සහිරා විද්‍යාලයට පළමු ඉණිමක ජයක්

431
Zahira vs St. Thomas

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරඟාවලියේ තවත් එක් තරඟයක් ඊයේ (17) ආරම්භ වූ අතර අද (18) එම තරඟයෙන් සහිරා විද්‍යාලය පළමු ඉණිමක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: රාජකීය හා නාලන්ද විදුහල් වලට පළමු ඉණිමක ජයක්

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය අතර තරඟය

පිටියේ වාසියත් සමඟින් කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලයේ ඇරයුමින් පිටියට පැමිණි සහිරා කණ්ඩායම, තම පළමු ඉණිම සඳහා ලකුණු 141ක් ලබා ගත් අතර, එහිදී සහිරා විද්‍යාලය වෙනුවෙන් සජිත් සමීර නැවතත් තම දක්ෂතා පෙන්නුම් කරමින් ඔහු එම ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වීමට සමත් වූයේ ලකුණු 38ක් වාර්තා කරමිනි.

සහිරා විද්‍යාලය පළමු ඉණිම 141/10 (57.5): සජිත් සමීර 38, ශලින් ද මෙල් 3/19

ලකුණු 142ක් හඹා යාමේ අරමුණ ඇතිව තම පළමු ඉණිම දියත් කල සාන්ත තෝමස් විද්‍යාලය නොසිතූ ලෙස ලකුණු 110කට සියලු දෙනාවම දවා ගැනීමට සහිරා පන්දු යවන්නන් සමත් විය. එහිදී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් රොමේෂ්  නල්ලප්පෙරුම ලකුණු 38ක් ලබාගෙන ඉණිමේ වැඩි ගෞරවය දිනා ගන්නා ලදි. සහිරා විද්‍යාලය වෙනුවෙන් මොහොමඩ් නජා ලකුණු 32කට කඩුලු 4ක් දවාලීමට සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම110/10 (49): රොමේෂ් නල්ලප්පෙරුම 38, මොහොමඩ් ඉශාක් 29, මොහොමඩ් නජා  4/32

ලකුණු 31ක පළමු ඉණිමේ වාසියක් ද ඇතිව සහිරා විද්‍යාලය තම දෙවන ඉණිම දියත් කිරීමට පිටියට පිවිසීමට නියමිතව තිබුණත්, තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා  සහිරා විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයින් සෑහීමකට පත්වීමට සිදුවිය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට