“අනික් අයට වඩා මම වෙනස් කියන එකෙන් කියන්නේ මම නරකයි කියලා නෙමෙයි” – දනුෂ්ක ගුණතිලක

573

ESPN Cricinfo වෙබ් අඩවියේ පළවූ Danyal Rasoolගේ ‘My lifestyle is different to some other Sri Lankan players. That doesn’t mean I’m a bad person’ යන ලිපියේ පරිවර්තනයකි.

“අපි සෙල්ෆියක් ගමු ද?” 

මේ ගැටලුව මා හට මතු වුනේ වෙන කොතනක දී වත් නෙමේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියක් අතරතුරයි. 

ඔහු ඔහුගේ පුහුණුවීම් වල නිරත වේවි ඉන්න කොට මම ටිකක් බාධා කරලා ඔහුත් එක්ක කතා බහක නිරත වෙලා ඉන්නකොට මැදි වියේ පසුවන පාකිස්තාන වැසියෙක් ඇවිත් ගුණතිලකගෙන් ඇහුවා “අපි සෙල්ෆියක් ගමු ද?” කියලා. එවිට ගුණතිලක එම පුද්ගලයාට “මම දැන් පොඩි කතාවක ඉන්නේ අපි සෙල්ෆියක් පස්සේ ගමු කියලා” ඔහු ඉතාමත් මෘදු ලෙස පැවසුවා. 

එංගලන්තය ඇවිළෙන ගින්නකට පිදුරු දමයි

අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය එළඹෙන 2023 – 2031 තරග වාරය සඳහා ලෝක මට්ටමේ තරගාවලි 8ක් පැවැත්වීමට පසුගිය….

ඔහු දැන් මෙන්ම ඉදිරි අනාගතයේ දීත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන රසිකයෙක් බවට කිසිම සැකයක් නොමැති බව වයස අවුරුදු 28ක් වන මේ ආරම්භක පිතිකරුවා පැවසුවා. ඔහු ඒ ටික මට කියලා අර පුද්ගලයා එක්ක ගිහින් සෙල්ෆියක් ගත්තා. පසුව ගුණතිලක එම පුද්ගලයාට “ආයිත් එහෙම කරන්න එපා හරි ද?” කියලත් කිව්වා.

එම සිදුවීමට පැය භාගයකට වගේ පස්සේ එතැනට පැමිණි, වයස අවුරුදු 20ක් වගේ වෙන තරුණියන් තිදෙනෙක් ගුණතිලක සමඟ සෙල්ෆියක් ගැනීමට සූදානම් වුනා. ඔහු ඒ සඳහා ද පෙනී සිටියේ ඉතාමත් දැඩි ආසාවකින්.

මම ඔහුට මේ සිදුවීම් දෙක අතර තිබුණු වෙනස පිළිබඳව පහදා දුන්නා. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී ඉන්න හෝටලය සඳහා පැමිණෙන ලෙස ගුණතිලක මට ආරාධනා කළා. මම එහි ගිය අවස්ථාවේ දී ඔහු අපි දෙන්නට කෝපි පානයක් ඇනවුම් කරලා සුහද කතා බහක නිරත වෙන්න පුළුවන් වුනා. පසුව ඔහු මට ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයක් නරඹන්න ප්‍රවේශ පත්‍ර කිහිපයකුත් අරගෙන දුන්නා.

මෙම අවස්ථාවලින් ඔබ ගුණතිලකව දකින්නේ කොහොම ද? ඉඳහිට උඩඟු නමුත් සාමාන්‍යය අයෙක් ලෙස ද? නැතිනම් සැම විටම කාරුණික ආචාරශීලී පුද්ගලයකු ලෙස ද? එය තීරණය කරන්න ඕනේ ඔබමයි. 

ලාහෝරයේ දැඩි ආරක්ෂාවක් සහිත වටපිටාවක සුපිරි පන්තියේ හෝටලයක් තුල ඔහු නිදහස අත්විඳිමින් සිටින බව මගේ අවධානයෙන් කිසිවිටෙකත් ගැලවුණේ නැහැ. ඔහු සාමාන්‍යයෙන් තම උපන් නගරය වන කොළඹ නගරයෙන් මාස 3කට වැඩ වැඩි කාලයක් පිටත සිට නොමැති බව මට පැවසුවා.

