මහනුවරට නව හිමිකරුවන්!

ලංකා ප්‍රිමියර් ලීග් 2021

302

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මහනුවර කණ්ඩායමේ අයිතිය නව හිමිකරුවන් දෙදෙනෙක් විසින් ලබාගෙන තිබෙනවා. ඒ අනුව Safexpay සමාගමේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරි Ravi Gupta හා Vernost සමාගමේ අධ්‍යක්ෂ Pankaj Tripathi LPL දෙවන අදියර සඳහා මහනුවර කණ්ඩායමේ හිමිකාරිත්වය දරනු ලබයි.

 Ravi Gupta මහතාගේ Safexpay සමගම ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙන්ම සිංගප්පූරුවේ ද ප්‍රචලිත සමාගමක් වන අතර එය ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු කිරීම් සඳහා පහසුකම් සපයන සමාගමක්.

Vernost Technologies LLC සමාගමේ අධ්‍යක්ෂක ධූරය දරන Pankaj Tripathi මහනුවර කණ්ඩායමේ අනෙක් හිමිකරුවා ලෙස කටයුතු කරන අතර එම සමාගම ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා විවිධ පහසුකම් සපයන ආයතනයක්.

මහනුවර කණ්ඩායමේ නව හිමිකරුවන් ප්‍රබල කණ්ඩායමක් ගොඩ නැගීමට උත්සුක වන බව තරගාවලි සංවිධායකයින් වන IPG ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා. “අපි උත්සහ කරනවා සමබර කණ්ඩායමක් ගොඩනගන්න. අපි බලාපොරොත්තු වෙනවා කණ්ඩායම තමන්ගේ උපරිම හැකියාවෙන් ක්‍රීඩා කරලා බලාපොරොත්තු වන ප්‍රතිඵල අත්කර ගනියි කියලා.” තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන ඔක්තෝබර් 27 දා පැවැත්වීමට නියමිතයි.

 ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර ජෛව ආරක්‍ෂිත බුබුළක් තුළ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගත්තේ Jaffna Stallions කණ්ඩායමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා IPG ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<