පළමු පෙළ එක්දින ක්‍රිකට් තරග කාලසටහන නිකුත් වෙයි

1656

2021/2022 දේශීය පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් එහි සීමිත පන්දුවාර තරගාවලිය එළඹෙන ඔක්තෝබර් 27 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කර තිබෙන බව ThePapare.com වෙත වාර්තා වනවා.

මේ බව දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විද්‍යුත් තැපෑලක් ඔස්සේ ඊයේ (04) සියලුම ක්‍රිකට්/ක්‍රීඩා සමාජ වෙත මෙවර දේශීය පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග කාලසටහන ලබා දී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 1 වැනිදා දිවයිනටම ක්‍රියාත්මක වෙන පරිදි පනවා තිබුණු ඇඳිරි නීතිය ඉවත් කළ අතර ක්‍රීඩකයින් පසුගිය 2 වැනිදා සිට නැවතත් ඔවුන්ගේ මූලික පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

එළඹෙන ඔක්තෝබර් 27 වැනිදා ආරම්භ වන මේ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය නොවැම්බර් 24 දක්වා ක්‍රියාත්මක වෙන අතර මෙවර තරගාවලිය සඳහා ද සුපුරුදු පරිදි කණ්ඩායම් 26ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදිනවා.

තරගාවලියේ මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 4ක් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී මුණගැසීමට නියමිතව සිටිනවා.

එම තරග දෙකේ දී ජයග්‍රහණය හිමිකර ගන්නා කණ්ඩායම් දෙක නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණගැසෙනු ඇත. කෙසේ නමුත් මේ තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තවමත් නිල වශයෙන් නම් කර නැහැ.

ඒ අනුව එළඹෙන අන්තර් සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 27 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එම තරගාවලිය පැවැත්වෙන ආකාරය අනුව, ඉදිරියේ දී පැවැත්විය යුතු ප්‍රධාන පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ආකාරය පිළිබඳව ද තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුවේ ප්‍රධානියා වන සමන්ත දොඩන්වල මහතා ඇතුළු කමිටුව සූදානමින් සිටිනවා.

එසේම මේ තරගාවලි දෙක සඳහා ලියාපදිංචි වන සියලුම ක්‍රීඩකයින් කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන සිටීම අනිවාර්ය වෙන අතර තරගාවලිය සඳහා සිදු කරනු ලබන ක්‍රීඩක ලියාපදිංචිය ද ඉදිරි දින කිහිපය තුල ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කොරෝනා වයිරසය ආසාදිතයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් පසුගිය කාලසමයේ දී වාර්තා වූ නිසා අගෝස්තු 20 වැනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබූ අතර, ඒ නිසාවෙන් පසුගිය සැප්තැම්බර් 7 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කළ මේ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කෙරුණා.

2020/21 පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ NCC කණ්ඩායමයි. ඔවුන් හමුවේ ලකුණු 145කින් පරාජයට පත්වුණු රාගම ක්‍රිකට් සමාජ කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගත්තා.

2021/22 පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩගත කිරීම්

 

Group A Group B
NCC Ragama CC
Army SC Badureliya CC
Moors SC Tamil Union C & AC
Navy SC SSC
Kurunegala YCC Bloomfield C & AC
CCC Colts CC
Negombo CC Saracens SC
Nugegoda S & WC Chilaw Marians CC
BRC Galle CC
Kandy Customs SC Panadura SC
Kalutara TC Police SC
Lankan CC Sebastinites Club
Air Force SC Ace Capital Cricket Club

