සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් ලබති

604

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (18) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී නිමාවුණු අතර ඒ තරග අතරින් නිමා වූ තවත් තරගයක් ජය ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් වූයේ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය පරාජයට පත් කරමිනි.  

සාන්ත පීතර, නාලන්දා හා සාන්ත තෝමසුවන්ට දැවැන්ත ජයග්‍රහණ

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරගාවලියේ තරග රැසක් අද (17) අවසන් වෙද්දී, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, කොළඹ…

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ පැවති මේ C කාණ්ඩයේ තරගය කඩුලු 9කින් ජය ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයට හැකි විය.

තරගය අද (18) දිනයට ආරම්භ කරන විට දෙවන ඉනිම දියත් කරමින් සිටි සාන්ත සර්වේසස් විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු දෙකක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක පසුවිය. කෙසේ නමුත් කේෂර නුවන්තගේ (ලකුණු 50) වටිනා හා සටන්කාමි අර්ධ ශතකය නිසා ඉනිමක පරාජයෙන් සාන්ත සර්වේසස් විද්‍යාලය ගැලවුණි. පන්දු යැවීමේ දී විනුජ රණසිංහ තරගය පුරාවට කඩුලු 8ක් දවා ගනිමින් සාන්ත සර්වේසස් විද්‍යාල පිතිකරුවන් අසරණ කළේය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පහසුවෙන්ම ලබාගැනීමට තිබූ ඉනිමක ජය නොලැබුණ ද තරගයේ ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන්  ලකුණු 5ක් ලබා ගැනීමට තිබුණි. එම ඉලක්කය පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී සපුරා ගන්නට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් වූයේ මෙවර තරග වාරය තුල ලබාගත් තවත් ජයග්‍රහණයක් ද වාර්තා කරගෙනයි.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම: 220 (48.2): ටශික පෙරේරා 45, නිෂිත අභිලාෂ් 37, සුඛිත ප්‍රසන්න 39, දුනිත් ජයතුංග 25, චෙතක දෙනුවන් 4/59, ශෂික දුල්ශාන් 3/61

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම: 85 (31.3): කේෂර නුවන්ත 31, ශසික පෙරේරා 3/12, විනුජ රණසිංහ 4/12

සාන්ත සර්වේසස් විද්‍යාල දෙවන ඉනිම (F/O) (පළමු දිනය අවසානයේ):  139 (66.4) – කේෂර නුවන්ත 50, සසිඳු මනුප්‍රිය 28, විනුජ රණසිංහ 4/42.

සාන්ත සෙබස්තියන් විද්‍යාල දෙවන ඉනිම: 5/1 (0.5)

UAE සුලෝහිත සංග්‍රාම ක්‍රිකට් සටනේ ශූරතා දෙකම නාලන්දාවට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් හා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී සිසුන් අතර වාර්ෂිකව පැවැත්වෙන “එක්සත් අරාබියේ සුලෝහිත සංග්‍රාමය” නම් සුහද…

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගයේ පළමු ඉනිමේ වැඩි වාසිය දිනා ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් විය. තරගය අද දෙවන දිනයට ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ඇලෝසියස් විද්‍යාලය 5ක් දැවී ලකුණු 45ක් ලබාගෙන ඉතාමත් අසීරු අඩියක සිටියේ ධර්මරාජ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 86ක් පසුපසිනි.

පන්දුවාර 60යි පන්දු 3ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 168ක් ලබාගෙන සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිමේ ජය තහවුරු කර ගත්තේය. සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් කවිඳු දිල්හාර ලකුණු 51යි. රවිඳු කාංචන ලකුණු 44යි. පන්දු යැවීමේ දී ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ  සහන් සිරිවර්ධන ලකුණු 37කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 34ක පළමු ඉනිමේ අවාසියක් ඇතිව පිටියට පිවිසි ධර්මරාජ විද්‍යාලය සම්ප්‍රදායික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තරමක් ඔබ්බට ගොස් තරමක වේගවත් පිතිකරණයක නිරත වෙමින් සිටිය දී තරගය නවතා දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළේ ධර්මරාජ විදුහල් පිටියට නිසි ලෙස ආලෝකය පතිත නොවීම නිසයි.

මෙම තරගය C කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විණි.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම: 134 (55.3) – මිතිල ගයාශාන් 35, නිදුක සමරසේකර 3/28, සඳුන් මධුසංක 3/40.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම: 168 (60.3) – කවිඳු දිල්හාර 51, රවිඳු කාංචන 44, චතුර ප්‍රභාෂ් 26, සහන් සිරිවර්ධන 5/37, නවින්ද ඩිල්ශාන් 3/14.

ධර්මරාජ විද්‍යාල දෙවන ඉනිම: 54/2 (14) – සචින්ත සේනානායක 23*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<