අරවින්ද ද සිල්වා සභාපති කරමින් අලුත් ක්‍රිකට් කමිටුවක්

1514
ESPN

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් නව ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කර තිබෙන අතර එහි සභාපති ලෙස අරවින්ද ද සිල්වා මහතා පත් කර ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

එම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබා දීමයි.

කමිටුව පහත සාමාජිකයන්ගෙන් සමන්විත වේ.

  1. අරවින්ද ද සිල්වා මහතා – සභාපති
  2. රොෂාන් මහානාම මහතා – සාමාජික
  3. මුත්තයියා මුරලිදරන් මහතා – සාමාජික
  4. කුමාර් සංගක්කාර මහතා – සාමාජික

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කටයුත්තකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක තාක්ෂණික උපදේශක කමිටුව වෙත ද මෙම කමිටු සාමාජිකයින්ගේ නම් යොදා ගන්නා ලෙස ගරු අමාත්‍යතුමා විසින් යෝජනා කරනු ලැබීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<