ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය තරග අත්හිටුවයි

4018

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල දින නියමයකින් තොරව අත්හිටවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා සිදු කළ පැමිණිල්ලකට අනුව ක්‍රීඩා තාක්ෂණික කමිටුව විසින් සිදු කළ නියෝගයක් අනුව මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. 

ඒ අනුව ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් 2023 වසරේ අගෝස්තු 25 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිඛිත උපදෙසක් නිකුත් කර ඇති බව ද සඳහන්. 

මෙම තීරණය නිසා මෙම ගැටලුව සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන දේශීය ක්‍රිකට් තරග සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට සිදු වෙනවා. 

මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබෙන අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ තුන්දින තරගාවලිය සහ ආරාධිත තෙවැනි පෙළ තුන්දින තරගාවලිය ද මෙම තීරණයත් සමඟ දින නියමයකින් තොරව නවතා දැමීමට සිදු වන බව සඳහන්. 

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<