මිනෝද් සහ කසුන් අර්ධ ශතක රැස් කරයි

SLC Major Clubs T20 Tournament 2022

226

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවති තරගවල දී මිනෝද් භානුක සහ කසුන් විදුර අර්ධ ශතක වාර්තා කරගැනීමට සමත් වුනා.  

CCC කණ්ඩායමේ මිනෝද් භානුක Sri Lanka Air Force SC කණ්ඩායමට එරෙහිව පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 58ක් රැස් කරගත්තා.

Chilaw Marians CC කණ්ඩායමේ 28 හැවිරිදි වමත් පිතිකරු කසුන් විදුර, Ragama CC කණ්ඩායමට එරෙහිව පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් වාර්තා කරගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස තරග පිටියේ හොඳම ඉනිමයි.

මේ අතර අද නිමා වූ තරගවල දී පන්දු යවන්නන් 10 දෙනෙකු කඩුලු 3 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙනුනා.

Sri Lanka Air Force SC සහ CCC අතර තරගය – P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

Sri Lanka Air Force SC – කඩුලු 7ක් දැවී 128 (20): උදයවංශ පරාක්‍රම 48, මොවින් සුබසිංහ 33, මාලින්ද පුෂ්පකුමාර 3/23, පවන්ත වීරසිංහ 2/09.

CCC – කඩුලු 4ක් දැවී 129 (15.5): මිනෝද් භානුක 58, අශාන් ප්‍රියංජන් 43.

CCC කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක්.

Kandy Customs CC සහ Negombo CC අතර තරගය – Colts ක්‍රීඩා පිටියේ දී

Kandy Customs CC – කඩුලු 8ක් දැවී 117 (20): සජිත් ප්‍රියාල් 26, මිතුන් ජයවික්‍රම 26, රොෂේන් ප්‍රනාන්දු 3/22, ශෙශාන් ප්‍රනාන්දු 2/20, පසිඳු උස්හෙට්ටිගේ 2/21.

Negombo CC – සියලු දෙනා දැවී 74 (18.1): ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 21, දිමුතු සඳරුවන් 24, මෙතුෂාන් තිළිණ 3/12, මිතුන් ජයවික්‍රම 3/20, අයේෂ් හර්ෂණ 2/10.

Kandy Customs CC කණ්ඩායමට ලකුණු 43ක ජයග්‍රහණයක්.

Police SC සහ Colts CC අතර තරගය – CCC ක්‍රීඩා පිටියේ දී

Police SC – සියලු දෙනා දැවී 82 (18.4): නදීර බාලසූරිය 17, සංගීත් කුරේ 2/19, මොහොමඩ් ශිරාස් 2/18, අකිල ධනංජය 3/12, මුදිත ලක්ෂාන් 3/13.

Colts CC – කඩුලු 6ක් දැවී 86 (17.4): හෂාන් දුමිඳු 41, නලින් ප්‍රියදර්ශන 2/16.

Colts CC කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක්.

Chilaw Marians CC සහ Ragama CC අතර තරගය – P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

Chilaw Marians CC – කඩුලු 8ක් දැවී 117 (20): කවිඳු ඉරෝෂ් 46, කසුන් විදුර 51, ඉෂාන් ජයරත්න 3/14, නිපුන් මාලිංග 2/23, ජනක සම්පත් 2/16.

Ragama CC – කඩුලු 7ක් දැවී 121 (19.4): නිශාන් මධුශංක 28, අවිශ්ක තරිඳු 33, අවිඳු තීක්ෂණ 3/22, රවීන් යසස් 3/20.

Ragama CC කණ්ඩායමට කඩුලු 3ක ජයග්‍රහණයක්.

Sri Lanka Army SC සහ Galle CC අතර තරගය (Colts ක්‍රීඩා පිටියේ දී)

Sri Lanka Army SC – කඩුලු 9ක් දැවී 146 (20): මහේෂ් කුමාර 35, දිනේෂ් චන්දිමාල් 30, සීක්කුගේ ප්‍රසන්න 30, ලක්ෂාන් එදිරිසිංහ 20, චතුර ලක්ෂාන් 2/19, රජිත ප්‍රියාන් 3/35, ඩිල්ශාන් කාංචන 2/18.

Galle CC – කඩුලු 8ක් දැවී 109 (20): කෞෂිත කොඩිතුවක්කු 33, කවිඳු එදිරිවීර 22, හරීන් බුද්ධිල 21, ලක්ෂාන් ගමගේ 2/17, යසෝද මෙන්ඩිස් 2/21.

Sri Lanka Army SC කණ්ඩායමට ලකුණු 37ක ජයග්‍රහණයක්.

SSC සහ Saracens SC අතර තරගය – CCC ක්‍රීඩා පිටියේ දී

SSC – සියලු දෙනා දැවී 87 (18.5): කේශාන් විජේරත්න 20, චමිඳු වික්‍රමසිංහ 27, ප්‍රමෝද් මධුවන්ත 2/11, උදිත් මධුශාන් 3/21, ආකාශ් සේනාරත්න 2/20.

Saracens SC – කඩුලු 2ක් දැවී 88 (13.5): තවීෂ අභිෂේක් 34, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 20, සිතාර ගිම්හාන් 20.

Saracens SC කණ්ඩායමට කඩුලු 8ක ජයග්‍රහණයක්.

දිනෙන් දින උණුසුම් වන මෙම තරගාවලියේ තවත් තරග 6ක් මේ මස 08 වැනිදා ක්‍රීඩාංගණ තුනක දී පැවැත්වීමට නියමිත අතර එහි උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<