ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තේරීමේ සටනින් මහේල ඉවතට?

1271

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු භූමිකාව මෙවර කවුරුන් විසින් ඩැහැ ගනී දැයි යන පැනයට නිශ්චිත පිළිතුරක් ලැබෙන තෙක් ලෝක ක්‍රිකට් ප්‍රජාව නොඉවසිල්ලෙන් බලා සිටන මොහොතක, හිටපු ඉන්දීය නායක කපිල් දේව් මහතාගේ මෙහෙය වීම යටතේ පත්කොට ඇති ක්‍රිකට් උපදේශක කමිටුව අදාළ තනතුර සඳහා සුදුසු වේ යැයි අනුමාන කරන පුහුණුකරුවන් හයදෙනෙකු හට අනිද්දා (15) දිනයේ දී සම්මුඛ සාකච්ඡාවන් සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල මූලස්ථානය වෙත වාර්තා කරන ලෙස දන්වා යවා තිබෙන බව සඳහන් වේ.

ඉන්දියාවේ මීළඟ පුහුණුකරු මහේල?

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී නවසීලන්තය හමුවේ පරාජය වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමට….

ඒ අනුව ඉහත කැඳවීම් ලබා ඇති පුද්ගලයන් හය දෙනා අතරට ටොම් මූඩි, මයික් හෙසන්, ෆිල් සිමන්ස් සහ වත්මන් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු වන රවී ශාස්ත්‍රි වැනි ජාත්‍යන්තර තරග බිමේ අත්දැකීම් බහුල පුහුණුකරුවන් කිහිප දෙනෙකුම නාමයන් තේරීපත්වී ඇති අතර රොබින් සිං සහ ලාල්චන්ද් රාජ්පුත් වැනි ජ්‍යෙෂ්ඨ, පරිණත පුහුණුකරුවන්ගේ නම් ද මෙම සටනේ දී ඉහළින්ම කියැවේ.

කෙසේ නමුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හොඹවමින් එම කණ්ඩායමට අවස්ථා දෙකක දී ම IPL තරගාවලියේ ශූරතාව දිනා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ මහේල ජයවර්ධන මහතා මෙම ලැයිස්තුවට ඇතුළත් නොවීම පිළිබඳ  ක්‍රිකට් ප්‍රජාව තම විමතිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළකොට තිබුණු අයුරු දැකගත හැකි විය.

මෙම වසර අවසන් වීමත් සමඟම පුරප්පාඩු වන ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ධූරයන් සඳහා ලොව නන්දෙසින් අයැදුම් පත්‍ර 2000කට අධික ප්‍රමාණයක්  BCCI වෙත ලැබී ඇති බව සඳහන් වන අතර ඒවා අතරින් බහුතරය පිතිකරණ, පන්දුකරණ සහ පන්දු රැකීම යන අංශයන් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සහයක කාර්‍යමණ්ඩලය සඳහා එක්වීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කර ඇති අයැදුම්පත්‍ර වේ.ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයැදුම් කර තිබෙන්නේ ක්ෂේත්‍රයේ නම් දැරූ ප්‍රවීණ පුද්ගලයන් කිහිප දෙනෙකු පමණක් වීම කැපී පෙනේ.

ඉන්දියාව ශාස්ත්‍රිව කණ්ඩායෙමන් අයින් කරයි ද?

නිමාව දුටු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය දක්වා ඉතා හොඳින් තරඟ වැදි ප්‍රබල ඉන්දීය….

මේ දිනවල ක්‍රියාත්මක වන ඉන්දීය කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය නිමා වීමෙන් අනතුරුව වත්මන් ඉන්දීය කණ්ඩායම් පුහුණුකරු රවී ශාස්ත්‍රි මහතාගේ ගිවිසුම්ගත ධුර කාලසීමාව සම්පූර්ණ වීමට නියමිත නමුත් නැවත වතාවක් එම තනතුරෙහිම රැඳෙමින් ප්‍රධාන පුහුණුකරු භූමිකාවට පණ පෙවීම සඳහා තේරිපත් වීමේ වැඩි ඉඩප්‍රස්තාවක් ඔහු සතුවන බව බොහෝ මාධ්‍ය වාර්තා අනාවැකි පළකොට තිබුණි.

ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි කොදෙව් තරග සංචාරය සඳහා නික්ම යාමට මත්තෙන් පැවති මාධ්‍ය සාකච්ඡාව අතරතුර දී මේ පිළිබඳව නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේ ශාස්ත්‍රි මහතා යටතේ තම කණ්ඩායම හට සුවිශේෂී ජයග්‍රහණයන් කිහිපයක් අත්පත්කර ගැනීමට හැකි වූ නිසාවෙන් ඔහුගේ දායකත්වය ඉදිරියේ දී පැවැත්වෙන  තරගාවලීන් සඳහා අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇති බවය.

ඒ අනුව කපිල් දේව්,අන්ශුමාන් ගයක්වාඩ් සහ ශාන්තා රන්ගස්වාමි යන තිදෙනාගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල උපදේශන කමිටුව, ඔවුන්ගේ අවසන් නිර්දේශයන් ඉදිරිපත් කිරීමේ දී නායක කෝලීගේ ඉල්ලීම සඳහා වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වන අතර ශාස්ත්‍රි මහතා මේ වන විට ඉන්දීය කණ්ඩායම සමඟ එක්ව සිටින බැවින් ඔහු සමඟ පැවැත්වීමට නියමිත සම්මුඛ සාකච්ඡාව  ස්කයිප් තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදු කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<