COVID නිසා දැම්ම අලුත් යෝජනාවලට ICC අනුමැතිය

419

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) COVID-19 වසංගත තත්වයෙන් පසුව ආරම්භ වන ක්‍රිකට් තරග වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා රෙගුලාසිවල තාවකාලික වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර එයට පන්දුව පිරිමැදීම සඳහා ඛේට ලවණ භාවිතය තහනම් කිරීම සහ ජාත්‍යන්තර තරගාවලි සඳහා ඒ සත්කාරක රටේම විනිසුරුවන්ට ඉඩ දීම වැනි කරුණු කාරනා කිහිපයක් ඇතුළත් වේ.

පන්දුව ඔපදැමීමේ නීති ගැන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ අප්‍රසාදය

COVID-19 වයිරස තත්වය නිසා ඇති විය හැකි අවදානම් අවම කිරීම සහ ක්‍රිකට් නැවත ආරම්භ වන විට ක්‍රීඩකයන්ගේ හා තරග නිලධාරීන්ගේ ආරක්ෂාව ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් ICC ප්‍රධාන විධායක කමිටුව අනිල් කුම්බ්ලේගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් කමිටුවේ මේ නිර්දේශ අනුමත කළේය.

COVID-19 ආදේශන

ටෙස්ට් තරගයක දී COVID-19 හි රෝග ලක්ෂණ පෙන්වන ක්‍රීඩකයන් වෙනුවට ක්‍රීඩකයින් කණ්ඩායම්වලට ආදේශ කිරීම සඳහා අවසර දෙනු ලැබේ. කෙසේ නමුත් එම ක්‍රීඩකයින් ආදේශනය සඳහා තරග තීරකවරයාගේ අවසර ලැබිය යුතුය. තවද එම කොන්දේසිය එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා හිමි නොවේ.

තරග පන්දුව

පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය වී ඇති නමුත් ක්‍රීඩකයෙක් යම් ආකාරයකින්  ඛේටය යොදා පන්දුව ඔප දැමුවහොත් තරග විනිසුරුවරුන් හට යම් අනතුරු ඇඟවීමක් සිදු කළ හැකිය.

ඉනිමක් තුල කණ්ඩායමකට අනතුරු ඇඟවීම් දෙකක් සිදු කළ හැකි අතර නැවත නැවත පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කරන්නේ නම් පිතිකරණයේ නිරත වන කණ්ඩායමට ඛේටය භාවිතා කරන එක් අවස්ථාවක් සඳහා දඬුවම් ලකුණු 5ක් (penalty runs) ඔවුන්ගේ ලකුණු සටහනට එකතු වනු ඇත.

පන්දුව වෙත ඛේට ලවණ යොදන සෑම අවස්ථාවකම, ක්‍රීඩාව නැවත ආරම්භ වීමට පෙර පන්දුව පිරිසිදු කරන ලෙස විනිසුරුවන්ට උපදෙස් දෙනු ලැබේ.

2020 ආසියානු කුසලානය ලංකාවේ?

ජාත්‍යන්තර තරගවල දී සහය දක්වන විනිසුරුවරුන් ලබා ගැනීම

පැනවී තිබෙන සංචරණ සීමාවන් නිසා සත්කාරක රටේ නොවන විනිසුරුවරුන් යොදාගැනීමේ තරග කොන්දේසිය තාවකාලිකව ඉවත් කරන අතර ICC විසින් Emirates ICC Elite මණ්ඩලයේ සිටින ඒ රටේ දේශීය විනිසුරුවරුන් පත් කරනු ඇති අතර රට තුළ ඉහළ පෙළේ (Elite) තරග නිලධාරීන් නොමැති නම්, දේශීය මට්ටමේ සිටින හොඳම ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලය පත් කරනු ලැබේ.

අතිරේක විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථාවන් (DRS review)

එසේම ක්‍රිකට් තාක්ෂණය භාවිතය තව තවත් වැඩි කරමින් සහ සත්කාරක රටේ තරග විනිසුරුවරුන් යොදාගන්න නිසා එක් එක් තරග රටාවන් තුල එක් ඉනිමක් සඳහා ලබා දෙන විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථාවන් හි (DRS) තවත් එක් අවස්ථාවක් වැඩි කරන ලෙස ICC ක්‍රිකට් කමිටුව යෝජනා කළ ඉල්ලීම සඳහා අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන ටෙස්ට් තරගවල දී එක් ඉනිමක් සඳහා DRS අවස්ථාවන් 3ක් සහ සීමිත පන්දුවාර තරග රටාවන් සඳහා DRS අවස්ථාවන් දෙකක් හිමි වේ.

තරගය තුල චර්යාධර්ම සංග්‍රහය යම් හෙයකින් උල්ලංඝනය වන්නේ නම් ICC මෙහෙයුම් කණ්ඩායම දුරස්ථ වීඩියෝ සම්බන්ධතාවයක් හරහා තරග තීරකවරුන්ට සහාය වනු ඇත.

සෑම තරගයක් හෝ තරගාවලියක් ආරම්භයට පෙර ක්‍රිකට් කමිටුවේ නිර්දේශ සහ තරග නිලධාරීන් පත් කිරීම පිළිබඳ තොරතුරු මාධ්‍ය නිවේදනයක් මගින් ලබා ගත හැකිය.

තරග කමිසයේ ලාංඡන ප්‍රදර්ශනය (වෙළඳ සහ රට නියෝජනය වන)

මීට අමතරව ක්‍රිකට් තරග ජර්සියේ ලාංඡනය සඳහා තිබෙන නීති රීති ඉදිරි මාස 12ක කාලය සඳහා ලිහිල් කිරීමට ද ICC අනුමත කර ඇත.

එම රෙගුලාසිවලට අනුව අවසර දී ඇති අනෙක් ලාංඡන තුනට අමතරව, වර්ග අඟල් 32 නොඉක්මවන ලාංඡනයක් ටෙස්ට් මැච් කමිසයේ සහ අත්දිග කමිසයේ පපුව මත ප්‍රදර්ශනය කළ හැකිය. මීට පෙර පපුවේ ලාංඡන සඳහා අවසර දී තිබුණේ එක්දින හා විස්සයි විස්ස තරගවල දී පමණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<