“මම මගේ හෝටල් කාමරය තුල ඉඳන් රාත්‍රි ආහාර වේල ගන්න කොහෙත්ම කැමති නැහැ. මම කොහොම හරි එළියට ගිහිල්ලා  රාත්‍රි ආහාර වේල ගන්න ගොඩක් කැමතියි. නමුත් පාකිස්තානයේ තිබෙන ආරක්ෂක තත්වය නිසා මට එහෙම කරන්න බැරි වුනා.” ඔහු මාත් එකක් මේ සංවාදයේ නිරත වෙනකොටත් ඔහුගේ AirPods දෙක කනේ ගහගෙන හිටියේ. මම කවදාවත් හිතුවේ නැහැ ඒ ඇයි කියලා. ඔහුගේ පෙනුම, දීප්තිමත් බව පොඩ්ඩක්වත් අඩු කරන්න ඔහු කැමති නැහැ කියලා මට පසුව තේරුණා. 

ගුණතිලකගේ මුරණ්ඩු, නොහොබිනා, පුද්ගලයෙක් ලෙස ගොඩක් අය ඔහුව පිටින් දකින්නේ ඔහුගේ පිටින් පෙනෙන ස්වභාවය නිසයි. නමුත් ඔහුව සමීප ලෙස ආශ්‍රය කළ විට ඔහු එසේ නොවන කෙනෙක් බව මට තේරුම් ගියා.

“මම හිතන්නේ සමහර අය ඇත්තටම මට ඊර්ෂ්‍යායි. මගේ ජීවන රටාව අනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට වඩා වෙනස්. නමුත් ඒකෙන් කියන්නේ මා නරක පුද්ගලයෙක් කියලා නෙමෙයි. බොහෝ අය සමාජ මාධ්‍යවල දකින දේවල් අනුව මම නරක කෙනෙක් කියලා සිතනවා. නමුත් ඒ ඔබ දකින දෙයින් හැම එකක්ම ඔබ හිතන ඒවා වෙන්නේ නැහැ.”

ටයිෆූන් මැද Try පිරුනු ලෝක කුසලානයේ ජපන් සවාරිය

සත්කාරකයින්ගේ සුපිරි දක්ෂතා මැද වසර ගණනකට පසුව පැමිණි දැවැන්තම ටයිෆූන් කුණාටුවෙන් බාධාවුනු ආසියාවේ පැවති…..

“මම හැසිරෙන විදිහෙන් ගොඩක් අය හිතන්නේ මම කුකුලෙක් කියලා, නමුත් මම එහෙම නෑ. කවුරුහරි මාත් එක්ක කතා කළොත් එයාලට තේරෙයි ගුණතිලක කියන්නේ කොයි වගේ කෙනෙක් ද කියලා. ගොඩක් ශ්‍රී ලාංකිකයෝ හිතන් ඉන්නේ හොඳ ක්‍රීඩකයෙක් වෙන්න නම් කාමරේටම වෙලා ඉන්න ඕන, ගොඩක් රෑ වෙන්න කලින් නිදාගන්න ඕන කියලා. එය සංස්කෘතිය එක්ක එන දෙයක් කියලයි මට හිතෙන්නේ. ඒ කොහොම වුනත් කාගේවත් චරිත ගැන පිටින් බලලා ඒ පුද්ගලයා ගැන උපකල්පනය කරන්න බැහැ.”

“මම බාර් එකක සිටිනවා නම් සහ මම මගේ මිතුරන් සමඟ සිටිනවා නම්, මම එහි සිටින්නේ විවේකීවයි. මිනිස්සු මාව එතන දැක්කොත්, ඔවුන් හිතනවා මම බොනවා, සාද දානවා, පිස්සු නටන නිසා මට ක්‍රිකට් ක්‍රීඩාව කරන්න බැහැ කියලා. එහෙම වුනත් මගේ යෝ-යෝ පරීක්ෂණය දෙස බලන්න. අපේ කණ්ඩායමේ යෝග්‍යතාවය අනුව මම සෑම විටම මුල් තිදෙනා අතර ඉන්නවා. මම දැනට ගෙනි යන මගේම ආකාරයේ ජීවන රටාව මගේ මනස නිදහස් කරගන්න මට ගොඩක් උපකාරී වෙනවා.”

