දේවින්ද, මාලින්ද සහ ඩිලංක හොඳම පන්දු යැවීම් වාර්තා කරයි

SLC Major Cup T20 Tournament 2022

1145

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 9 වැනි දිනය වූ අද (30) දිනයේත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරග 4ක විසඳුමක් වාර්තා නොවූ අතර පැවති තරගවල දී තම හොඳම පන්දු යැවීම් වාර්තා කිරීමට චානක දේවින්ද, මාලින්ද පෙරේරා සහ ඩිලංක අවුවර්ඩ් සමත් වුනා.

Ace Capital කණ්ඩායමේ 24 හැවිරිදි වමතින් පා දඟපන්දු යවන චානක දේවින්ද, Sri Lanka Air Force කණ්ඩායමට එරෙහිව ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත් අතර එය දවසේ හොඳම පන්දු යැවීම බවට ද පත්වුනා.

Sri Lanka Navy SC කණ්ඩායමේ වමතින් පා දඟපන්දු යවන 31 හැවිරිදි ඩිලංක අවුවර්ඩ් Bloomfield කණ්ඩායමට එරෙහිව ලකුණු 16කට කඩුලු 3ක් දවා ගන්නා විට Bloomfield කණ්ඩායම නියෝජනය කරන 20 හැවිරිදි වමතින් පා දඟපන්දු යවන මාලින්ද පෙරේරා ලකුණු 06කට කඩුලු 3ක් දවා ගත්තා.

මේ දක්ෂතාත් සමඟින් අද පැවති තරගවල දී Bloomfield C & AC කණ්ඩායම සහ Sri Lanka Air Force SC කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

CCC පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ Baduraliya SC සහ Lankan CC අතර තරගය එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දැමුන අතර CCC ක්‍රීඩා පිටියේ දීම පැවැත්වීමට නියමිතව තිබූ Galle CC සහ Kalutara Town Club අතර තරගය පන්දු 25කට ද, P. Sara Oval ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ SSC සහ CCC අතර තරගය පන්දුවාර 5කට ද සහ SSC ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ Kurunegala Youth CC සහ Sri Lanka Army SC අතර තරගය පන්දුවාර 13කට ද සීමා වුනා.

පැවැති තරග අතර අතුරින් P. Sara Oval ක්‍රීඩා පිටියේ දී පැවති Bloomfield C & AC සහ Sri Lanka Navy SC අතර තරගය පන්දුවාර 6ක තරගයක් ලෙසින් ද, SSC ක්‍රීඩා පිටියේ දී පැවති Sri Lanka Air Force SC සහ Ace Capital CC අතර තරගය පන්දුවාර 15කට ද සීමාවුනා.

අද විසඳුමක් නොවූ තරග සමඟින් මේ දක්වා තරගාවලියේ තරග 54ක් නිමා වී ඇති අතර ඉන් තරග 20ක විසඳුමක් වාර්තා වී නොමැත.

Bloomfield C & AC සහ Sri Lanka Navy SC අතර තරගය – P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

Bloomfield C & AC – කඩුලු 7ක් දැවී 46 (6): ලහිරු මධුශංක 18, ඩිලංක අවුවර්ඩ් 3/16, පූර්ණ චාරුක 2/09.

Sri Lanka Navy SC – කඩුලු 4ක් දැවී 30 (6): ලහිරු ජයකොඩි නොදැවී 12, මාලින්ද පෙරේරා 3/06.

Bloomfield C & AC කණ්ඩායමට ලකුණු 16ක ජයග්‍රහණයක්.


Sri Lanka Air Force SC සහ Ace Capital CC අතර තරගය – SSC ක්‍රීඩා පිටියේ දී

Sri Lanka Air Force SC – කඩුලු 8ක් දැවී 118 (15): මොවින් සුබසිංහ 24, ලසඳ රුක්මල් 31, චානක දේවින්ද 4/17.

Ace Capital CC – සියලු දෙනා දැවී 86 (14.5): ෂෙහාන් ප්‍රනාන්දු 21, සිතුම් දිසානායක 32, මොවින් සුබසිංහ 2/21, නදීර ඉෂාන් 2/11, මධුශංක ප්‍රේමරත්න 3/12, දේශාන් ප්‍රනාන්දු 2/07.

Sri Lanka Air Force SC කණ්ඩායමට ලකුණු 32ක ජයග්‍රහණයක්.


Galle CC සහ Kalutara Town Club අතර තරගය – CCC ක්‍රීඩා පිටියේ දී

Galle CC – කඩුලු 2ක් දැවී 25 (4.1): විනුර දුල්සර නොදැවී 14, ඉංසක සිරිවර්ධන 2/11.

තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.

SSC සහ CCC අතර තරගය – P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

SSC – කඩුලු 2ක් දැවී 24 (5): චරිත් අසලංක 09, මාලින්ද පුෂ්පකුමාර 1/01.

තරගය විසඳුමකින් තොරව අවසන් වුවා.


Kurunegala Youth CC සහ Sri Lanka Army SC අතර තරගය – SSC ක්‍රීඩා පිටියේ දී

Kurunegala Youth CC – කඩුලු 4ක් දැවී 44 (13): ඩිල්ෂාන් කොල්ලුරේ නොදැවී 13, සුමින්ද ලක්ෂාන් 1/03.

තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.

හෙට (31) තරගාවලියේ 10 වැනි දිනයයි. දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ අලුත්ම තතු විත්ති දැන ගන්න රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<