මියුසියස් තුන්වැනි වරටත් ශූරතාව දිනා ගනී

3 වැනි මාරි මියුසියස් - රෝහිණී ඇලස් අභියෝගතා කුසලානය

675
Rohini Alles Challenge Trophy
3rd Annual Musaeus College v Gateway College Netball Encounter

කොළඹ මියුසියස් විද්‍යාලය හා ගේට්වේ විද්‍යාලය අතර පැවති තුන්වැනි වාර්ෂික දැල්පන්දු තරගාවලියේ නැවත වරක් ශූරතාව දිනා ගැනීමට මියුසියස් විද්‍යාලය සමත් විය. ඒ ලකුණු 40-18ක් ලෙස ගේට්වේ විද්‍යාලය පරාජය කරමිනි. තරගාවලිය රත්මලාන ගේට්වේ විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

මියුසියස් විද්‍යාලය 2019 දී පැවති තරගාවලියේ දී 38-18ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය. 

මියුසියස් සහ ගේට්වේ කණ්ඩායම් පිළිවෙළින් රන්දූලි රුබසිංහ සහ අනීෂා පෙරේරා විසින් මෙහෙයවන ලදි. ගේට්වේ කණ්ඩායම නියෝජනය කළ අනීෂා පෙරේරා සහ විෂ්මිකා රත්නායක 2019 දී ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ අතර ආරම්භක දකුණු ආසියානු වයස අවුරුදු 16න් පහල දැල්පන්දු ශූරතාවලියේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 16න් පහල කණ්ඩායමේ නායකත්වය දැරුවේ නෙත්මි විජේනායකයි. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.

කණ්ඩායම් දෙකම තරගයේ මුල් මිනිත්තු කීපය තුල ගෝල කිහිපයක් හුවමාරු කර ගත් නමුත් පළමු කාර්තුව 12-06ක් ලෙස අවසන් කිරීමට මියුසියස් කණ්ඩායම සමත්වූයේ තම බලය තහවුරු කරගනිමිනි. (පළමු කාර්තුව: මියුසියස් 12 – 06 ගේට්වේ)

2 වැනි කාර්තුවේ දී මියුසියස් කණ්ඩායම තවත් ගෝල 13ක් ලබා ගත් අතර ගේට්වේ කණ්ඩායම සඳහා ගෝල 3ක් පමණක් ලබා දී තිබිණි. එම කාර්තුව අවසන් වන විට මියුසියස් කණ්ඩායම ලකුණු 25-09ක් ලෙස පෙරමුණ ගත්තේය. (දෙවන කාර්තුව: මියුසියස් 25 – 09 ගේට්වේ)

ආරම්භක කාර්තු දෙක හා සසඳන විට තෙවැනි කාර්තුව තරමක් මන්දගාමී විය. අඩු ලකුණු ලබා ගැනීමේ කාර්තුවක් වූ එම කාර්තුවේ දී මියුසියස් කණ්ඩායම ගෝල 7ක් පමණක් ලබා ගත් අතර ගේට්වේ ලකුණු 3ක් රැස් කළේය. තුන්වැනි කාර්තුව අවසන් වන විට මියුසියස් කණ්ඩායම ලකුණු 32-12ක් ලෙස ඉදිරියෙන් පසුවිය. (තුන්වැනි කාර්තුව: මියුසියස් 32 – 12 ගේට්වේ)

අවසන් කාර්තුව ද අඩු ලකුණු ලබාගත් කාර්තුවක් වූ නමුත් තරගය 40-18ක් ලෙස ජය ගැනීමට මියුසියස් කණ්ඩායම සමත්වූයේ එම කාර්තුවේ දී ගෝල 08-06ක් ලෙස ගේට්වේ කණ්ඩායම පසුකර යමිනි. (සිව්වැනි කාර්තුව: මියුසියස් 40 – 18 ගේට්වේ)

මියුසියස් කණ්ඩායම වෙනුවෙන්, දිල්මි විජේනායක ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් අනුගමනය කළ අතර ඇය කණ්ඩායමේ ගෝලවලින් වැඩි ප්‍රමාණයකට හිමිකම් කීමට සමත් විය. නෙතංගා ගුණරත්න ගෝල රකින්නා ලෙස දක්ෂතා දැක්වීමට සමත් විය. 

  • හොඳම පන්දු විදින්නිය – දිල්මි විජේනායක (මියුසියස් විද්‍යාලය)
  • හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව – විෂ්මිකා රත්නායක (ගේට්වේ විද්‍යාලය)
  • හොඳම ක්‍රීඩිකාව – රන්දූලි රුබසිංහ (මියුසියස් විද්‍යාලය)

මෙම තරගාවලියට සමගාමීව පැවති ප්‍රදර්ශන තරගයේ දී මහනුවර ගේට්වේ විද්‍යාලය කොළඹ බිෂොප් විද්‍යාලය පරාජය කිරීමට සමත් විය. එම තරගයේ හොඳම විදින්නිය වූයේ මහනුවර ගේට්වේ විද්‍යාලයේ රශ්මි රාජපක්ෂ ය.  මහනුවර ගේට්වේ විද්‍යාලයේ යසස්වි කොඩිතුවක්කු හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව විය. බිෂොප් විද්‍යාලයේ දිනිති විජේසුන්දර හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය. 

වයස අවුරුදු 15න් පහල තරගයේ දී ගේට්වේ විද්‍යාලය විසින් මියුසියස් විද්‍යාලය පරාජය කළාය. හොඳම පන්දු විදින්නිය වූයේ ගේට්වේ විද්‍යාලයේ ඔනාදි සමරකෝන් ය.  හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව වූයේ මියුසියස් විද්‍යාලයේ මුතුනිමා රාජපක්ෂ ය. ගේට්වේ කණ්ඩායමේ රිතිකා ශ්‍රී කාන්ත් හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<