“මට පෞද්ගලික ජීවිතයක් නැහැ. මගේ ජීවිතේ ගැන පිටින් බලන අය හැමෝම කියන්නේ මම සමාජ ශාලාවලට යන නිසා නරක කෙනෙක් කියලයි, එය එසේ කිරීම හොඳ නැහැ කියලත් ඔවුන් කියනවා. මම පසුගිය මාස තුන තිස්සේ කොළඹට ගිහිල්ලා ඉඳලා නැහැ. මට පිටතට යාමට අවශ්‍ය වුනු ගමන්ම මම ගාල්ලට යනවා. එහේ තියෙනවා විශේෂිත බාර් එක්ක ඒක හැම වේලාවේම සංචාරකයින්ගෙන් පිරී තියෙන්නේ. ඒක නිසා ගොඩක් අයට මාව අඳුරගන්න බැහැ. මම කොළඹ ඉන්න කොට සෑම කෙනෙක්ම මාව හඳුනන අතර ඒක මගේ පුද්ගලික ජීවිතයට ටිකක් කරදර දෙයක්. මොකද මම ආසයි හැම වේලාවේම දනුෂ්ක ගුණතිලක වගේ ඉන්න.”

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර කොළඹ පැවති ටෙස්ට් තරගයක් අතරතුර කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙත ලබා දී තිබෙන කාල සීමාව තුල ගුණතිලකට කණ්ඩායම රැඳී සිටි හෝටලයට පැමිණීමට අවස්ථාව ලැබිලා නැහැ. ඒ සඳහා ඔහුට දඬුවම් කළ අතර ඒ සඳහා තමන්ට දඬුවම් ලැබීය යුතු බවත් ගුණතිලක එක හෙලා පිළිගන්නවා. නමුත් එම සිදුවීමට පසුව වුනු යම් යම් සිදුවීම් ගැන නම් ඔහු කතා බහ කළේ ඉතාමත් ලොකු වේදනාවකින්. 

එදින රාත්‍රියේ ගුණතිලක සමඟ පිටත්ව ගිය මිතුරා නෝර්වේජියානු සංචාරකයෙකු විසින් කරන ලද පැමිණිලි මත ලිංගික අතවරයක් සම්බන්ධයෙන් සැක පිට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබුණා. එම පහර දීම සිදු වූ අවස්ථාවේ හෝටල් කාමරය තුල ගුණතිලක සිටි බවට විශ්වාස කරනවා. 

එය ගුණතිලකගේ මිතුරාගේ පැත්තෙන් රක්ෂණ වංචාවක් පිළිබඳ යම් සිද්ධියක් දුර දිග යාමක් වන අතර ඔහුගේ මිතුරාට එරෙහි චෝදනාව පසුව අතහැර දැමූ බව ගුණතිලක පවසා සිටියා. ගුණතිලක එහි දී සාපරාධී වැරැද්දක් සිදු කර නොමැති නමුත් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීම නිසා මේ සිදුවීමට මුල් වූ ඔහුගේ මිතුරාටත් වඩා ගුණතිලකගේ කීර්ති නාමයට විශාල කළු පැල්ලමක් එකතු වුනා.

“එය මගේ පැත්තෙන් වගකීම් විරහිත තීරණයක්. මම දන්නවා මම වැරැද්දක් සිදු කළා කියලා, මොකද මට කණ්ඩායමේ ඇඳිරි නීති කාලයට කලින් හෝටලයට එන්න බැරි වුනා. තරගය ඉවර වුනාට පස්සේ මම මගේ කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් සහ නිලධාරි මණ්ඩලයෙන් සමාව අයැද සිටියා. මම පොලීසි යන්න තරම් වරදක් කළේ නැහැ. ඒ බව අපේ ක්‍රීඩා ඇමතිතුමා පැහැදිලිවම මාධ්‍යයට ප්‍රකාශ කළා. ඒ තරගාවලියේ දී මම ඉතාමත් හොඳින් දස්කම් අතර සිටියා. නමුත් මේ සිදුවීම නිසා ගොඩක් මාධ්‍ය මේ සිදුවීමට අදාළව මාවත් පටළවන්න හැදුවා. ඒත් මගේ අතින් සිදු වුනේ ඇඳිරි නීතිය කඩ කිරීම විතරයි.”

“ඇත්තටම ඔහු එහෙම කරන්නේ කොහොමද?”

