අසේල, ලසිත සහ නිපුන්ගෙන් අර්ධ ශතක

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

148

ශ්‍රී ලංකා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (12) කොළඹ නගරයේ ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනා.

විශ්ව විජයරත්න (52) සහ සසිත් මධුරංගගේ (50) අර්ධ ශතක සහ සචිත්‍ර පෙරේරා (3/12) සහ ශෙහාන් වීරසිංහගේ (2/12) දක්ෂ පන්දු යැවීම නිසාවෙන් Nugegoda SWC පරදා ලකුණු 43ක ජයක් ලබා ගන්නට Kandy Customs ක්‍රීඩකයන් සමත් වුනා.

ගීත් කුමාරගේ සුපිරි පන්දු යැවීමත් (4/13), දමිත සිල්වාගේ (42*) පිතිකරණයත් නිසාවෙන් Ace Capitals කණ්ඩායම පරදවා කඩුලු 7ක ජයක් ලබා ගන්නට Lankan ක්‍රීඩකයන් සමත් වුනා.

සුජාන් මයුරගේ පන්දු යැවීම (3/19) සහ අසෙල් සිගේරාගේ පිතිකරණයත් (44*) නිසාවෙන් Kaluthara TC කඩුලු 7කින් පරාජය කරන්නට පොලිස් ක්‍රීඩකයන් සමත් වුනා.

සිය පිතිකරණ රිද්මය එලෙසම පවත්වා ගනිමින් අසේල ගුණරත්න ලබා ගත් අර්ධ ශතකය (57) සහ පන්දු යවන්නන්ගේ දස්කම් නිසාවෙන් Ragama ක්‍රිකට් සමාජය පරදා ලකුණු 31ක ජයක් ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයන් සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ලසිත අබේරත්න තරගාවලියේ නොකඩවා ලබා ගත් දෙවන අර්ධ ශතකය (52) සහ ළහිරු ගමගේගේ සුපිරි පන්දු යැවීම (4/13) නිසාවෙන් බදුරලිය කණ්ඩායම පරදා ලකුණු 26ක ජයක් ලබා ගන්නට CCC ක්‍රීඩකයන්ට හැකි වුනා.

අශේන් ඩැනියල්ගේ පන්දු යැවීම (3/12) සහ චතුරංග ද සිල්වාගේ තුන් ඉරියව් දස්කම් (2/25 & 46) නිසාවෙන් Colts කණ්ඩායම පරදා කඩුලු 8ක පහසු ජයක් ලබා ගන්නට NCC සමත් වුනා.

නිපුන් ධනංජයගේ සුපිරි පිතිකරණය (80*) නිසාවෙන් Chilaw Marians ක්‍රීඩකයන් පරදා කඩුලු 7ක ජයක් ලබා ගන්නට SSC ක්‍රීඩකයන් සමත් වුනා.

නිමේෂ් විමුක්ති (3/14) සහ යොමෝෂ් රණසිංහගේ (3/22) පන්දු යැවීම නිසාවෙන් නාවික හමුදා කණ්ඩායම පරදා ලකුණු 28ක ජයක් ලබා ගන්නට පානදුර ක්‍රීඩා සමාජය සමත් වුනා.

දිනයේ කෙටි ලකුණු සටහන,

Group – A

  • Venue – SSC Ground, Colombo
  • Toss – Kandy Customs SC

Kandy Customs Sports Club – 159/5 (20) – විශ්ව විජයරත්න 52, සසිත් මධුරංග 50, Rishi Bhardwaj 36, විනෝද් පෙරේරා 3/24

Nugegoda Sports & Welfare Club -116 (19.4) – උමේෂ් කරුණාරත්න 22, සචිර පෙරේරා 3/12, ශෙහාන් වීරසිංහ 2/12, හසිත නිර්මාල් 2/20

