මූවර්ස් ක්‍රීඩකයෝ දෙවැනි වරටත් ඉනිමක ජයක් ලබයි

අන්තර් ක්‍රීඩා සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය 2023

285
SLC Major Clubs 3-Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේත් ඉනිමක ජයග්‍රහණයක් වාර්තා කිරීමට මූවර්ස් ක්‍රීඩා සමාජය සමත් වුනා.  

ඒ ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 48ක ජයග්‍රහණයක් ලබා ගනිමින්.  

එම ජයග්‍රහණය වෙනුවෙන් සොහාන් ද ලිවේරා සහ ජනිශ්ක පෙරේරා ශතක වාර්තා කළ අතර රමේෂ් මෙන්ඩිස් සහ මොහොමඩ් ෂමාස් අර්ධ ශතක වාර්තා කළා. පන්දු යැවීමේ දී තීසාන් විතුසාන්, ප්‍රවීන් ජයවික්‍රම සහ ලහිරු සමරකෝන් දක්ෂතා දැක්වූවා.  

ඔවුන් පෙර සතියේ දී කුරණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිව ද ඉනිමක සහ ලකුණු 62ක ජයග්‍රහණය ලබා ගත්තා.  

මේ අතර අද අවසන් වූ තරගවල දී රාගම කණ්ඩායමේ සංජය චතුරංග පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 103ක් සහ බදුරලිය කණ්ඩායමේ රනේෂ් පෙරේරා පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය සහ SSC කණ්ඩායමේ ලක්ෂිත මනසිංහ කඩුලු 6ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.  

මේ අතර දිනයේ අර්ධ ශතකලාභීන් ලෙසින් BRC කණ්ඩායමේ ලියෝ ෆ්‍රැන්සිස්කෝ සහ රාගම කණ්ඩායමේ ජනිත් ලියනගේ ගේ නම් ලියැවුණ අතර පන්දු යැවීමේ දී නුගේගොඩ කණ්ඩායමේ තිලකරත්න සම්පත් කඩුලු 5ක් දවා ගනිමින් කැපී පෙනුණා 

A කාණ්ඩය 

කෝල්ට්ස් සහ BRC කෝල්ට්ස් පිටියේ දී 

  • BRC පළමු ඉනිම – සියලුම දෙනා දැවී 144 (47.2) ඩිල්රුවන් පෙරේරා 56, අකිල ධනංජය 3/59, ධනංජය ලක්ෂාන් 2/29, මල්ක මධුශංක 2/0 
  • කෝල්ට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 387 (102) සංගීත් කුරේ 92, ධනංජය ලක්ෂාන් 35, ඇන්ජලෝ මැතිව්ස් 172, කවිශ්ක අංජුල 28, මොහොමඩ් ශිරාෂ් 4/96, ඩිල්රුවන් පෙරේරා 3/86, සසික ඩිල්ශාන් 2/103 
  • BRC දෙවැනි ඉනිම – සියලුම දෙනා දැවී 197 (30) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 72, ඩිල්රුවන් පෙරේරා නොදැවී 46, අකිල ධනංජය 6/87 

රාගම සහ පානදුර අතර තර්ස්ටන් පිටියේ දී 

  • පානදුර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 396 (111) පවන් ද සිල්වා 52, රොෂාන් විජේනායක 71, සමරත් සෙත් 101, නිමේෂ් විමුක්ති 59, සංතුශ් ගුණතිලක 2/35, ශෂික දුල්ෂාන් 5/86, කල්හාර සේනාරත්න 2/95 
  • රාගම – පළමු ඉනිම කඩුලු 7ක් දැවී  (426) නිශාන් මධුශ්ක 69, ලහිරු තිරිමාන්න 84, සමින්ද ප්‍රනාන්දු 43, ජනිත් ලියනගේ 77, සංජය චතුරංග නොදැවී 103, නිමේෂ් විමුක්ති 2/139, කොශාන් දනුශ්ක 3/73 

තරගයේ විසඳුමක් නෑ.  

SSC සහ මීගමුව අතර තරගය SSC පිටියේ දී 

  • SSC පළමු ඉනිම කඩුලු 9ක් දැවී 442 (89.4) අවිශ්ක ප්‍රනාන්දු 76, ෂෙවෝන් ඩැනියෙල් 209, දිනුර කළුපහන 57, දනුශ්ක සඳරුවන් 3/82, සචිඳු කොළඹගේ 2/78 
  • මීගමුව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 252 (84.2) දිමුත් සඳරුවන් 24, හිමාෂ ලියනගේ 58, ශෙෂාන් ප්‍රනාන්දු 97, නිසල තාරක 4/34, කළණ පෙරේරා 2/36, ප්‍රභාත් ජයසූරිය 2/34, ලක්ෂිත මනසිංහ 2/71 
  • මීගමුව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 177 (78.5) ජොහාන් ද සිල්වා 49, ජටින් සක්සේනා 51, නිශාන් පීරිස් නොදැවී 21, ලක්ෂිත මනසිංහ 6/61, ප්‍රභාත් ජයසූරිය 2/16 

SSC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 13ක ජයක්.  