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස ස්ටීව් ස්මිත් අවිවාදයෙන් පිළිගත හැක. ස්මිත් ක්‍රීඩා කරන තරගයක ඔහු පන්දුවට….

නමුත් මේ සම්මුඛ පරීක්ෂණය සඳහා අප හමු වූ දිනයට සතියකට වගේ කලින්, ගුණතිලක කරච්චි නුවර දී අගනා ශතකයක් වාර්තා කළා. එය ඉතාමත් දැකුම්කළු ඉනිමක්. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් පවා ඉහළට ගෙන එන ලොකු හයියක් වුනා. 

පාකිස්තානු පන්දු යවන්නන්ගේ වේගයට එරෙහිව ගුණතිලකගේ ආක්‍රමණශීලී පිතිකරණය එහි දී ගොඩක් හොඳින් ඉස්මතු වී පෙනුණා. ලොව ඉදිරියෙන් සිටින වේගපන්දු යවන්නන් වන වහබ් රියාස් ඇතුළු වේගපන්දු යවන්නන්ට කිසිදු චකිතයකින් තොරව පන්දුවට පහර දුන්න ගුණතිලක කියන ක්‍රීඩකයා කොහෙද මෙච්චර කාලයක් හිටියේ කියලා බොහෝ දෙනෙක් කල්පනා කළා.

“මම කැමතියි වේගවත් ලෙස පන්දුව ගමන් කරන තණතීරු වල සෙල්ලම් කරන්න. චන්දික හතුරුසිංහ මහත්මයාට මාව තරග රටාවන් තුන තුලම ක්‍රීඩාවේ නිරත කරන්න උවමනා වුනා. පහුගිය දවස් වල වුනු එක එක සිදුවීම් නිසා ගොඩක් අය මාව පහතට දාලා කතා කළා. මම පහුගිය කාලය පුරාවටම මට දෙන්න පුළුවන් උපරිම දේ කරලා පෙන්නුවා. පසුගිය දවසක වුනු එක් සිදුවීමක් මගේ වැරැද්දක් කියලා මම පිළිගන්නවා. නමුත් මම විතරක් නෙමේ ඇඳිරි නීතිය කඩ කරලා කාමරේට ආවේ. හතුරුසිංහ මහත්මයා මාව තල්ලු කරගෙන උඩට එන්න ගොඩක් උත්සහ කළා. නමුත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවාසනාවන්ත ලෙස මගේ කොන්දේ ආබාධයක් ආවා.”

පහුගිය කාලයේ දී ගුණතිලකගේ හැසිරීම සම්බන්ධව සෑහීමකට පත් නොවූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අවස්ථාවන් කිහිපයක දී ම ගුණතිලකව තරග තහනම්වලට ලක් කළා. 2017 වසරේ දී ආම්පන්න නොමැතිව පුහුණු සැසියක් සඳහා සහභාගී වීම හා පුහුණුවීම් තුල ඔහුගේ තිබෙන උදාසීන බව පවසමින් සීමිත පන්දුවාර 6ක තරග තහනමක් ගුණතිලක එත ලබා දෙන්නට ඒ නිලධාරීන් කටයුතු කළා. 

මේ සිදුවීම සිදු වූයේ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වෙමින් සිටි කාල සමයක් අතරතුරයි. මේ තරග 6 තරග තහනම පසුව තරග 3ක තරග තහනමක් ලෙස සංශෝධනය කළත්, ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත්තු ගාස්තුවෙන් 20%ක දඩයක් ද නියම කළා. 

පිටියේ දී ඔහුගේ පිතිකරණ පහරවල් ඉතාමත් ප්‍රබලයි. නමුත් සංඛ්‍යාවලින් නම් එතරම් එය ඉහළින් පෙන්නේ නැහැ. ඔහු සතු තාක්‍ෂණය එක්ක මුල්පෙළ පිතිකරුවෙකු සඳහා, ටෙස්ට් තරග 8ක දී සාමාන්‍යයෙන් 18.68ක සාමාන්‍යයක් එතරම් ප්‍රබල පිතිකරුවෙක්ගේ දස්කම් ලෙස පෙන්නේ නැහැ. නමුත් කරච්චි වල හා ලාහෝර් වල ලබා ගත්ත ශතකය සහ අර්ධ ශතකය මුල්පෙළ පිතිකරුවෙක් ලෙස ඔහු සතු හැකියාව ලොවට පෙන්නපු හොඳ අවස්ථාවක් බවට කිසිම සැකයක් නැහැ.

