පැරා ඔලිම්පික් උළෙලට මෙරටින් 6ක්

671

ලබන වසරේ (2021) ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව ඇති පැරාලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මේ දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයක් සමත්ව ඇති අතර තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතරක් පරිසාධන මට්ටමේ ආසන්නයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

2021 පැරාලිම්පික් උළෙල සඳහා මීට පෙර පැරාලිම්පික් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබූ අතර පසුගිය දිනවල දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති පැරාලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගවල දී තවත් ක්‍රීඩකයන් හතරක් සහ එක් ක්‍රීඩිකාවන් පරිසාධන මට්ටම පසු කිරීමට සමත් විය.

තරගාවලිය සඳහා මෙතෙක් සුදුසුකම් ලබා ගත් මුල්ම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස T45, T 46 කාණ්ඩයන්හී කාන්තා මීටර් 100 ඉසව්ව නියෝජනය කරන කුමුදු ප‍්‍රියංකා පරිසාධන සීමාව සපුරා ගැනීමට සමත් වූ අතර ඇයට පසු T46 කාණ්ඩයේ මීටර් 400 ඉසව්ව නියෝජනය කරන සමන් සුබසිංහ පරිසාධන මට්ටමට ඉක්මවා යෑමට සමත් විය.

තවත් මලල ක්‍රීඩා පුවත්: 

ඔවුන්ට පසුව F44 කාණ්ඩය යටතේ හෙල්ල විසිකරන සමිත දුලාන් මීටර් 66.88ක දක්ශතාවයක් දක්වමින් සහ සම්පත් හෙට්ටිආරච්චි මීටර් 57.88ක දස්කමක් දක්වමින් එම පරිසාධන මට්ටම ඉක්මවා යෑමට සමත් විය.

එම තරගාවලිය තුළ දී පැරාලිම්පික් පරිසාධන මට්ටම පසුකිරීමට සමත් වූ අවසන් ක්‍රීඩකයා වීමට F42 කාණ්ඩයේ යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 13.59ක දක්ශතාවයක් පෙන්නුම් කළ පාලිත බණ්ඩාර සමත් විය.

ඒ අනුව මේ දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු පැරාලිම්පික් උළෙල සඳහා සහභාගි වීමේ වරම් දිනා ඇති අතර තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු හෙට (26) ආරම්භ වීමට නියමිතව ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී පැරාලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<