චෙන්නායි පිලෙන් ධනාත්මක පුවතක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

270

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සහ සහයක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පසුගිය දා තහවුරු විය. 

ඉන්පසුව ඔවුන්ගේ කණ්ඩායමේ අනෙක් සියලුම දෙනාගේ PCR වාර්තාවන් පරීක්ෂා කළ අතර එහි ප්‍රතිඵල අනුව ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. 

ඕස්ට්‍රේලියාවට එරෙහිව එංගලන්තයෙන් ප්‍රබල සංචිත දෙකක්

“මුල්ම කණ්ඩායමේ කිහිපදෙනෙක්ට කොරෝනා වයිරසය ආසාදනය වෙලා තියෙනවා කියලා පසුගිය දා තහවුරු වුනා. ඊට පස්සේ අනෙක් ක්‍රීඩකයින්ට PCR පරීක්ෂණ වට දෙකක් පවත්වන්න අවශ්‍යයි කියලා අදාළ බලධාරීන් අපිව දැනුවත් කළා. එකේ පළවෙනි වටේ තිබ්බ PCR පරීක්ෂණ සියල්ලම සාමාන්‍යයි කියලා දැන් වාර්තාව ආවා. 

මේ වගේම තවත් PCR පරීක්ෂණ වටයක් සැප්තැම්බර් 3 වැනිදාටත් තියෙනවා. එකේ ප්‍රතිඵල ඊට පසුවදා (4 වැනිදා) ලැබෙනවා, ඒ අනුව තමයි අපේ කණ්ඩායමට මෙවර තරග වාරය තුල මොකද වෙන්නේ කියලා තීරණය වෙන්නේ” යැයි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී කාසි විශ්වනාතන් මහතා Cricbuzz වෙබ් අඩවිය වෙත තහවුරු කරන ලදි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සියල්ල සහ ඒ ක්‍රීඩකයින් ඇතුළු නිලධාරීන් සියලු දෙනා මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුලට පැමිණ ඇති නමුත් චෙන්නායි කණ්ඩායම හැර අනෙක් කණ්ඩායම් සියල්ලම සිය පුද්ගලික කණ්ඩායම් පුහුණු සැසි ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් මහ සභාවේ දී කරුණු 3කට අනුමැතිය

අගෝස්තු මස 21 වැනිදා චෙන්නායි කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ සිය නිරෝධායන කාලය අවසන් කර අගෝස්තු මස 28 වැනිදා සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ නමුත් කිසිවෙක් නොසිතූ ලෙස ඔවුන්ගේ කණ්ඩායමේ කිහිප දෙනෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ වහාම ඔවුන්ගේ නිරෝධායන කාලය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට තරග සංවිධායකයින් හට සිදු විය.

මෙවර තරග වාරය තුල චෙන්නායි කණ්ඩායම නියෝජනය කිරීම සඳහා බලාපොරොත්තුවෙන් පසුවන දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලේසි සහ ලුන්ගි නිගිඩි අද (01) එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණ ඇත. ඔවුන් දෙදෙනාගේ PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව දින 6ක කාලයක් ඔවුන් දෙදෙනාව නිරෝධායනය කර චෙන්නායි කණ්ඩායම සමඟ පුහුණුවීම් කිරීම සඳහා යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා සිට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<