“මට කණ්ඩායම වෙනුවෙන් නිසි ලකුණු ප්‍රමාණයක් වෙත යන්න පුළුවන් වුනේ නැහැ, මේ වසර මුලදී තිබ්බ නවසීලන්ත සංචාරය දෙස බලන්න. මම ලකුණු 43ක් සහ 71ක් ලබා ගත්තා. ඇතිවුන කොන්දේ ආබාධය යම් මට්ටමකට අඩු වුනු පසුව ක්‍රීඩා කළ තරගයත් මම ලකුණු 31ක් ලබා ගත්තා. ඊට පස්සේ එක්සත් රාජධානියට (එංගලන්තයට) ගිහින් කොන්දට එන්නත් ලබා ගත යුතු බව මට මගේ වෛද්‍යවරයා කිව්වා. මම ජාතික වශයෙන් ගිවිසුම්ගත ක්‍රීඩකයෙක් නිසා මාව එක්සත් රාජධානියට යැවීමට කළමනාකාරිත්වයේ අකමැත්තක් තිබුණා. ඔවුන්ට අවශ්‍ය වුනේ මට ශ්‍රී ලංකාව තුල ප්‍රතිකාර කිරීමටයි. නමුත් මට අවශ්‍ය එන්නත ශ්‍රී ලංකාව තුල තිබ්බේ නැහැ.

“නමුත් පසුව අසන්ත ද මෙල් මහතා (ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා), මාව ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට යැවිය යුතු බව පැවසුවා. මම එංගලන්තයේ මාසයක් ප්‍රතිකාර ලබාගෙන සුවය ලබලා ශ්‍රී ලංකාවට ඇවිත් මම ඔහුට පුද්ගලිකව ස්තූති කළා. මොකද එතුමා මට ඒ වෙලාවේ එංගලන්තයට යන්න දුන්නේ නැතිනම් මට ඉක්මනටම සුව වෙන්නේ ලැබෙන්නේ නැහැ.”

කොන්දේ ඇති වූ ආබාධය, නිතර නිතර ඔහුට මතු වෙන ගැටලුවක් වන අතර ගුණතිලක පසුගිය වසර තුනක කාලයක් තිස්සේ මේ ගැටලුවට මුහුණ දී තිබෙන නිසා ඔහුගේ දස්කම්වලට ද මෙය වක්‍රාකාර ලෙස බාධාවක් වී තිබෙන්නට පුළුවන්. (අපේ කතා බහ පැය භාගයක් වගේ යන විට ඔහු සෝෆා එකෙන් නැඟිට ප්‍රතිවිරුද්ධ පුටුවක වාඩි වුනේ එය ඔහුගේ කොන්දට වඩා හොඳ යැයි කියමින්.) පසුව ඔහු තවමත් ඔහුගේ කොන්ද ආශ්‍රිතව යම් වේදනාවක් සමඟ සෙල්ලම් කරන බව හෙළි කළා.

“මට දැන් මේ ආබාධය කළමනාකරණය කර ගන්න පුළුවන්, නමුත් මට තවත් එන්නත් දෙකක් ඒකට ලබා ගන්න ඕන. එන්නත් පහම ලබා ගැනීමට මට කාලයක් තිබුණේ නැහැ. ඒ කොහොම වුනත් මම එන්නත් තුනක් ලබා ගත්තා. හැකි විටක පැමිණ අනෙක් එන්නත් දෙකත් ලබා ගන්න යැයි මට මගේ වෛද්‍යවරයා කිව්වා. එය ඉතාමත් ඉක්මනින් කරන්න ඕන. මොකද මම ඉන්න ක්ෂේත්‍රය වෙනුවෙන් මම මගේ ඇඟේ තියෙන උපරිමය දෙන්න ඕන. උපරිමය කියන්නේ 100%ක් මිස 80%ක් නෙමෙයි. එහෙම නැතිනම් මේ ක්ෂේත්‍රය තුල ඉදිරියට යන්න බැහැ.”

