ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 2022 වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා බාලක ක්‍රිකට් ලීගයේ තවත් තරග දෙකක් ඊයේ (25) කොළඹ දී සහ රත්මලානේ දී ක්‍රියාත්මක වුනා.
තරගාවලියේ සිව්වැනි දිනය වූ එම දිනයේ පැවති තරග දෙකේ දී කොළඹ උතුර සහ කොළඹ දකුණ කණ්ඩායම් හමුවේ මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් පරාජයට පත් වුනා. ඒ අනුව කොළඹ උතුර කණ්ඩායම ක්‍රීඩා කළ තරග 3ම ජයගෙන දැනට අපරාජිතව සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ද දිනා ගෙනයි.
කොළඹ දකුණ සහ දඹුල්ල අතර පැවති තරගයේ දී කොළඹ දකුණ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 201ක් ලබා ගත්තා. එහි දී හිරුක සිල්වා සහ ජොශුවා සෙබෙස්තියන් ලකුණු 40කට වඩා වැඩියෙන් ලබා ගන්නා විට, දඹුල්ල කණ්ඩායමේ දමේෂ් මතිශාන් සහ පමුල ලොකුලියන කඩුලු 3 බැගින් දවා ගත්තා.
- දමිතගේ පන්දු යැවීම මලියදේවයට ජය ගෙනෙයි
- කොළඹ දකුණ සහ උතුර ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
- සාන්ත පීතර විද්‍යාලය අවසන් පූර්ව වටයට
- මහනුවර සහ කොළඹ දකුණට ජය
- සාන්ත බෙනඩික්ට් සහ ත්‍රිත්ව විද්‍යාලයත් අවසන් හතරට
පිළිතුරු ඉනිම දියත් කළ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් දමේෂ් ලකුණු 61ක් ලබාගෙන හොඳ තුන් ඉරියව් දස්කම් දැක්වූ නමුත් දඹුල්ලට හොඳ අභියෝගයක් ලබා දෙමින් ලකුණු 23ක ජයක් ලබා ගන්නට සමත් වුනා.
මහනුවර සහ කොළඹ උතුර තරගයේ දී මහනුවර කණ්ඩායම වෙනුවෙන් කෞශික කුමාරසිංහ ලකුණු 28කට කඩුලු 5ක් දවාගෙන සහ ලකුණු 23ක් ලබාගෙන කැපී පෙනෙන පන්දු කරණයක නිරත වුනා. එහි දී දිනුජ සමරරත්න සහ තරුෂ නවෝද් කොළඹ කොළඹ උතුර කණ්ඩායම ලකුණු 73ක ජයක් ලබාගත්තා.
කොළඹ දකුණ සහ දඹුල්ල – වෙළඳසේවා ක්‍රීඩාංගණය
කොළඹ දකුණ – 201/9 (50): හිරුක සිල්වා 42, ජොශුවා සෙබෙස්තියන් 40, දමේෂ් මතිශාන් 3/28, පමුල ලොකුලියන 3/38.
දඹුල්ල – 178 (49.1): දමේෂ් මතිශාන් 61, පබසර දිසානායක 40, රෂාන් නවංජන 2/24, යසිඳු දිසානායක 2/43.
කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 23ක ජයක්
මහනුවර සහ කොළඹ උතුර – රත්මලාන ජනසතු ක්‍රීඩාංගණය
කොළඹ උතුර – 163/9 (50): ඔසඳ පමුදිත 35, ශේන් අබේරත්න 29, කෞශික කුමාරසිංහ 5/28.
මහනුවර – 88 (27.1): කෞශික කුමාරසිංහ 23, දිනුජ සමරරත්න 3/11, තරුෂ නවෝද්‍ය 3/17.
කොළඹ උතුර කණ්ඩායමට ලකුණු 75ක ජයක්
තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක (මහනුවර – ගාල්ල සහ දඹුල්ල – කොළඹ උතුර) මේ මස 28 වැනිදා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<