 265 (83.4): ඉමේෂ් උදයංග 79, හර්ෂ රාජපක්ෂ 45, රශ්මික මධුශංක 46, සචිත්‍ර පෙරේරා 25, සුදාර දක්ෂිණ 6/81, තරිඳු සිරිවර්ධන 2/25.
  • කලුතර – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 168 (52): මාධව නිමේෂ් 79, යොහාන් මෙන්ඩිස් 20, ඉමේෂ් උදයංග 4/41, සචිත්‍ර පෙරේරා 3/61.

මුවර්ස් සහ BRC අතර තරගය මුවර්ස් ක්‍රීඩා පිටියේ දී 

  • BRC – පළමු ඉනිම සියලු දෙනා දැවී 231 (67.1): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 53, දනාල් හේමානන්ද 47, ඩිලාන් ජයලත් 38, තිලකරත්න සම්පත් 20, දුශාන් හේමන්ත 32, මිලාන් රත්නායක 3/55, රමේෂ් මෙන්ඩිස් 3/64, චානුක ඩිල්ශාන් 2/29.
  • මුවර්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 394 (88.5): රමේෂ් මෙන්ඩිස් 119, සොහාන් ද ලිවේරා 73, පසිඳු සූරියබණ්ඩාර 32, අදීශ තිලංචන 54, මිලාන් රත්නායක 23,ජනිශ්ක පෙරේරා 22, දිනුක ඩිල්ශාන් 22, දුශාන් හේමන්ත 5/85, තිලකරත්න සම්පත් 2/32, දුවිඳු තිලකරත්න 2/79.
  • BRC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 33 (15): දුලාජ් අශේන් නොදැවී 21

SSC සහ කෝල්ට්ස් අතර තරගය SSC ක්‍රීඩා පිටියේ දී

  • SSC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 444 (126.2): නිපුන් ධනංජය 201, රොෂේන් සිල්වා 96, මනෝජ් සරත්චන්ද්‍ර 68, දුනිත් වෙල්ලාලගේ 8/152.
  • කෝල්ට්ස් -කඩුලු 5ක් දැවී 174 (44): හෂාන් දුමිදු 49, ධනංජය ලක්ෂාන් 56, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 49, නිසල තාරක 2/51.

Group B

බදුරලිය සහ හලාවත මේරියන්ස් අතර තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී

  • බදුරලිය – පළමු ඉනිම සියලු දෙනා දැවී 432 (100.4): අලංකාර අසංක 127, අනුක් ප්‍රනාන්දු 110, ගිහාන් රූපසිංහ නොදැවී 61, චලන ද සිල්වා 56, රනේෂ් සිල්වා 30, තික්ෂිල ද සිල්වා 3/64, රජින්ද පුංචිහේවා 3/63, Swapnil Gugale 2/55.
  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 196 (63): කසුන් විදුර නොදැවී 68, Swapnil Gugale 67, ලසිත් ලක්ෂාන් 34.

බ්ලූම්ෆීල්ඩ් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 273 (106.3): සචින් ජයවර්ධන 59, ආදිත්‍ය සිරිවර්ධන 51, කසුන් ඒකනායක 48, මිෂේන් සිල්වා 20, දුලංජන මෙන්ඩිස් 38, දිලීප ජයලත් 3/21, Hasnain Bokhari 3/49.
  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 213 (71): චරිත කුමාරසිංහ 50, ගජිත කොටුවේගොඩ නොදැවී 44, හර්ෂ විතාන 35, නිමන්ද සුබසිංහ 35, ගයාන් සිරිසෝම 3/82, ලසඳ රුක්මල් 2/46.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පානදුර අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී

  • පානදුර – පළමු ඉනිම සියලු දෙනා දැවී 433 (99.3): නිමේෂ් විමුක්ති 107, Abhishek Gupta 61, ශානුක දුලාජ් 86, පවන් ද සිල්වා 50, රොෂාන් විජේනායක 46, රමින්ද විජේසූරිය 43, ලක්ෂාන් රොද්‍රිගෝ 21, සචිත්‍ර සේනානායක 4/95, ඩිලංක අවුවඩ් 2/86, නවින් කවිකාර 2/95.
  • ශ්‍රී ලංකා නාවික හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 219 (57.2): කවිඳු රණසිංහ 59, අදීශ නානායක්කාර 39, සහන් කෝසල 22, නිමේෂ් විමුක්ති 5/73, කොෂාන් දනුශ්ක 4/70.
  • ශ්‍රී ලංකා නාවික හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 89 (18): සහන් කෝසල නොදැවී 25, කොෂාන් දනුශ්ක 3/31, නිමේෂ් විමුක්ති 3/40.