ගුණතිලකගේ පියා නොවන්නට ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට එන්නට වෙන්නේ නැහැ. එය ගුණතිලකගේ කතාව තුල ඔහු නිතරම කියපු එක දෙයක්. ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඔහු දැන සිටි ප්‍රමාණයට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක් කියලයි ගුණතිලක සැම විටම ඔහුගේ පියාව හඳුන්වා දෙන්නේ.

ගුණතිලක කුඩා කාලයේ ඉඳන්ම ඔහුගේ පියා එක්ක එකට වාඩි වෙලා තරග නරඹපු ගාන අති විශාලයි. පානදුර දී උපත ලබන පුංචි ගුණතිලකගේ මුල් අවධියේ පළමු පුහුණුකරු බවට පත්වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 8ක් සහ එක්දින තරග 38ක් ක්‍රීඩා කර තිබෙන සජීව ද සිල්වා මහතායි.

ක්‍රීඩා පනත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් හැලේ

ගරු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් “ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත” පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් අද (07)……

කාලයාගේ ඇවෑමෙන් පානදුර මහානාම විද්‍යාලය හරහා ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් නිසා කොළඹ මහානාම විද්‍යාලයට පැමිණීමට ගුණතිලකට අවස්ථාව උදා වෙනවා. ගුණතිලක හැරුණු විට කිසි දිනෙක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු බිහි නොකළ මහානාම විද්‍යාලයට විශාල කීර්තියක් රැගෙන එන්නට ගුණතිලකට හැකි වුනා.

“පානදුර පාසලේ එතරම් හොඳ මට්ටමකට ඒ කාලයේ ක්‍රිකට් තිබ්බේ නැහැ. පසුව මට කොළඹට එන්න පුළුවන් වුනා. අනතුරුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වගේම ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරලා දස්කම් අතරට එන්ට මට පුළුවන් වුනා. ඒක අඩිතාලමක් කරගෙන මට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එන්න අවස්ථාව උදා වුනා. 

ඉස්සර වගේ නෙමේ දැන් ඔබට ජාතික කණ්ඩායමට එන්න ඕන නම් ඔබ කොළඹ පාසලකට එන්න ඕනම නැහැ. ගමේ පාසලක වුනත් ක්‍රීඩා කරලා දස්කම් පෙන්වල ජාතික – ජාත්‍යන්තර මට්ටමට එන්න පුළුවන් අවස්ථාව දැන් ඉන්න ක්‍රීඩකයින්ට ලැබිලා තියෙනවා. මොකද ඒ විදිහට ගැළපෙන හොඳ සැලැස්මක් තියෙනවා දැන් ශ්‍රී ලංකාවේත්. 

එකට හොඳම උදාහරණය ලෙස ගම්මානවල ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් දැන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. කවුරුහරි හොඳින් ක්‍රීඩා කරනවා ඔවුන් දුටුවොත්, ඔවුන් කොහේ සිට පැමිණියත් ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ.”

ගුණතිලක සාමාන්‍යයෙන් අපහසු ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ලැජ්ජා වන්නේ නොමැත. එය මෙතෙක් වේලාවක් ඔහු සමඟ කතා බහ කිරීමේ දී මට පෙනී ගිය එක් දෙයක්. ඒක නිසා මම ඔහුගෙන් ඇසුවා කාටද ශ්‍රී ලංකා ක්‍රිකට් භාර දෙන්න ඕන කියලා. එතැන දී ඔහු මිනිත්තු කිහිපයක් නිහඬව සිටියා. 

“මම හිතන්නේ එක් පුද්ගලයෙකුට එය කළ නොහැකි දෙයක් කියලයි” ඔහු තරමක් සිතා බලා අවසානයේ පැවසුවා. “ඒකට අපි ඔබ නිවැරදි පුද්ගලයන් සම්බන්ධ කර ගන්න ඕන. නිදසුනක් වශයෙන්, සංගා [කුමාර් සංගක්කාර], මහේල [ජයවර්ධන], රංගන [හේරත්] ඒකට ඔවුන් කැමති නම් එය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට විශාල සවියක් වේවි.  ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් වන සංගක්කාර, මහේල වගේ හිටපු ක්‍රීඩකයින් අපේ ක්‍රිකට් පද්ධතිය තුල එතරම් ක්‍රියාකාරීව සිටින බවක් මට පෙන්නේ නැහැ, ඒ ගැන තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස මට පොඩි දුකක් තියෙනවා. 