CCC සහ නුගේගොඩ සමඟ තරගය CCC පිටියේ දී  

  • නුගේගොඩ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 168 (56.1) ජේසන් පෙරේරා 72, පැතුම් ඩිල්ශාන් 23, රනිත ලියනාරච්චි 29, සොනාල් දිනූෂ 3/14, චතුරංග ද සිල්වා 2/38 
  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 250 (67.0) මිනෝද් භානුක 24, පවන් රත්නායක 103, අශාන් ප්‍රියංජන් 56, ඩිල්ශාන් අබේසිංහ 2/32, චලන ද සිල්වා 4/57, ටී. එම්. සම්පත් 4/48 
  • නුගේගොඩ – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 257 (63) පැතුම් ඩිල්ශාන් 42, මුර්ටසා තුන්ක්වාලා 114, දුලීක තිස්සකුට්ටිගේ 20, තරිඳු කෞෂාල් 28, විශ්ව ප්‍රනාන්දු 2/32, සොනාල් දිනූෂ 3/97, ලක්ෂාන් සඳකැන් 4/41 
  • CCC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 75 (28.3) ලසිත් කෲස්පුල්ලේ 24, චලන ද සිල්වා 3/26, තිලකරත්න සම්පත් 5/31 

තරගයේ විසඳුමක් නෑ. 

B කාණ්ඩය 

යුද හමුදාව සහ කැන්ඩි කස්ටම්ස් අතර පනාගොඩ දී 

  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 189 (67.4) තෙවිඳු දික්වැල්ල 20, මිතුන් ජයවික්‍රම 56, කෞමාල් නානායක්කාර 5/84, ෂෙහඳ සොයිසා 4/61 
  • යුද හමුදාව – පළමු ඉනිම කඩුල්ලක් දැවී 8 (6)  

තරගයේ විසඳුමක් නෑ 

කුරුණෑගල යූත් සහ ටැමිල් යුනියන් අතර තරගය වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී 

  • ටැමිල් යුනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 360 (96.3) නවෝද් පරණවිතාන 32, ලසිත් අබේරත්න 99, රවිඳු ප්‍රනාන්දු 107, දිලුම් සුධීර 26, ප්‍රමෝද් මධුශාන් 44, චමින්ද බණ්ඩාර 3/101, සනෝජ් දර්ශික 3/54 
  • කුරුණෑගල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 262 (110.5) දිල්හාර පොල්ගම්පොළ 55, සනෝජ් දර්ශික 49, තරින්ද විජේසිංහ 29, අරවින්ද ප්‍රේමරත්න 22, චමින්ද බණ්ඩාර නොදැවී 21, ශිරාන් ප්‍රනාන්දු 3/45, සචිත් පතිරණ 3/90, රවිඳු ප්‍රනාන්දු 3/52  
  • ටැමිල් යුනියන් – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 22 (7) 

තරගයේ විසඳුමක් නෑ. 

මූවර්ස් සහ ගුවන් හමුදාව අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී 

  • මූවර්ස් – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 463 (111.2) සොහාන් ද ලිවේරා 130, ජනිශ්ක පෙරේරා 124, රමේෂ් මෙන්ඩිස් 84, මොහොමඩ් ෂමාස් නොදැවී 75, සනාශ් ප්‍රනාන්දු 2/76 
  • ගුවන් හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (64) සාහිල් ඩයස් 30, සනාශ් ප්‍රනාන්දු 26, ප්‍රවීන් ද සිල්වා 59, තිසාන් විතුශාන් 5/41, ප්‍රවීන් ජයවික්‍රම 2/54 
  • ගුවන් හමුදාව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 215 (61.5) මොවින් සුබසිංහ 59, චතුර රන්දුණු 24, ලසඳ රුක්මාල් 25, තීසාන් විතුසාන් 3/48, ලහිරු සමරසිංහ 2/31, ප්‍රවීන් ජයවික්‍රම 4/68 

මූවර්ස් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 48ක ජයක්.  

බදුරලිය සහ ACE කැපිටල් අතර තරගය මග්ගොන දී 

  • ACE කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 239 (82.3) සිතාර ගිම්හාන් 126, හර්ෂ කුරේ 29, වනුජ සහන් 32, අලංකාර අසංක 4/67, චානක කොමසාරු 3/59 
  • බදුරලිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (43.1) ගිහාන් කෝරළගේ 36, රනේෂ් සිල්වා 24, වනුජ සහන් 5/63, රොෂාන් ජයතිස්ස 4/63 
  • ACE කැපිටල් – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 165 (43) කවිඳු අමන්ත 54, සිතාර ගිම්හාන 60, සකුන ලියනගේ 29, චානක කොමසාරු 2/71 
  • බදුරලිය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 157 (44) රනේෂ් සිල්වා නොදැවී 100, වනුජ සහන් 4/68, රොෂාන් ජයතිස්ස 3/67 

තරගයේ විසඳුමක් නෑ.  

තරගාවලියේ උණුසුම ඒ ආකාරයෙන් විඳ ගැනීමේ අවස්ථාව ThePapare.com විසින් සපයනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<