බංග්ලාදේශ ප්‍රබලයෙක් පාකිස්තානයට යාමට ප්‍රතික්‍ෂේප කරයි

60

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන පාකිස්තානු සංචාරය සඳහා ඔවුන්ගේ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් එක්වීම ප්‍රතික්‍ෂේප කර ඇති බව කණ්ඩායමේ නිලධාරියෙක් මාධ්‍ය හමුවේ පැවසීය.

බෝල්ට්, ලෝකි වෙනුවට හාමිශ් වසර 3කට පසු නවසීලන්ත කණ්ඩායමට

නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වීමට……..

“මුෂ්ෆිකර් අද මට කතා කරලා කිව්වා ඔහු පාකිස්තාන සංචාරය සඳහා එක්වෙන්නේ නැහැ කියලා. ඒ පිළිබඳව නිල ලිපිය ලැබෙනකන් අපි දැන් බලන් ඉන්නේ. ඔහු අපිට ලිපිය ලැබෙන්න සැලැස්වූවාට පස්සේ අපි ඔහුව මෙම තරගාවලිය සඳහා කණ්ඩායමෙන් ඉවත් කර තබන්න පියවර ගන්නවා.” බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානී මින්හාජුල් ආබ්දීන් ‘AFP’ පුවත් ජාලය සමඟ අදහස් දක්වමින් පවසා ඇත. 

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ද මේ වන විට තරග තහනමකට ලක්ව සිටින අවස්ථාවක දී මේ ආකාරයට එළඹෙන තරගාවලියේ දී බංග්ලාදේශයට මුෂ්ෆිකර් දායකත්වය ද නොමැති වීම ඔවුන්ට විශාල පාඩුවක් වනු ඇති බව නොඅනුමාන ය. 

ඩර්බන් වීරයාට වැට බැඳි අරුම පුදුම තේරීම

දක්ෂයාට නිසි තැන ලබා දෙමින්, ඔවුන් සතු හැකියාවන් තවදුරටත් ඔප්නංවාලීමට අවශ්‍ය අතහිත නොමදව, නොමසුරුව ලබා දීම ගෙවුණ වසර කිහිපය පුරාවටම….

කෙසේ නමුත් මින්හාජුල් පවසා සිටින අන්දමට ඔවුන් ඉදිරි දින දෙක-තුන තුළ දී පාකිස්තානු සංචාරය සඳහා එක්වන බංග්ලාදේශ සංචිතය නම් කරනු ඇත. 

ඒ අනුව 2009 මාර්තු මාසයේ පාකිස්තානයේ ලාහෝර් නුවර දී ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් නිල බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව එරටට අහිමිව ගිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය වසර 4ක පමණ සිට මේ දක්වා කෙමෙන් කෙමෙන් නැවතත් පාකිස්තානය කරා ළඟා වෙමින් පවතී.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<