මහේල – සංගා කුසලානය නැවතත් මහනුවරට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

76

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (21) දින ක්‍රියාත්මක වූ අතර එහිදී මහේල – සංගා කුසලානය වෙනුවෙන් නාලන්දා විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර පැවති තරගය ඉනිමකින් සහ ලකුණු 2 කින් ජය ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. 

මහේල – සංගා කුසලානය විසඳුමක් සහිතව අවසන් වන ලකුණු

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරග දෙකක්…..

ඒ අනුව නොකඩවා දෙවන වතාවටත් මහේල – සංගා කුසලානය සිය විද්‍යාලයට දිනා දීමට ත්‍රිත්ව විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමට හැකි විය. 

නාලන්දා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 

අස්ගිරියේ දී නිමාව දුටු මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 2 ක දැවැන්ත ජයක් දිනා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි නාලන්දා විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 17 ක් රැස්කර ගෙන සිටියේ ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 115 ක් හඹා යමින් සිටියහ. 

දෙවන දිනය තුළදී ද දකුණතින් පිට දඟපන්දු යවන අභිෂේක් ආනන්දකුමාර්, උවිඳු විමලධර්ම සහ නායක රුවින් පීරිස් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් නාලන්දා දෙවන ඉනිම ද සුන්කරන ලද්දේ මහීම වීරකෝන් (ලකුණු 37) නැවතත් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්කරමිනි. ඒ අනුව නාලන්දා විද්‍යාලය හට ඔවුන්ගේ ඉනිම දෙක තුළදීම රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 212 ක් පමණි. 

නාලන්දා විද්‍යාලය : 82 (27.5) මහීම වීරකෝන්  25, රවීන් ද සිල්වා 24, රුවින් පීරිස් 5/32, අභිෂේක් ආනන්දකුමාර් 3/25. සහ 130 (62.4) මහීම  වීරකෝන් 37, රනිදු සිල්වා 36, මෝක්ෂ සංකල්ප 24, අභිෂේක් ආනන්දකුමාර් 5/33, උවිඳු විමලධර්ම 3/27, රුවින් පීරිස් 2/42. 

ත්‍රිත්ව විද්‍යාලය : 214 (57) අභිෂේක් ආනන්දකුමාර් 60, දීමන්ත බණ්ඩාර 49, දිනිත සිරිවර්ධන 20, රවීන් ද සිල්වා 4/101, චමෝද්‍ය රාජපක්ෂ 3/46. 

විශාල් මහානාම බලාපොරොත්තු සුන් කරද්දී තර්ස්ටන් විද්‍යාලයට පූර්ණ ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් තරග කිහිපයක්…..

කැළණිය ගුරුකුල විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ ගුරුකුල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි. 

තරගයේ දෙවන දිනයේ පළමු පැය කිහිපය තුළම දේවපතිරාජ පළමු ඉනිම ලකුණු 78 කට සීමා කිරීමට සසිත අශාන් ඇතුළු ගුරුකුල පන්දු යවන්නනෝ සමත් වූහ. ලකුණු 49 ක පළමු ඉනිමේ වාසියක් අතැතිව සිය දෙවන ඉනිම දියත් කළ ගුරුකුල විද්‍යාලයට රශ්මික මෙවන් සහ නිලූක හේෂාන් වාර්තා කළ අර්ධ ශතක නිසාවෙන් තරගයේ වැඩි දුර වාසිය දිනා ගැනීමට හැකි විය. 

අවසානයේ ඔවුන් කඩුලු 6 ක් දැවී ලකුණු 186 ක් වාර්තා කර ගනිමින් ඔවුන්ගේ ඉනිම අත්හිටුවන ලද්දේ ලකුණු 237 ක ජයග්‍රාහී ඉලක්කයක් දේවපතිරාජ විද්‍යාලයට ලබා දෙමිනි. 

ගුරුකුල විද්‍යාලය : 127 (51.2) රශ්මික මෙවන් 43, ලික්ශාන් සසංග 30, ප්‍රවීන් නිමේෂ් 21, සුධීර වීරරත්න 5/50, ඉරුෂික තිමිර 3/34. සහ 186/6d (52.2) රශ්මික මෙවන්  54, නිලූක හේෂාන් 52, කෙමිර නයනතරු 39, ප්‍රවීන් නිමේෂ් 25, කල්ප චේතිය 3/26, ඉරුෂික තිමිර 3/57.

දේවපතිරාජ විද්‍යාලය : 78 (48) දිනිත ප්‍රභංක 27, සසිත අශාන් 5/10, තුෂාර සංකල්ප 3/21, ප්‍රවීන් නිමේෂ් 2/25. සහ 112/3 (40) ජීවක ශෂීන් 63*, ඉරුෂික තිමිර 26* 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<