2021/22 පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන

Date Host Opponent
27-Oct Army SC Air Force SC
Badureliya CC Ace Capital Cricket Club
Moors SC Lankan CC
Tamil Union C & AC Sebastinites Club
Navy SC Kalutara TC
SSC Police SC
Kurunegala YCC Kandy Customs SC
Bloomfield C & AC Panadura SC
CCC BRC
Colts CC Galle CC
Negombo CC Nugegoda S & WC
Saracens SC Chilaw Marians CC
Date Host Opponent
30-Oct Air Force SC NCC
Ace Capital Cricket Club Ragama CC
Kalutara TC Army SC
Police SC Badureliya CC
Kandy Customs SC Moors SC
Panadura SC Tamil Union C & AC
BRC Navy SC
Galle CC SSC
Nugegoda S & WC Kurunegala YCC
Chilaw Marians CC Bloomfield C & AC
Negombo CC CCC
Saracens SC Colts CC
Date Host Opponent
31-Oct NCC Lankan CC
Ragama CC Sebastinites Club
Air Force SC Kalutara TC
Ace Capital Cricket Club Police SC
Army SC BRC
Badureliya CC Galle CC
Nugegoda S & WC Moors SC
Chilaw Marians CC Tamil Union C & AC
Navy SC Negombo CC
SSC Saracens SC
Kurunegala YCC CCC
Bloomfield C & AC Colts CC
Date Host Opponent
03-Nov Kalutara TC NCC
Police SC Ragama CC
Kandy Customs SC Lankan CC
Panadura SC Sebastinites Club
BRC Air Force SC
Galle CC Ace Capital Cricket Club
Negombo CC Army SC
Saracens SC Badureliya CC
CCC Moors SC
Colts CC Tamil Union C & AC
Navy SC Kurunegala YCC
SSC Bloomfield C & AC
Date Host Opponent
06-Nov NCC Kandy Customs SC
Ragama CC Panadura SC
Kalutara TC BRC
Police SC Galle CC
Lankan CC Nugegoda S & WC
Sebastinites Club Chilaw Marians CC
Air Force SC Negombo CC
Ace Capital Cricket Club Saracens SC
Army SC Kurunegala YCC
Badureliya CC Bloomfield C & AC
Moors SC Navy SC
Tamil Union C & AC SSC
Date Host Opponent
07-Nov BRC NCC
Galle CC Ragama CC
Nugegoda S & WC Kandy Customs SC
Chilaw Marians CC Panadura SC
Negombo CC Kalutara TC
Saracens SC Police SC
CCC Lankan CC
Colts CC Sebastinites Club
Kurunegala YCC Air Force SC
Bloomfield C & AC Ace Capital Cricket Club
Moors SC Army SC
Tamil Union C & AC Badureliya CC
Date Host Opponent
10-Nov NCC Nugegoda S & WC
Ragama CC Chilaw Marians CC
BRC Negombo CC
Galle CC Saracens SC
Kandy Customs SC CCC
Panadura SC Colts CC
Kalutara TC Kurunegala YCC
Police SC Bloomfield C & AC
Lankan CC Navy SC
Sebastinites Club SSC
Air Force SC Moors SC
Ace Capital Cricket Club Tamil Union C & AC
Date Host Opponent
13-Nov Negombo CC NCC
Saracens SC Ragama CC
CCC Nugegoda S & WC
Colts CC Chilaw Marians CC
Kurunegala YCC BRC
Bloomfield C & AC Galle CC
Navy SC Kandy Customs SC
SSC Panadura SC
Moors SC Kalutara TC
Police SC Tamil Union C & AC
Army SC Lankan CC
Badureliya CC Sebastinites Club
Date Host Opponent
14-Nov CCC NCC
Ragama CC Colts CC
Kurunegala YCC Negombo CC
Bloomfield C & AC Saracens SC
Nugegoda S & WC Navy SC
Chilaw Marians CC SSC
BRC Moors SC
Galle CC Tamil Union C & AC
Kandy Customs SC Army SC
Panadura SC Badureliya CC
Lankan CC Air Force SC
Sebastinites Club Ace Capital Cricket Club
Date Host Opponent
17-Nov Kurunegala YCC NCC
Bloomfield C & AC Ragama CC
Navy SC CCC
SSC Colts CC
Moors SC Negombo CC
Tamil Union C & AC Saracens SC
Army SC Nugegoda S & WC
Badureliya CC Chilaw Marians CC
Air Force SC Kandy Customs SC
Ace Capital Cricket Club Panadura SC
Lankan CC Kalutara TC
Sebastinites Club Police SC
Date Host Opponent
20-Nov NCC Navy SC
Ragama CC SSC
Moors SC Kurunegala YCC
Tamil Union C & AC Bloomfield C & AC
CCC Army SC
Colts CC Badureliya CC
Nugegoda S & WC Air Force SC
Chilaw Marians CC Ace Capital Cricket Club
BRC Lankan CC
Galle CC Sebastinites Club
Kandy Customs SC Kalutara TC
Panadura SC Police SC
Date Host Opponent
21-Nov NCC Moors SC
Tamil Union C & AC Ragama CC
Army SC Navy SC
Badureliya CC SSC
Air Force SC CCC
Ace Capital Cricket Club Colts CC
Lankan CC Negombo CC
Sebastinites Club Saracens SC
Kalutara TC Nugegoda S & WC
Police SC Chilaw Marians CC
Kandy Customs SC BRC
Panadura SC Galle CC
Date Host Opponent
24-Nov NCC Army SC
Ragama CC Badureliya CC
Navy SC Air Force SC
SSC Ace Capital Cricket Club
Lankan CC Kurunegala YCC
Sebastinites Club Bloomfield C & AC
Kalutara TC CCC
Colts CC Police SC
Negombo CC Kandy Customs SC
Saracens SC Panadura SC
Nugegoda S & WC BRC
Chilaw Marians CC Galle CC
26-Nov Semi Finals
SF1 Winner A1 – Winner B2 –
SF2 Winner B1 – Winner A2 –
28-Nov Final
Winner SF1 – Winner SF2 –

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<