ලුම්බිණි තර්ස්ටන් සටනේ වැඩි වාසිය තර්ස්ටන් විද්‍යාලයට

100

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් තරග කිහිපයක් ඊයේ (16) පළමු දිනයට ක්‍රියාත්මක විය.

සම්පත් සහ මනීශාන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ………..

ලුම්බිණි විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය 

තර්ස්ටන් විද්‍යාල පිටියේ පැවැත්වෙන මේ සුහද ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට තරගයේ වැඩි වාසිය දිනාගෙන සිටින්නේ තර්ස්ටන් විද්‍යාල කණ්ඩායමයි. 

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම ලකුණු 64කට සීමා කිරීමට පුන්තිල සමන්ත කුමාර ඇතුළු ඔවුන්ගේ පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී පුන්තිල, අවිශ්ක කෞශල්‍ය සහ බවන්ත ජයසිංහ යන පන්දු යවන්නන් තිදෙනාම කඩුලු බැගින් දවා ගන්නා ලදි.

Photos: Lumbini College Vs Thurstan College | U19 Cricket Tournament 2019/20

ලුම්බිණි පළමු ඉනිම ලකුණු 64කට සීමා කළ තර්ස්ටන්  පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිම සඳහා ලකුණු 130ක් වාර්තා කර ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට නදුන් ජයමාන්න තර්ස්ටන් මුල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 27ක් ලබා ගන්නා ලදි.

ලුම්බිණි විද්‍යාලය (පළමු දිනය අවසානයේ)  – 64 (20.3) පුන්තිල සමන්ත කුමාර 3/07, අවිශ්ක කෞශල්‍ය 3/21, බවන්ත ජයසිංහ 3/31. සහ 80/2 (21.4) රවිඳු රසාංක 35*,  ශවින්ද ප්‍රභාෂණ 28.

තර්ස්ටන් විද්‍යාලය – 130 (47.1) නදුන් ජයමාන්න 27, ජයවිහාන් මහවිතාන 23, ටාශික් නිර්මාල් 5/45, සවිඳු ප්‍රභාෂණ 3/13.

ස්ටර්ලින්ගේ පිත්තෙන් කොදෙව්වන්ට සැර පහරක්!

විස්සයි විස්ස තරගයක දැකිය හැකි උපරිම රසවින්දනයක් ……

සාන්ත සර්වේසස් විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය ‘

තවත් සුහද කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලයේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් සාන්ත සර්වේසස් විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබා ගනිමින් ඉතාමත් ප්‍රබල තැනක පසුවේ.

එහිදී ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවෙක් වන චේතක දෙනුවන් අගනා පිතිකරණයක නිරත වෙමින් සිය ශතකය වෙත පා තැබුවේ ලකුණු 116ක් ලබා ගනිමිනි. පුෂ්පිත ඩිල්ශාන් ලකුණු 43යි. තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

සාන්ත සර්වේසස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 255/5 (92) චේතක දෙනුවන් 116, පුෂ්පිත ඩිල්ශාන් 43, කේසර නුවන්ත 40, චිරාත් නෙත්තරු 32, කවිඳු නිර්මාණ 3/58.

ඩර්බන් වීරයාට වැට බැඳි අරුම පුදුම තේරීම

දක්ෂයාට නිසි තැන ලබා දෙමින්, ඔවුන් සතු හැකියාවන් …….

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහානාම විද්‍යාලය 

දිනයේ ක්‍රියාත්මක වූ එකම කාණ්ඩ තරගය වූ මේ තරගය C කාණ්ඩයේ තරගයකි. බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහානාම විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරණ ලදි. 

තරගයේ පළමු දිනය අවසන්  වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන මහානාම විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 189ක් ලබාගෙන සිටින්නේ සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 73ක වාසියක් දිනාගෙනයි.

සාන්ත අන්තෝනි විද්‍යාල මුල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නියෝජනය කළ අවිශ්ක තරිඳු ලකුණු 26ක් ලබා ගන්නා විට, පවන්ත වීරසිංහ කඩුලු 3ක් දවා ගන්නා ලදි. අචින්ත සුපුන් කඩුලු 2යි.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 116 (42.2) අවිශ්ක තරිඳු 26, පවන්ත වීරසිංහ 3/22, දනුක නිර්මාණ 3/25, අචින්ත සුපුන් 2/23

මහානාම විද්‍යාලය – 189/5 (50) පවන් රත්නායක 53, සදිශාන් චමෝද්‍ය 28, පුල්ශාන් රොහාන් 26, රොමේෂ් සුරංග 2/41, කවීෂ දුලංජන 2/62.

පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරග සියල්ලම අද (17) දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<