නාවිකයින්ට එරෙහිව මිලාන්ගෙන් සුපිරි පන්දු යැවීමක්

ශ්‍රී ලංකා SLC Major Club T20 Tournament 2022

824

ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවති තරග අතරින් Sri Lanka Navy SC සහ Moors SC අතර තරගයේ දී මිලාන් රත්නායක කඩුලු 6ක් දවා ගනිමින් දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වුනා.

Moors ආරම්භක දකුණතින් වේගපන්දු යැවූ 25 හැවිරිදි මිලාන් රත්නායකගේ පන්දු යැවීම නාවිකයන්ට එරෙහිව සටහන් වූයේ පන්දුවාර 4ක්, නිලකුණු පන්දුවාරයක් සහ ලකුණු 12කට කඩුලු 6ක් ලෙසයි.

ප්‍රතිවාදී ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 14ක් වෙද්දී දවා ගැනීමට සමත් වූ මිලාන් 8 වැනි කඩුල්ල ද දවා ගනිමින් මෙම දක්ෂතාව දැක්වූවා. විස්සයි විස්ස පිටියේ මිලාන්ගේ හොඳම පන්දු යැවීම  වන්නේ මෙයයි.

මේ අතර Kurunegala Youth ක්‍රිකට් සමාජයේ නායක ධනුෂ්ක ධර්මසිරි Kalutara Town සමාජයට එරෙහිව ලකුණු 05කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා. 30 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන ධර්මසිරිගේ විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ ද මෙම දක්ෂතාවයි.

පිතිකරුවන් අතරින් Ace Capital කණ්ඩායමේ 23 හැවිරිදි ආරම්භක වමත් පිතිකරු තනුක දාබරේ SSC කණ්ඩායමට එරෙහිව පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගනිද්දී, SSC කණ්ඩායමේ 18 හැවිරිදි වමත් පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් Ace Capital කණ්ඩායමට එරෙහිව පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.

Sri Lanka Navy SC සහ Moors SC අතර තරගය (SSC ක්‍රීඩා පිටියේ දී)

  • Sri Lanka Navy SC – සියලුම දෙනා දැවී 81 (20) ලහිරු ජයකොඩි 36, අමිත් එරංග 27, මිලාන් රත්නායක 6/12, චතුරංග ද සිල්වා 2/21
  • Moors SC – කඩුලු 3ක් දැවී 82 (14.2) පසිඳු සූරියබණ්ඩාර නොදැවී 27, මොහොමඩ් ශමාෂ් නොදැවී 21

Moors SC කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක්

Galle CC සහ Bloomfield C & AC අතර තරගය (CCC ක්‍රීඩා පිටියේ දී)

  • Galle CC – සියලුම දෙනා දැවී 82 (19.2) තරිඳු අමරසිංහ 28, මාධව වර්ණපුර 2/15, චානක කොමසාරු 3/10, මාලින්ද පෙරේරා 2/12
  • Bloomfield C & AC – කඩුලු 5ක් දැවී 60 (13.5) රමේෂ් නිමන්ත 25, චතුර ලක්ෂාන් 2/10, සඳුන් මධුශංක 2/10

Bloomfield C & AC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 5ක ජයග්‍රහණයක්

Kurunegala Youth CC Kalutara Town Club (දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී)

  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 110 (18) ගයාන් මනීෂාන් 29, කේශාන් වන්නිආරච්චි 21, අසිත වන්නිනායක 22, ඩිල්ශාන් මෙන්ඩිස් 2/17, ජනිඳු ඉනුවර 2/26, ඉංශක සිරිවර්ධන 3/11
  • Kalutara Town Club – කඩුලු 7ක් දැවී 97 (17) Amartya Kaul 46, තරිඳු සිරිවර්ධන 19, ධනුෂ්ක ධර්මසිරි 4/05

Kurunegala Youth CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 6ක ජයග්‍රහණයක්

Baduraliya SC සහ Sri Lanka Air Force SC අතර තරගය (CCC ක්‍රීඩා පිටියේ දී)

  • Baduraliya SC – කඩුලු 8ක් දැවී 99 (20) දුනිත් ජයතුංග 29, මොහොමඩ් අස්ලාම් 26, ලසඳ රුක්මල් 2/20, නදීර ඉෂාන් 2/09
  • Sri Lanka Air Force SC – කඩුලු 6ක් දැවී 103 (17) කළණ විජේසිරි 37, සිතජ චමෝද් නොදැවී 22, ලක්මල් ද සිල්වා 2/20

Sri Lanka Air Force SC කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක්

Ace Capital CC සහ SSC අතර තරගය (දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී)

  • Ace Capital CC – කඩුලු 5ක් දැවී 141 (18) තනුක දාබරේ 53, ෂෙහාන් ප්‍රනාන්දු 30, හර්ෂ කුරේ නොදැවී 23, දසුන් ශානක 2/30
  • SSC – කඩුලු 9ක් දැවී 132 (18) ධනුෂ්ක ගුණතිලක 19, ෂෙවෝන් ඩැලියෙල් 53, චානක දේවින්ද 2/22, ශාලක බණ්ඩාර 2/35

Ace Capital CC කණ්ඩායමට ලකුණු 9ක ජයග්‍රහණයක්

Lankan CC සහ Saracens SC අතර තරගය (SSC ක්‍රීඩා පිටියේ දී)

  • Lankan CC – කඩුලු 7ක් දැවී 100 (20) යෙසිත් රූපසිංහ 30, ප්‍රවීන් සඳමාල් 2/19, මල්ෂ තරුපති 2/15
  • Saracens SC – කඩුලු 7ක් දැවී 88 (15.3) සිතාර ගිම්හාන් 20, නවිඳු විතානගේ නොදැවී 41, මිරංග වික්‍රමගේ 2/14, රජීව වීරසිංහ 2/12

Saracens SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 3ක ජයග්‍රහණයක්

හෙට (29) තරගාවලියේ 8 වැනි දිනයයි. දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ අලුත් ම තතුවිත්ති දැන ගන්න රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<