පළමු වටයේ අවසන් ශතකය තනුජ ගෙන්

Major Club T20 Tournament 2026  

2
Major Club T20 Tournament 2026 - 5th September

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග අද (5) අවසන් වූ අතර පළමු වටයේ අවසන් ශතකය වාර්තා කිරීමට තනුජ රාජපක්ෂ සමත් වෙනවා.

Ace Capital CC කණ්ඩායම නියෝජනය කළ 20 හැවිරිදි වියේ පසුවෙන තනුජ රාජපක්ෂ SSC කණ්ඩායමට එරෙහි ව පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 118ක් ලබා ගත්තා. එය ඔහුගේ 6ක් වන විස්සයි විස්ස තරගවල මංගල ශතකයයි.

මේ අතර නිමා වූ තරගවල දී CCC කණ්ඩායමේ නිශාන් මදුශ්ක (නොදැවී 55), NCC කණ්ඩායමේ චාමික කරුණාරත්න (65), Police SC කණ්ඩායමේ භානුක රාජපක්ෂ (නොදැවී 50), Moors SC කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර (51) සහ සදීර සමරවික්‍රම (53) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

CCC සහ Kurunegala Youth CC අතර තරගය කොළඹ, Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 91 (19.2)විකුම් සංජය 28, විශ්ව ප්‍රනාන්දු 3/17, චමිඳු වික්‍රමසිංහ 3/23, ඉනුක කරන්නාගොඩ 2/12
  • CCC – කඩුලු 2ක් දැවී 95 (13.2) නිශාන් මදුශ්ක නොදැවී 55, අශේන් බණ්ඩාර නොදැවී 26

CCC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Ace Capital CC සහ SSC අතර තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Ace Capital CC – කඩුලු 4ක් දැවී 193 (20.0) තනුජ රාජපක්ෂ නොදැවි 118, සුපුන් වඩුගේ 27, නිපුන් ධනංජය 2/37
  • SSC – කඩුලු 8ක් දැවී 136 (20.0) රොන් චන්ද්‍රගුප්ත 46, අවිශ්ක ප්‍රනාන්දු 20, අනුක විජේවර්ධන 3/19

Ace Capital CC කණ්ඩායමට ලකුණු 57ක ජයක්.

NCC සහ Colts CC අතර තරගය, කොළඹ P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • NCC – කඩුලු 9ක් දැවී 158 (20.0) චාමික කරුණාරත්න 65, කවිඳු පතිරත්න 41, හර්ශණවික්‍රමසිංහ 2/21, හිරුෂ දෙව්මික 2/11, අකිල දනංජය 2/34
  • Colts CC – සියලුම දෙනා දැවී 140 (20.0) කවිජ ගමගේ 36, නිපුන් රංසික 32, අකිල දනංජය 34, කවිඳු පතිරත්න 3/22

NCC කණ්ඩායමට ලකුණු 18ක ජයක්.

Panadura SC සහ Baduraliya SC අතර තරගය කොළඹ, Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC – කඩුලු 7ක් දැවී 148 (20.0) ශාලිත් ප්‍රනාන්දු 32, තවීෂ අභිශේක් 22, කලන පෙරේරා නොදැවී 33, සිතුම් දිසානායක 2/34,
  • Baduraliya SC – කඩුලු 6ක් දැවී 152 (18.2) ඩිල්ශාන් ද සොයිසා 45, සීක්කුගේ ප්‍රසන්න නොදැවී 19, නවිඳු ප්‍රභාෂ් 3/34, අසංක මනෝජ් 2/34

Baduraliya SC කණ්ඩායමට ලකුණු 103ක ජයක්.

Nugegoda S & WC සහ Police SC අතර තරගය කොළඹ, කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda S & WC – කඩුලු 6ක් දැවී 160 (20.0) ලහිරු දවටගේ 26, පුලිඳු පෙරේරා 31, සම්මු අශාන් 20, විනුශ්ක සිල්වා 43, රාහුල් ගුණසේකර 20, චතුරංග කුමාර 4/33
  • Police SC – කඩුලු 5ක් දැවී 161 (19.0) නදීර බාලසූරිය 28, මොහොමඩ් ශමාස් 21, භානුක රාජපක්ෂ නොදැවී 50, සම්පත් නිශ්ශංක 2/38

Colts CC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  

Moors SC සහ BRC අතර තරගය, කොළඹ P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Moors SC – කඩුලු 7ක් දැවී 204 (20.0) පසිඳු සූරියබණ්ඩාර 51, සොහාන් ද ලිවේරා 32, සදීර සමරවික්‍රම 53, රමේෂ් මෙන්ඩිස් 33, ටිලංග උදේශන 3/40, තරුශ්ක ආශෙල් 2/47
  • BRC – කඩුලු 7ක් දැවී 166 (20.0) ඉසුරු ප්‍රනාන්දු 34, තරුශ්ක අශෙල් 22, පවන් සංදේශ් 26, මොහොමඩ් ශිරාස් නොදැවී 21, ඉඳුවර උදේන 3/26

Moors SC කණ්ඩායමට ලකුණු 38ක ජයක්.

මෙලෙසින් නිමා වූ පළමු වටයේ දී A කාණ්ඩයෙන් Tamil Union C & AC, Moors SC, CCC සහ Police SC කණ්ඩායම් ද B කාණ්ඩයෙන් SSC, Ace Capital, NCC සහ Panadura SC කණ්ඩායම් ද අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ අතර එම තරග මේ මස 9 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<