නමුත් ඔවුන් මාධ්‍ය ඉදිරියේ දී නම් යම් යම් උපදෙස් රැසක් දීලා තිබුණා මම දැක්කා. මම ආයිත් හිතනවා ඒ වගේ අපේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ආවොත් ඔවුන්ට තිබෙන ප්‍රායෝගික දැනුමත් එක්ක මේ දැනට තියෙන ක්‍රියාකාරකම් පද්ධතිය තව වර්ධනය කරන්න පුළුවන් වෙයි. ඒ වගේම පද්ධතියේ යම් වෙනසක් දැකීමට ඔවුන් ද සැබවින්ම කැමති නම් ඔවුන් මේ ක්‍රමයට ඇතුළු වී මේ සංස්කෘතිය තරමක් වෙනස් කිරීමට උත්සාහ කරයි කියලා මම විශ්වාස කරනවා.”

“ෆ්‍රෝඩ් [ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ්) එක් අවස්ථාවක මා සමඟ කතා කරමින් කිව්වා, මට (ගුණතිලකට) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රමය තුළ යම් ගැටලුවක් තියෙනවා නම්, ඔහුට (ෆ්‍රෝඩ්) මාව එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායමක් වෙත හොඳ දීමනාවක් සමඟ සම්බන්ධ කරන්න පුළුවන් කියලා මට කිව්වා. මම හොඳට අවුරුදු දෙකක් වගේ කාලයක් එම ක්‍රමයට ක්‍රීඩා කළොත්, මට අයර්ලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලබා ගන්න පුළුවන් කියලත් ඔහු මට කිව්වා. නමුත් මට එහෙම කරන්න ඕන නැහැ. මම මගේ ශ්‍රී ලංකාවට ගොඩක් ආදරෙයි. ශ්‍රී ලංකාවේ ඉන්න අය මම ගැන වැරදි විදිහකින් බලනවා නම් ඒවා ඔක්කොම වැරදියි. මම මගේ රටට හැමදාමත් ආදරෙයි. එකේ වෙනසක් වෙන්නේ නැහැ.”

“යම් යම් අවස්ථාවන් වලදී ක්‍රිකට් ආයතනයේ පවා නිශ්චිත ප්‍රමිතියක් ක්‍රියාත්මක නොවන බව අපට හැඟී ගිය අවස්ථාවන් ගණන අනන්තයි අප්‍රමාණයි. එක්තරා කාලයක ශ්‍රී ලංකාව වෙනුවෙන් නවක ක්‍රීඩකයින් 40කට වඩා වැඩි ප්‍රමාණයක් ජාතික කණ්ඩායම නියෝජනය කරලා තිබ්බා, ඒ කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස හිටියේ සනත් ජයසූරිය මහත්මයා. ඔබ ස්ථාවර නැත්නම් හරි නිරන්තරයෙන් බියට පත් වෙනවා නම් හරි ඔබව පහත වට්ටන එක හරිම ලේසියි. ඔබ ස්ථාවර නම් තරග දෙකකට තුනකට පාරක් ශතකයක් ගන්න ඕන, බලන්න ස්ටීව් ස්මිත් සහ කෝලි ඔවුන් දෙදෙනා ක්‍රිකට් පිටිය තුල පිතිකරණයෙන් සෑහෙන්න ස්ථාවර මට්ටමක ඉන්නවා.

“ඇන්ජලෝ මැතිව්ස් මම කණ්ඩායමේ ස්ථාවරව හිටි කාලයේ දී වගේම අසාර්ථක වෙනකොටත් මට ගොඩක් උදව් කරපු ක්‍රීඩකයෙක්. ඔහු දැක්කා මට කරන්න පුළුවන් තරම කොයි වගේ ද කියලා. මම මගේ මංගල එක්දින තරගයට ක්‍රීඩා කළේ ඔහුගේ නායකත්වය යටතේ, ඒ ක්‍රීඩා කරලා 4 වැනි තරගයේ දී මට හොඳ ලකුණු ප්‍රමාණයක් වෙත එන්න පුළුවන් වුනා. ඒ තරගයේ දී මම නවසීලන්තයට එරෙහිව ලකුණු 65ක් ලබා ගත්තා. මම ක්‍රීඩාගාරයට ගියාම ඔහු (මැතිව්ස්) බය වෙලා වගේ මගෙන් ඇහුවා. ‘මම හිතුවේ නැහැ ඔයා ඔච්චර හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක් කියලා.’ යැයි ගුණතිලක පැවසුවා.

