ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ සිව්කොන් දැල්පන්දු තරගාවලියේ අවසන් දිනය ඊයේ (12) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නිමාවිය. එහිදී අවසන් මහා තරගයේදී කෙන්යාව පරාජය කරමින් ප්‍රබල මැලේසියානු කණ්ඩායම අපරාජිතව ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.

මැලේසියාව සහ කෙන්යාව අවසන් සටනට

රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ සිව්කොන් දැල්පන්දු තරගාවලියේ සාර්ථක තෙවන දිනය ඊයේ (10) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ…

තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වැදුන අතර එහිදී ලකුණු 82-16ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

මැලේසියාව සහ කෙන්යාව අතර අවසන් මහා තරගය

තරගයේ පළමු කාර්තුවේ ආරම්භයේ සිටම මැලේසියානු ක්‍රීඩිකාවන් ක්‍රීඩාකළ දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයේ ප්‍රතිඵලයක් ලෙස එම කාර්තුව තුළ ලකුණු 14ක් වාර්තා කිරීමට සමත් වූ අතර කෙන්යානු ක්‍රීඩිකාවන්ට එම කාර්තුව තුළ රැස් කරගත හැකිවූයේ ලකුණු 10ක් පමණි.

පළමු කාර්තුව : මැලේසියාව 14 –  10 කෙන්යාව

දෙවන කාර්තුව තුළ තම ආරක්ෂක වළල්ල ශක්තිමත් කරගත් කෙන්යානු ක්‍රීඩිකාවන් විසින් මැලේසියානු ක්‍රීඩිකාවන්ට රැස් කිරීමට අවස්ථාව ලබාදුන්නේ ලකුණු 11ක් පමණි. එම කාර්තුව තුළ කෙන්යානු ක්‍රීඩිකාවන් ලකුණු 12ක් රැස් කිරීමට සමත් විය.

දෙවන කාර්තුව : මැලේසියාව 25 –  22 කෙන්යාව

පෙර කාර්තුවේ මෙන් තෙවන කාර්තුවේදී ද කෙන්යානු කණ්ඩායමේ දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසය හමුවේ පසුබැසීමට සිදුවූ මැලේසියානු ක්‍රීඩිකාවන්ට එම කාර්තුව තුළදී ලකුණු 07කින් සෑහීමකට පත්වීමට සිදුවිය. කෙන්යානු ක්‍රීඩිකාවන්ට ද එම කාර්තුව තුළ වාර්තා කිරීමට හැකිවූයේ ලකුණු 08ක් පමණි.

තෙවන කාර්තුව : මැලේසියාව 32 –  30 කෙන්යාව

මැලේසියානු කණ්ඩායමට වඩා ලකුණු 2ක් පමණක් පිටුපසින් සිටිමින් තරගයේ අවසන් කාර්තුව ක්‍රීඩා කිරීමට පැමිණි කෙන්යානු ක්‍රීඩිකාවන් එම කාර්තුව තුළ මැලේසියානු පසුපෙළ ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා හමුවේ තරමක් මන්දගාමී විය. කෙන්යානු ක්‍රීඩිකාවන් එම කාර්තුව තුළ ලකුණු 12ක් රැස් කරන විට මැලේසියානු ක්‍රීඩිකාවන් ලකුණු 15ක් රැස් කරමින් ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය : මැලේසියාව 47 – 42 කෙන්යාව

ඒ අනුව මෙවර සිව්කොන් දැල්පන්දු තරගාවලියේ ශූරතාවය අපරාජිතව තමන් සතුකර ගැනීමට මැලේසියානු ක්‍රීඩිකාවන් සමත් විය.

මැලේසියාව අපරාජිතව පෙරමුණ ගනී

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ සිව්කොන් දැල්පන්දු තරගාවලියේ දෙවන දිනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද දින (09) සාර්ථකව…

ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර තෙවන ස්ථානය සඳහා වූ තරගය

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කාර්තුවේ සිටම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් ක්‍රීඩාකළ අතර එම කාර්තුව තුළ ලකුණු 16ක්‌ වාර්තා කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට වාර්තා කිරීමට හැකිවූයේ ලකුණු 04ක් පමණි.

පළමු කාර්තුව : ශ්‍රී ලංකාව 16 –  04 ශ්‍රී ලංකා යොවුන්

දෙවන කාර්තුවේදී ද දැඩි ආරක්ෂණ පිළිවෙතක් අනුගමනය කරමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට රැස් කරගත හැකිවූයේ ලකුණු 03ක් පමණි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම කාර්තුව තුළ ලකුණු 18ක් රැස් කිරීමට සමත් විය.

දෙවන කාර්තුව : ශ්‍රී ලංකාව  34 – 07 ශ්‍රී ලංකා යොවුන්

තෙවන කාර්තුව තුළද ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ලකුණු රැස් කිරීමට එතරම් අවස්ථාවන් ලබානොදීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සැලකිලිමත් විය. තෙවන කාර්තුව තුළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ලකුණු 04කින් සෑහීමකට පත්වීමට සිදුවූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම කාර්තුව තුළ තම ලකුණු පුවරුව ලකුණු 22කින් ඉහළ දැමීමට සමත් විය.

තෙවන කාර්තුව : ශ්‍රී ලංකාව  56 – 11 ශ්‍රී ලංකා යොවුන්

කෙන්යාව හා මැලේසියාව ශ්‍රී ලංකා කණ්ඩායම් පරාජය කරයි

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන සිව්කොන් දැල්පන්දු තරගාවලිය ඊයේ (8) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර ශ්‍රී ලංකා…

තම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට වඩා ලකුණු 45ක් පිටුපසින් සිටිමින් තම අවසන් කාර්තුව ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක වළල්ල හමුවේ නැවතත් පසුබැසීමට සිදුවිය. එම කාර්තුව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 26ක් රැස්කර ගන්නා විට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ලකුණු 05කින් සෑහීමකට පත්වීමට සිදුවිය.

අවසන් ලකුණු තත්වය :  ශ්‍රී ලංකාව 82 – 16  ශ්‍රී ලංකා යොවුන්

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර සිව්කොන් දැල්පන්දු තරගාවලියේ තෙවන ස්ථානය හිමිවූ අතර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට සිව්වන ස්ථානය හිමිවිය.

                             >> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<