රෙවාන් කෙලි ප්‍රමුඛ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තරගය ජය ගනී

411

සිංගර් කුසලාන 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අද (3) නිමා වූ අතර, එහි දී අවසන් වූ තරගවලින් සාන්ත ජෝසප් විද්‍යාලයට පූර්ණ ජයක් ලබා ගැනීමට හැකි විය.

රෙවාන් කෙලී, සාලින්ද සහ අශේන් සාන්ත ජෝසප් නම බබලවති

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ …

ඩී. එස්. සේනානායක විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය

බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී අවසන් වූ මෙම තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

දිනය ආරම්භ වන විට, සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 164ක් ලබාගෙන සිටියේය. නොදැවී ලකුණු 102*ක් ලබාගෙන සිටි රෙවාන් කෙලී ලකුණු 121කට දැවී ගිය අතර, අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 258ක් ලබාගෙන තිබිය දී අත්හිටුවීමට තීරණය කරන ලදි.

Photo Album – D.S.Senanayake College v St.Joseph’s College

ලකුණු 72ක අවාසියක් ද ඇතිව සිය දෙවන ඉනිම ආරම්භ කළ ඩී. එස්. සේනානායක විද්‍යාලයට පහසුවෙන්ම ලකුණු ලබා ගැනීමට සාලින්ද සෙනෙවිරත්න හා අශේන් ඩැනියල් අවස්ථාව ලබා නොදුන්නේය. එහි දී ඔවුන් දෙදෙනා අතරේ කඩුලු 4 බැගින් බෙදී යන ලදි. ලකුණු ලබා ගැනීමේ දී විහාන් ගුණසේකර ලකුණු 41ක් ලබා ගන්නා විට, උවින් පීරිස් ලකුණු 36ක් ලබාගෙන ඩී. එස්. සේනානායක දෙවන ඉනිම ලකුණු 132ක් දක්වා ඔසවා තබන ලදි.

ලකුණු 61ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ පෙරදැරිව පිටියට පැමිණි ප්‍රතිවාදී සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ එම ඉලක්කය පන්දුවාර 17යි පන්දු 5ක් තුල සපුරා ගත්තේය. එහි දී කැමරන් දුරුගේ ලකුණු 20යි.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – පන්දුවාර 50.4ක දී සියලුම දෙනා දැවී 186: පසිඳු ආදිත්‍ය 41, දසුන් පෙරේරා 41, විහාන් ගුණසේකර 34, සාලින්ද සෙනෙවිරත්න 5/45, අශේන් ඩැනියෙල් 5/61.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – පන්දුවාර 66ක දී කඩුලු 8ක් දැවී 258 (dec): රෙවාන් කෙලී 121, විරංග වික්‍රමගේ 46*, සචින්ත රවිඳු 38, මිතුශාන් කුමාර 4/54.විහාන් ගුණසේකර 2/64.

ඩී. එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉනිම – පන්දුවාර 46කදී සියල්ලන්ම දැවී 132: විහාන් ගුණසේකර 41, උවින් පීරිස් 36, සාලින්ද සෙනෙවිරත්න 4/32, අශේන් ඩැනියල් 4/46.

සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉනිම – පන්දුවාර 17.5ක දී කඩුලු 3ක් දැවී 61: කැමරන් දුරුගේ 20.

සුමංගල ක්‍රීඩකයින්ට ලකුණු 74ක ජයක්

සිංගර් වයස අවුරුදු 13න් පහළ පළමු කාණ්ඩයේ පාසල් තරගාවලියේ එක් තරංගයක් ඊයේ (02) රජරට නවෝද්‍යා ක්‍රීඩාංගණයේ දී පැවැත්වූයේ …

ඉසිපතන විද්‍යාලය හා රාජකීය විද්‍යාලය

මෙම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට ඉසිපතන විද්‍යාලයට හැකි විය. තරගය කොළඹ රාජකීය පිටියේ දී පැවැත්විය.

Photo Album – Royal College v Isipathana College

ඉසිපතන විද්‍යාලයේ මැදපෙළ පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිම අද උදෑසන ආරම්භ කළ අතර, මනුල පෙරේරා ඉසිපතන විද්‍යාලයේ කඩුලු 3ක් දවාලන ලදි. ලෙශාන් අමරසිංහ අවාසනාවන්ත ලෙස ලකුණු 99කට දැවී ගිය අතර, ඔවුන් අවසානයේ සිය පළමු ඉනිමට ලකුණු 292ක් ලබා ගන්නා ලදි. පිළිතුරු දෙවන ඉනිම දියත් කළ රාජකීය විද්‍යාලය දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 85ක් ලබා ගන්නා ලදි. එහි දී ලහිරු ඩිල්ශාන් කඩුලු 3යි. මදාර සල්දූව ලකුණු 20යි. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – පන්දුවාර 77කදී කඩුලු 9ක් දැවී 241 (dec): පසිඳු සූරියබණ්ඩාර 89, කවිඳු මදාරසිංහ 52, අයන සිරිවර්ධන 4/56.

ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම – පන්දුවාර 90කදී සියල්ලන්ම දැවී 292: ලෙෂාන් අමරසිංහ 99, අයන සිරිවර්ධන 48, කාලික් ආමත් 30, මනුල පෙරේරා 3/72.

රාජකීය විද්‍යාලය දෙවන ඉනිම –  පන්දුවාර 23කදී 85/7: මදාර සල්දූව 20, ලහිරු ඩිල්ශාන් 3/20, මදුශික සඳරුවන් 2/20.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි කාසියේ වාසිය දිනූ සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. පළමු දිනය අවසානයේ දී පළමු ඉනිම දියත් කරමින් සිටින මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 100ක් ලබාගෙන සිටියි.

ගාලු ජාත්‍යන්තර පිටියේ දී පළමුව පන්දුවට පහර දුන් සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 145ක් රැස්කර ගත්තේය. එහි දී දිලුක්ෂ දුල්මින ලකුණු 31ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී කඩුලු 5ක් දවාලූ රවිඳු සුහර්ශන දක්ෂ පන්දු යැවීමක නිරත විය.

පිළිතුරු පළමු ඉනිම දියත් කරන මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් රොශේන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 51*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම – 145/10 (63.3): දිලුක්ෂ දුල්මින 31, චතුර ප්‍රභාත් 30*, රවිඳු සුහර්ශන  5/41, අවීශ කේශාන් 2/20.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 100/3 (28): රොශේන් ප්‍රනාන්දු 51*

ධර්මරාජ විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ  සත්කාරකත්වය ඇතිව පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ධර්මරාජ විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

යසන්ත සමරරත්න ලකුණු 24ක් ලබාගෙන ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉනිමට යම් අස්වැසිල්ලක් වූ අතර, නුවන් චානක හා සචින්ත චමිත් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් පිළිවෙළින් කඩුලු 4ක් හා 3ක් දවාලන ලදි.  අවසානයේ ධර්මරාජ විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 147ක් පමණි.

තරගයේ පළමු දිනය අවසන් වන විට, කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට ගුරුකුල විද්‍යාලයට හැකි විය. එහි දී පැතුම් මහේෂ් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 40*ක් ලබාගෙන සිටින අතර, මේ වන විටත් ඔවුන් පළමු ඉනිමේ ජයග්‍රහණය සිය සන්තකයට ලබාගෙන ඇත. රුක්මාල් දිසානායක අනර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවාලන ලදි.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – පන්දුවාර 47.2කදී සියල්ලන්ම දැවී 147: යසින්ත සමරරත්න 24, නවින්ත ඩිල්ශාන් 22, නුවන් චානක 4/38, සචින්ත චමිත් 3/08.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – පන්දුවාර 45කදී  170/6 (45): පැතුම් මහේෂ් 40*, රුක්මාල් දිසානායක 5/38.

රිච්මන්ඩ් විද්‍යාලය හා ජෝසප් වාස් විද්‍යාලය

ජෝසප් වාස් විද්‍යාලය පළමු දිනය අවසානයේ සිය පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 69ක් ලබාගත් මෙම තරගය C කාණ්ඩයේ තරගයක් ලෙස මග්ගොන දී පැවැත්විය. කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි.

ජෝසප් වාස් ආරාධනය පරිදි පිටියට අවතීර්ණ වූ රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ආධිත්‍යය සිරිවර්ධන දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 66ක් ලබා ගන්නා ලදි. තවීශ අභිෂේක් ආධිත්‍යය හට හොඳ සහයක් දෙමින් ලකුණු 60ක් රැස්කර ගත්තේය. දිනෙත් ප්‍රනාන්දු කඩුලු 4යි. අවසානයේ රිච්මන්ඩ් විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 245ක් ලබා ගන්නා ලදි.

පිළිතුරු ඉනිම දියත් කරන ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින තිලාන් ප්‍රදීප්ත හා චතුරංග ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 38*ක් හා ලකුණු 20*ක් ලබාගෙන සිටියි.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම –  245/10 (69.5): ආධිත්‍යය සිරිවර්ධන 66, තවීශ අභිෂේක් 60, දිනෙත් ප්‍රනාන්දු  4/63, ක්‍රිශේන් අප්පුහාමි 3/60.

ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 69/2 (27): තිලාන් ප්‍රදීප්ත  38*, චතුරංග ප්‍රනාන්දු  20*

අද ආරම්භ වූ තරග හෙට (4) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<