“හතුරසිංහ මහතා කණ්ඩායමට ආවයින් පස්සේ ඔහු මට ගොඩක් දේවල් ඉගැන්නුවා. ඔහුගෙන් ලැබුණු සහයෝගය මට හොඳට තේරුණා. පිතිකරණය දෙසින් මගේ තිබ්බ යම් යම් අඩුපාඩු වගයක් හදා ගන්න තිලාන් සමරවීර මහතා [පිතිකරණ පුහුණුකරු] මගේ ක්‍රිකට් එක ගොඩක් උඩට ගන්න ගොඩක් මට උදව් කළා. ඔවුන්ට ඕන වුනේ මාව දිගුකාලීන සැලසුමක් එක්ක ඉදිරියට අරගෙන යන්න, ඒ එහෙම වුනත් තේරීම් කමිටුව ඒ තීරණයට එතරම් වැඩි සහයක් ලබා දුන්නේ නැහැ.

“මම ඇඳිරි නීතිය කඩ කළ වේලාවේ දී තේරීම් කමිටුව මාව කණ්ඩායමෙන් ඉවත් කරන්න හේතුවක් හොයා හොයා හිටියේ, මේ සිදුවීම ඔවුන්ට ලැබුණු තෑග්ගක් වගේ වුනා. “ඔවුන්ට ඕන වුනේ නවයට නින්දට ගොස් හතට කෑම කන පිරිමි ළමයින්.”

“මම හිතන්නේ මම ශ්‍රී ලංකාව තුල ඉතාමත් ජනප්‍රියයි, මොකද මගේ රසික/රසිකාවියන් ගොඩක් වෙලාවට මාව දැක්කාම මාව නවත්තලා ටිකක් කතා කරලා, මාත් එක්ක සෙල්ෆියක් ගන්නවා. ඒකට මගේ ක්‍රිකට් එකට අමතරව Instagram ගිණුමත් ලොකු හේතුවක් වෙලා තියෙනවා. Instagram ගිණුමේ ගොඩක් රසික/රසිකාවියන් මා පසුපස හඹා එනවා.  ඇන්ජලෝ මැතිව්ස්ටත් වඩා මම ජනප්‍රියයි කියලත් එක වේලාවකට මට හිතෙනවා.!”

ඔහු විහිළුකාර චරිතයක් නොවේ, හොඳ වැඩ කළත් එය ඔහු සඟවා ගෙන ඉන්නවා. මම සංවාදයට ඔහු එක්ක වාඩි වෙන්න කලින් ඔහුගෙන් ඉල්ලුවේ විනාඩි 30ක කාලයක් වුනත් අපේ සංවාදයට මිනිත්තු 90කට ආසන්න කාලයක් ගිහින් තිබෙන බව අපිට තේරුණේ සංවාදය අවසන් වෙනකොටයි. ඒ මිනිත්තු 90 දී ඔහු කිසි විටෙකත් නොඉවසිලිමත් වීමේ ඉඟියක්හෙවත් ලබා දුන්නේ නැහැ. 

ඔහුට සිදුව තිබෙන අසාධාරණය ගැන කතා කිරීමට ඔහු කිසිවිටෙක බය වුනේ නැහැ. ඒ වගේම තමන් අතින් සිදු වූ වරදක් නැවතත් නොවන්නට ඔහු බොහොම වගකීමෙන් කටයුතු කරන බවක් මට ඔහුගෙන් දකින්නට පුළුවන් වුනා.

අවසානයේ මම ඔහුට සමුදෙමින් කෝපි පානය සඳහා මුදල් ගෙවීමට උත්සහ කළත්, ගුණතිලක එය ලබා ගන්නේ නැතිව “දෙවියෝ දන්නවා මේ තරගාවලියේ දී පාකිස්තානය අපි වෙනුවෙන්  කොච්චර මුදල් ප්‍රමාණයක් වැය කළා ද කියලා.” යැයි මට අවසන් ලෙස පැවසුවා.

ESPN Cricinfo වෙබ් අඩවියේ පළවූ Danyal Rasoolගේ ‘My lifestyle is different to some other Sri Lankan players. That doesn’t mean I’m a bad person’ යන ලිපියේ පරිවර්තනයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<