කෘෘස්පුල්ලේ – අවිශ්ක පළමු දිනයේම ශතක අතරට

SLC නැගී එන ක්‍රිකට් තරගාවලිය 2019/20

76

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ නැගී එන (Major Club Emerging League) ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (12) ආරම්භ වූ අතර තරග සියල්ලම තෙදින තරග ලෙස පැවැත්වේ.

හලාවත මේරියන්ස් හා නාවික හමුදා තරුණයෝ වැඩ පෙන්වති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League…

එස්. එස්. සී හා ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය 

කටුනායක මේරියන්ස් පිටියේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ටැමිල් යූනියන් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර තරගයේ පළමු දිනය අවසානයේ දී ම සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීමට ඔවුන් සමත් විය.

ටැමිල් යූනියන් ආරාධනයෙන් පළමුව පිටියට පැමිණි එස්. එස්. සී කණ්ඩායම පන්දුවාර 36කුත් එක් පන්දුවක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 121ක් පමණි. එහි දී සොහාන් ඩි ලිවේරා  හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙක් හට සාර්ථක වීමට සුපුන් කාවින්ද හා දමිත සිල්වා ඇතුළු ටැමිල් යූනියන් පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ.

යොහාන් මෙන්ඩිස්ගේ ලකුණු 63 පළමු ඉනිම සඳහා ප්‍රබල අඩිතාමලක් බවට පත් කර ගත් ටැමිල් යූනියන් කණ්ඩායම ලකුණු 152ක් රැස්කරගෙන සිටිය දී ඔවුන්ගේ සියලුම කඩුලු බිඳ වැටීම නිසා ඉනිම හමාර කරන්නට විය. ආකාෂ් සේනාරත්න ලකුණු 42කට කඩුලු 4ක් දවා ගන්නා විට දකුණතින් දඟපන්දු යවන ටනීෂ වීරකෝන් කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 31ක පළමු ඉනිමේ අවාසියක් සහිතව තරගයේ පළමු දිනය තුලම සිය දෙවන ඉනිම දියත් කිරීම සඳහා පැමිණි එස්. එස්. සී කණ්ඩායම තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 19ක් රැස් කරගෙන සිටියි.

එස්. එස්. සී පළමු ඉනිම – 121 (36.1): සොහාන් ඩි ලිවේරා 28, ක්‍රිෂාන් සංජුල 22, පසිඳු සූරියබණ්ඩාර 21, සසිත් මනුරංග 18*, සුපුන් කාවින්ද 4/22, දමිත සිල්වා 4/31, සුපුන් වරාගොඩ 2/29.

ටැමිල් යූනියන් පළමු ඉනිම – 152 (45.5): යොහාන් මෙන්ඩිස් 63, දමිත සිල්වා 24, ආකාෂ් සේනාරත්න 4/42 , ටනීෂ වීරකෝන් 3/32, සඳරුවන් චින්තක 2/44.

එස්. එස්. සී දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 19/1 (7): 


යුද හමුදා ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය 

පළමු දිනය තුල කඩුලු 11ක් දැවී ගිය මේ තරගය එන්. සී. සී පිටියේ දී ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදා කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් යුද හමුදාව පන්දුවාර 66ක් ක්‍රීඩා කරමින් සියලුම දෙනා දැවී ලකුණු 139ක් ලබා ගත්තේය.

ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ ගිහාන් කෝරලගේ ලකුණු 31යි. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන සවිඳු පීරිස් ලබාගත් කඩුලු 3ට අමතරව හෂාන් දිල්මින් සහ සතික් නිමල්ෂ කඩුලු 2ක බැගින් දවා ගත්තේය.

යුද හමුදා පළමු ඉනිම – 139 (66): ගිහාන් කෝරලගේ 31, හිමාෂ ලියනගේ 27, සවිඳු පීරිස් 3/41, හෂාන් දිල්මින් 2/19, සතික් නිමල්ෂ 2/27.

නාවික හමුදා පළමු ඉනිම  (පළමු දිනය අවසානයේ) – 2/1 (4): 

ශායි හෝප් ඇෆ්ගනිස්තානය ග්‍රහණයට ගනී

ලක්නව් හී භාරත් රත්න ශ්‍රී අත්ල් බිහාරි වජ්බාප් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (11) අවසන් වූ…

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා කෝල්ට්ස් ක්‍රීඩා සමාජය 

දකුණතින් පිතිකරණයේ නිරත වන අවිශ්ක ප්‍රනාන්දු ලබා ගත් සුපිරි ශතකයෙන් වර්ණවත් වූ මෙම තරගයේ පළමු දිනය නිමා වන විට තරගයේ වැඩි වාසිය හිමිකර ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

BRC පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුවන් හමුදාව පළමුව පන්දුවට පහර දුන් නමුත් වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රමගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ගුවන් හමුදා පළමු ඉනිම ලකුණු 104කට සීමා විය. 

