ගෙවුණු දවස පෙබරවාරි 16 – ක්ලිෆර්ඩ් කුසලානය ඇරඹේ

271
ගෙවුණු දවස පෙබරවාරි 16 – ක්ලිෆර්ඩ් කුසලානය ඇරඹේ

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

ඇන්ජෙලෝ පෙරේරාගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 කාණ්ඩයේ අවසන් සතිය ක්‍රියාත්මක වෙද්දී පන්දු යවන්නන් අභිබවා පිතිකරුවන්ගේ සතියක් බවට පරිවර්තනය වී තිබියදීත්, රාගම ක්‍රීඩා සමාජය සහ බී. ආර්. සී. කණ්ඩායම අතර පැවති තරගය දින දෙකක් නිමා වීමටත් ප්‍රථම අවසන් විය. මෙම තරගයෙන් බී. ආර්. සී. කණ්ඩායමට කඩුලු 8ක පහසු ජයක් හිමි විය.

පෙර දිනයේ ශතක 4කින් සුපිරි 8 කාණ්ඩය අලංකාර වූ අතර ඊයේ (16) දිනයේ දී ශතක 3ක් වාර්තා විය. එන්. සී. සී. කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා සහ එම කණ්ඩායමේ මහේල උඩවත්ත ද වරාය අධිකාරිය කණ්ඩායමේ නික් කෝම්ප්ටන් ද ශතකලාභීන් වූ අතර සුරාජ් රන්දිව් ලකුණු 8කට කඩුලු 5ක් බිඳ දමමින් දවසේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් අවධානය දිනා ගත්තේය.

සම්පූර්ණ වාර්තාව: බී. ආර්. සී. ක්‍රීඩකයෝ කඩුලු 8ක ජයග්‍රහණයක් දින දෙකෙන් සමරති


නාලන්දාවට පළමු ඉනිමේ ජයක්

නාලන්ද විද්‍යාලය හා ද මැසනඩ් විද්‍යාලය පිළිවෙළින් මලියදේව විද්‍යාලයට හා  සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එදිරිව පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගත් ඊයේ (16) දිනය තුළත් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග රැසක්ම පැවැත්විය. පළමු දිනයට පැවැත්වූ තරගවල වැඩි වාසිය දිනා ගැනීමට රාජකීය, සාන්ත පීතර, සාන්ත සිල්වෙස්ටර්, සාන්ත ජෝසප් හා ත්‍රිත්ව විද්‍යාල සමත් විය.

මලියදේව විද්‍යාලය – 255 (63.1): දුලාජ් රණතුංග 81, බ්‍රයන් කරුණානායක 43, සංජීවන් ප්‍රියදර්ශන 43, කවීන් බණ්ඩාර 29*, චලුක අතපත්තු 27, කවීශ් මදුරප්පෙරුම 4/44, මහිම වීරකෝන් 3/31.

නාලන්ද විද්‍යාලය – 259 (64.1): චමිඳු විජේසිංහ 72, ලක්ෂිත රසාංජන 56, අවිශ්ක පෙරේරා 36, දුලාජ් රණතුංග 3/53.

මලියදේව විද්‍යාල දෙවන ඉනිම – 168 (46.3): කවීන් බණ්ඩාර 67, දුලාජ් රණතුංග 35, ගයාන් කරුණානායක 23, රවීන් ද සිල්වා 4/30.

නාලන්ද විද්‍යාල දෙවන ඉනිම – 56/2 (7.5):

සම්පූර්ණ වාර්තාව: නාලන්ද හා ද මැසනඩ් විද්‍යාල පළමු ඉනිම ගොඩ දා ගනී


    රග්බි    

නාවික මෙහෙයුමෙන් පොලීසිය පරාජය වේ

2018 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ප්‍රථම තරග වටය ආරම්භ කරමින් ඊයේ (16) නාවික හමුදා ක්‍රීඩා සමාජයත්, පොලිස් ක්‍රීඩා සමාජයත් තුරඟ තරග පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු  36-28ක් වශයෙන් තරගය ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයන් සමත් විය.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 14 – 17 නාවික හමුදා  ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු තත්වය: පොලිස්  ක්‍රීඩා සමාජය 28 (4T 4C) – 36 (5T 4C 1P) නාවික හමුදා  ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: දුලන්ජන් විජේසිංහ (නාවික හමුදාව)

සම්පූර්ණ වාර්තාව: නාවිකයෝ පොලීසිය හිස් අතින් ගෙදර යවති

දිනයක නිමාව