Kandy Customs කණ්ඩායමට ලකුණු 43ක ජයක් 


Group – B

  • Venue – CCC Ground, Colombo
  • Toss – Lankan CC

Ace Capitals Cricket Club – 95/9 (20) – ඉරෝෂ් සමරසූරිය 39, ගීත් කුමාර 4/13, දමිත සිල්වා 2/17

Lankan Cricket Club – 98/3 (19.1) – දමිත සිල්වා 41*, සවන් කන්කානගමගේ 32, ඉෂාන් අබේසේකර 2/23

Lankan CC කණ්ඩායමට කඩුලු 7ක ජයක් 


Group – C

  • Venue – Colts Ground, Colombo
  • Toss – Kaluthara Town Club

Kaluthara Town Club – 108/8 (20) – ගිහාන් රූපසිංහ 33, සුජාන් මයුර 3/19

Police Sports Club – 113/3 (13.2) – අසෙල් සිගේරා 44*, නිලංක සදකැන් 2/35

Police කණ්ඩායමට කඩුලු 7ක ජයක් 


Group – D

  • Venue – P Sara Oval, Colombo
  • Toss – Ragama CC

Army Cricket Club – 143/6 (20) – අසේල ගුණරත්න 57, අසන්ත බස්නායක 26*, ඉෂාන් ජයරත්න 3/26

Ragama Cricket Club – 112/8 (20) – නිශාන් මධුශංක 24, ඉෂාන් ජයරත්න 2/23, ජනිත් සිල්වා 2/12, ශශික ඩිල්ශාන් 2/15

යුද හමුදා කණ්ඩායමට ලකුණු 31ක ජයක් 


Group – A

  • Venue – SSC Ground, Colombo
  • Toss – CCC

Colombo Cricket Club – 142/6 (20) – ලසිත් අබේරත්න් 52, ළහිරු මධුශංක 31, මිනෝද් බානුක 24, බුද්ධික සංජීව 3/24, චාමික එදිරිසිංහ 2/27

Badureliya Cricket Club – 116/10 (19.1) – යශෝධ ලංකා 41, බුද්ධික සංජීව 25*, ළහිරු ගමගේ 4/13, ළහිරු මධුශංක 2/15, නුවන් තුෂාර 2/22

CCC කණ්ඩායමට 26ක ජයක් 


Group – B

  • Venue – CCC Ground, Colombo
  • Toss – Colts CC

Colombo Colts Cricket Club – 103 (19.1) – සංතුෂ් ගුණතිලක 22, අශේන් ඩැනියල් 3/14, චතුරංග ද සිල්වා 2/19, චාමික ගුණසේකර 2/25

Nondescripts Cricket Club – 105/2 (12.4) – චතුරංග ද සිල්වා 46, චාමික කරුණාරත්න 41*

NCC කණ්ඩායමට කඩුලු 8ක ජයක් 


Group – C

  • Venue – Colts Ground, Colombo
  • Toss – SSC

Chilaw Marians Cricket Club – 124/5 (20) – කසුන් විදුර 50, පුලින තරංග 40, කළණ පෙරේරා 2/21, හිමේෂ් රාමනායක 2/21

Sinhalese Sports Club – 127/3 (17.4) – නිපුන් ධනංජය 80*, නුවනිදු ප්‍රනාන්දු 32

SSC කණ්ඩායමට කඩුලු 7ක ජයක් 


Group – D

  • Venue – P Sara Oval, Colombo
  • Toss – Panadura SC

Panadura Sports Club – 143/5 (20) – හෂාන් චාමර 34, කවිදු අශාන් 33, හන්ස් ප්‍රනාන්දු 25, කෝශාන් ධනුෂ්ක 27*, චානක රුවන්සිරි 2/08

Navy Sports Club – 115 (18.3) – ශාලිත ප්‍රනාන්දු 29, මයන්ත 26, තරූෂන් ඉද්දමල්ගොඩ 24, නිමේශ් විමුක්ති 3/14, යොමේෂ් රණසිංහ 3/22, චතුර පීරිස් 2/37

Panadura කණ්ඩායමට ලකුණු 28ක ජයක් 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<