කෙසේ නමුත් සටන්කාමි පිතිකරණයක නිරත වෙමින් ගුවන් හමුදා පළමු ඉනිම යම් මට්ටමකට ඔසවා තැබූ ශාබික් ඉෆ්තාරි ලබා ගත් ලකුණු 47 නොවන්නට කෝල්ට්ස් කණ්ඩායමට මේ තරගයේ තවත් ඉදිරියට ඒමට අවස්ථාව තිබුණි.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන කෝල්ට්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 259ක් ලබාගෙන ගුවන් හමුදා පළමු ඉනිමට වඩා ලකුණු 155ක් ඉදිරියෙන් සිටියි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින  හේෂාන් දනුෂ්ක සහ විශාද් රන්දික පිළිවෙළින් ලකුණු 47*ක් හා ලකුණු 35*ක් රැස්කරගෙන තිබේ.

ගුවන් හමුදා පළමු ඉනිම – 104 (44.1): ශාබික් ඉෆ්තාරි 47, ප්‍රවීන් ජයවික්‍රම 5/30, මහීෂ තීක්ෂණ 2/07, නිපුන් මාලිංග 2/16

කෝල්ට්ස් පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 259/4 (48): අවිශ්ක ප්‍රනාන්දු 120, හේෂාන් දනුෂ්ක 47*, සන්තුෂ් ගුණතිලක 39, විශාද් රන්දික 35*, සුමින්ද ලක්ෂාන් 3/105.

“අනික් අයට වඩා මම වෙනස් කියන එකෙන් කියන්නේ මම නරකයි කියලා නෙමෙයි” – දනුෂ්ක ගුණතිලක

ESPN Cricinfo වෙබ් අඩවියේ පළවූ Danyal Rasoolගේ ‘My lifestyle is different…

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා එන්. සී. සී ක්‍රිකට් සමාජය 

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ ක්‍රියාත්මක වූ මේ තරගයේ පළමු දිනය තුල හලාවත මේරියන්ස් කණ්ඩායමෙන් ශතකයක් හා අර්ධ ශතක දෙකක් වාර්තා විය. 

එන්. සී. සී නායකයා කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර කාසියේ වාසිය එතරම් ගැටලුවක් බවට පත් කර නොගත් හලාවත මේරියන්ස් කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම ඉතාමත් ස්ථාවර ලෙස ගොඩනංවන ලදි. 

එහි දී දකුණතින් පිතිකරණයේ නිරත වන ලසිත් කෘෘස්පුල්ලේ අලංකාරවත් ශතකයක් වාර්තා කර ගන්න විට, ඉනිම ගොඩනැංවීම වෙනුවෙන් ඔහුට සහය වූ රිෂිත උපමාල් හා ඩිල්ශාන් සංජීව පිළිවෙළින් ලකුණු 56ක් හා ලකුණු 55ක් වාර්තා කර ගත්තේය. පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 86කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.

හලාවත මේරියන්ස් කණ්ඩායම සියල්ලන්ම දැවී ලබාගත් ලකුණු 323ට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට පැමිණි එන්. සී. සී පිතිකරුවන් හට එතරම් මට්ටමකට ස්ථාවර වීමට වැඩි ඉඩක් නොලැබුණු නිසා ලකුණු 41ක් තුල කඩුලු 3ක් බිඳ වැටී ගියේය.

හලාවත මේරියන්ස්  පළමු ඉනිම – 323 (67.1): ලසිත් කෘෘස්පුල්ලේ 134, රිෂිත උපමාල් 56, ඩිල්ශාන් සංජීව 55, ලසිත් ඇඹුල්දෙණිය 4/86, රවිඳු ප්‍රනාන්දු 3/88.

එන්. සී. සී පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 41/3 (23):

මෙම තරග සියල්ලම හෙට (13) දෙවන දිනය වෙනුවෙනුත් පැවැත්වෙන අතර තරග සියල්ලේම තොරතුරු සහ සේයා රූ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<