NCC සහ නුගේගොඩ අතර තරගය NCC පිටියේ දී

  • නුගේගොඩ – පළමු ඉනිම සියලු දෙනා දැවී 371 (109.5): රුමේෂ් බුද්ධික 109, රනිත ලියනාරච්චි 70, නවීන් ප්‍රනාන්දු 50, දිල්හාර පොල්ගම්පොල 32, සුවත් මෙන්ඩිස් 25, මතීෂ පතිරණ 4/46, ලසිත් ඇඹුල්දෙණිය 3/117, අශේන් ඩැනියෙල් 2/75.
  • NCC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 318 (52): නිරෝෂන් දික්වැල්ල 88, කවින් බණ්ඩාර 71, සඳුන් වීරක්කොඩි 71, අහන් වික්‍රමසිංහ 55, චමින්ද බණ්ඩාර 2/103, නවීන් ප්‍රනාන්දු 2/43.

රාගම සහ ලංකන් අතර තරගය තර්ස්ටන් පිටියේ දී

  • රාගම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 499 (129.3): දිනෙත් තිමෝද්‍ය 93, අවිශ්ක තරිඳු 90, නිශාන් මධුශ්ක 64, ජනිත් ලියනගේ 48, යොහාන් ලියනගේ 38, ලහිරු දවටගේ 70, නිපුන් මාලිංග 29, ඉෂාන් ජයරත්න 34, කසුන් මධුශංක 2/92, රජීව වීරසිංහ 2/102, ගීත් කුමාර 2/63.
  • ලංකන් – පළමු ඉනිම – කඩුලු 3ක් දැවී 122 (42): කසුන් අබේරත්න 54, ගීත් කුමාර නොදැවී 33, ජනිත් ලියනගේ 2/18.

සැරසන්ස් සහ මීගමුව අතර තරගය BRC පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 235 (82.2): නිපුන් කරුණානායක 74, සිතාර ගිම්හාන් 61, දුශාන් විමුක්ති 60, උපුල් ඉන්ද්‍රසිරි 4/63, චනුර ප්‍රනාන්දු 3/44, ඩිල්ශාන් මුණවීර 2/43.
  • මීගමුව – පළමු ඉනිම සියලු දෙනා දැවී 241 (80.4): ඇන්ජලෝ ජයසිංහ 79, කෙවින් අල්මේදා 75, Jatin Saxena 24, මොහොමඩ් ඩිල්ශාඩ් 3/55, කවික ඩිල්ශාන් 3/60, දුශාන් විමුක්ති 2/72.
  • සැරසන්ස් – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 58 (17): සිතාර ගිම්හාන් 22, හෂේන් රාමනායක නොදැවී 20.

ටැමිල් යුනියන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය පී. සරා ඕවල් පිටියේ දී

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවි 212 (47.4): මහේෂ් කුමාර 50, යශෝද මෙන්ඩිස් 31, සීක්කුගේ ප්‍රසන්න 29, තුලින ඩිල්ශාන් 24, ලක්ෂාන් එදිරිසිංහ 38, ශිරාන් ප්‍රනාන්දු 4/75, කවිඳු පතිරත්න 3/50, රවීන් ද සිල්වා 2/23.
  • ටැමිල් යුනියන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 200 (55.4): නවෝද් පරණවිතාන 50, රවිඳු ප්‍රනාන්දු 48, රවින් ද සිල්වා 21, දිලුම් සුදීර නොදැවී 24, කවිඳු පතිරත්න 23, අසංක මනෝජ් 4/81, යශෝද මෙන්ඩිස් 2/28, සීක්කුගේ ප්‍රසන්න 2/57.
  • ශ්‍රී ලංකා යුද හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 160 (54): අශාන් රන්දික 51, පැතුම් බොතේජු නොදැවී 40, ශෙහාන් ප්‍රනාන්දු 29, මහේෂ් කුමාර නොදැවී 21, ශිරාන් ප්‍රනාන්දු 3/52.

මේ සියලු තරග හෙට (09) තෙවැනි සහ අවසන් දිනයට පැවැත්වීමට නියමිතයි.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<