කළුතර බාලිකා හා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ශූරතා

725

කළුතර දිස්ත්‍රික් මයිලෝ දැල්පන්දු ශූරතා තරගාවලිය පසුගිය දා වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය. එහි දී වයස අවුරුදු 19න් පහළ හා 17න් පහළ ශූරතා ජයග්‍රහණය කිරීමට කළුතර බාලිකා විද්‍යාලය සමත් වූ අතර කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වයස අවුරුදු 15න් පහළ හා 13න් පහළ ශූරතා ජයග්‍රහණය කිරීමට සමත් විය.

අවසන් තරගය ජය ගනිමින් තර්ජීනි නැවතත් වාර්තා පොත් අලුත් කරයි

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් …………

මෙම තරගාවලිය ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය හා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ අතර ඒ සඳහා අනුග්‍රහය දක්වන ලද්දේ නෙස්ලේ ලංකා පෞද්ගලික සමාගමයි. තරගාවලිය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ සියලු කලාප නියෝජනය කරමින් බාලිකා කණ්ඩායම් 35ක් සහභාගි වී සිටියහ. 

අවසන් තරග ප්‍රතිඵල 

වයස අවුරුදු 13න් පහළ තරගාවලිය 

කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් එහි ශූරතාව දිනා ගත් අතර ඔවුන් ලකුණු 7-4ක් ලෙස පරාජය කළේ කළුතර බාලිකා ජාතික පාසලයි. 

වයස අවුරුදු 15න් පහළ තරගාවලිය 

වඩාත් තරගකාරී අවසන් තරගයක් වූ මෙම තරගයේ දී ද ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් කළුතර බාලිකා විද්‍යාලය පරාජය කළ අතර අවසන් ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු 14-10ක් ලෙසිනි. 

වයස අවුරුදු 17න් පහළ තරගාවලිය 

මෙම වයස් කාණ්ඩයේ අවසන් තරගය සඳහා කළුතර බාලිකා විද්‍යාලය හා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සුදුසුකම් ලබා සිටි අතර අවසන් තරගයේ දී කළුතර බාලිකා විද්‍යාලය විසින් ලකුණු 33-22ක් ලෙස ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය පරාජය කිරීමට සමත් විය. 

වයස අවුරුදු 19න් පහළ තරගාවලිය 

කළුතර බාලිකා විද්‍යාලය විසින් මෙම තරගය පහසුවෙන් ජයග්‍රහණය කළ අතර ඔවුන් පානදුර යහපත් එඩේරාගේ කන්‍යාරාමය පරාජය කළේ ලකුණු 33-04ක් ලෙසිනි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<