හලාවත මේරියන්ස් හා නාවික හමුදා තරුණයෝ වැඩ පෙන්වති

SLC නැගී එන ක්‍රිකට් තරගාවලිය 2019/20

86

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (5) නිමා වූ තරග දෙක  අතරින් වැඩි දස්කම් දැක්වීමට හලාවත මේරියන්ස් හා නාවික හමුදා තරුණ ක්‍රීඩකයෝ සමත් වූහ.

දුවිඳු හා කොත්තිගොඩ ඇතුළු බී. ආර්. සී කණ්ඩායමෙන් වැඩි දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (4) නිමා වූ තරග….

එස්. එස්. සී හා නාවික හමුදා ක්‍රීඩා සමාජය – A කාණ්ඩයේ තරගය

එස්. එස්. සී ක්‍රිකට් පිටියේ ඊයේ (4) ආරම්භ වූ මෙම දෙදින තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වූයේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයක් හිමි කරදෙමිනි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදා කණ්ඩායම පළමුව පන්දු රකින ලදි. 

එහි දී එස්. එස්. සී කණ්ඩායමේ පිතිකරුවන් බොහෝමයක් දෙනා අසාර්ථක ලෙස පිත්තෙන් පිළිතුරු දක්වද්දී සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත්වූ අහන් වික්‍රමසිංහ ලකුණු 68ක් ලබා ගනිමින් ආදර්ශමත් ඉනිමක් දියත් කළේය. අවසානයේ එස්. එස්. සී. පළමු ඉනිම ලකුණු 126කට සීමා විය. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන සවිඳු පීරිස් හා කවිත ඩිල්ෂාන් කඩුලු 4 බැගින් දවාලන ලදි. 

තරගයේ දෙවන හා අවසන් දිනය අවසන් වන විට නාවික හමුදාව කඩුලු 4ක් දැවී ලකුණු 239ක් ලබා ගත් අතර වමතින් පිතිකරණයේ නිරත වන ජොහෑන් ද සිල්වා (වර්තමාන සාන්ත ජෝසප් විද්‍යාල වයස අවුරුදු 19න් පහළ නායක) අගනා පිතිකරණයක නිරත වෙමින් ලකුණු 82ක් වාර්තා කර ගන්නා ලදි. 

ඊට අමතරව නාවික හමුදා මැදපෙළ සවිමත් කළ ශලිත් ප්‍රනාන්දු හා නවෝද් සමරකෝන් පිළිවෙළින් ලකුණු 51*ක් හා ලකුණු 45ක් රැස්කර ගත්තේ එස්. එස්. සී තරුණ පන්දු යවන්නන් හට දැඩි පීඩනයක් එල්ල කරමිනි. 

තරගයේ පළමු දිනය වූ ඊයේ දිනයේ තණතිල්ල සහිත ප්‍රදේශය තෙත බරිතව තිබීම නිසා තරගයේ ආරම්භය පැය කිහිපයකින් ප්‍රමාද විය. එය එසේ සිදු නොවූයේ නම් මීට වඩා උණුසුම් තරගයක් නිර්මාණය වන්නට වැඩි අවකාශයක් තිබුණි.

එස්. එස්. සී – 79/5 (19) 126 (28.4): අහන් වික්‍රමසිංහ 68, සවිඳු පීරිස් 4/29, කවිත ඩිල්ෂාන් 4/36.

නාවික හමුදාව – 239/4 (66): ජොහෑන් ද සිල්වා 82, ශලිත් ප්‍රනාන්දු 51*, නවෝද් සමරකෝන් 45, දිනාල් ඉශේන් 21, හිමේෂ් රාමනායක 2/36, ආකාශ් සේනාරත්න 2/73.

ස්මිත් පාකිස්තානයට බැට දෙයි

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (5) නිමා වූ දිවා/රාත්‍රී තරගයේ…..

බ්ලූම්ෆීල්ඩ් හා හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – C කාණ්ඩයේ තරගය

කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ නිමාව දුටු මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි. අශෙල් සිගේරා ලබාගත් වටිනා ලකුණු 47 නිසා බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ලකුණු 157ක් වැනි සැලකිය යුතු මට්ටමේ ලකුණක් වෙත පැමිණීමේ අවස්ථාව උදා විය.

එම ඉනිමට පිළිතුරු දීම ආරම්භ කළ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය  තරගයේ දෙවන දිනය තුල ඔවුන්ගේ පළමු ඉනිම ආරම්භ කරන විට කඩුල්ලක් දැවී ලකුණු 94ක් වාර්තා කරගෙන සිටියේය. එතැන් සිට දෙවන සහ අවසන් දිනයේ නිමාව දක්වා පිතිකරණයේ නිරත වූ මේරියන්ස් පිතිකරුවන් සියලුම දෙනා පාහේ ලකුණු අතරට පැමිණි අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩිල්ශාන් සංජීව (ලකුණු 132*) හා ලසිත් කෘෘස්පුල්ලේ (ලකුණු 112) ශතක ලබා ගන්නා ලදි. 

Photos: Saints Quadrangular Cricket Tournament 2019

ඊට අමතරව පිතිකරණයෙන් දස්කම් අතරට පැමිණි සනෝජ් විජේතුංග හා ඉමේෂ් උපමාල් පිළිවෙළින් ලකුණු 53ක් හා ලකුණු 38ක් වාර්තා කරගනිමින් හලාවත මේරියන්ස් පළමු ඉනිම දැවැන්ත ලකුණු පුවරුවක් දක්වා රැගෙන යන ලදි. 

අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගෙන සිටි හලාවත මේරියන්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 435ක් ලබා ගෙන සිටිය දී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් කටයුතු කළහ.

බ්ලූම්ෆීල්ඩ් – 157 (69.3): අශෙල් සිගේරා 47, කසුන් ඒකනායක 33, රෙවාන් කෙලී 20, නවීන් ගුණවර්ධන 3/25, කවිඳු බණ්ඩාර 2/10, ක්‍රිෂාන් සිල්වා 2/17

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – 435/7 (94): ඩිල්ශාන් සංජීව 132*, ලසිත් කෘෘස්පුල්ලේ 112, සනෝජ් විජේතුංග 53,  ඉමේෂ් උපමාල් 40, කවිඳු ඉරෝෂ් 38, කවිඳු බණ්ඩාර 30, කසුන් අබේරත්න 2/43

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<