අවසන් ටෙස්ට් තරගයේ එංගලන්ත සංචිතය නම් කරයි

135

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා. සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙක් ඇතුළත්. මේ වන විට එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයේ පවතිනවා.

නිරෝධායන නීති කැඩූ ආචර්ට සමාජ මාධ්‍යවලිනුත් හිරිහැර

ක්‍රීඩකයින්ට පැනවූ සෞඛ්‍ය ආරක්ෂණ නීති බිඳීම නිසා දෙවන තරගයෙන් ඉවත් කෙරුණු ජොෆ්රා ආචර් තෙවැනි තරගයේ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්. කොදෙව් කණ්ඩායම හා එංගලන්තය අතර තෙවැනි ටෙස්ට් තරගය අද (24) ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හිදී ආරම්භ වීමට නියමිතයි. 

ස්ටෝක්ස්ගේ තුන් ඉරියව්වෙන් එංගලන්තය එකට එක කරයි

තුන්වන තරගයට නම් කළ එංගලන්ත කණ්ඩායම:

ජෝ රූට් (නායක), ජේම්ස් ඇන්ඩර්සන්ම, ජොෆ්රා ආර්චර්, ඩොමිනික් බෙස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, රෝරි බර්න්ස්, ජොස් බට්ලර්, සැක් ක්‍රෝව්ලි, සෑම් කරන්, ඔලී පෝප්, ඩොම් සිබ්ලි, බෙන් ස්ටොක්ස්, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්.

ECB වෙබ් අඩවිය ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<