ලසිතගේ කඩුලු 10 නිසා සාන්ත මරියා විද්‍යාලයට ජය

1649
Singer U19 Cricket February 3rd roundup 2

සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරය නියෝජනය කරමින් ඊයේ (03) පැවති තරග අතුරින් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් අතර, ජය පරාජයෙන් තොරව නිමාවූ අනෙක් තරග දෙකේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයන් කොළඹ ඉසිපතන විද්‍යාලයට සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයට හිමිවිය.

අසේල සිගේරාගෙන් විශිෂ්ට දස්කම්

ආනන්ද විද්‍යාලයට හා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට පූර්ණ ජයග්‍රහණ හිමිකර දෙමින් සිංගර් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අදින් නිමාවට පත්විය.

වත්තල සාන්ත ඇන්තනි විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරගය

පල්ලෙකැදී පැවති මෙම තරගයේ ජයග්‍රහණය ඉනිමකින් සහ එක් ලකුණකින් තමන් සතුකර ගන්නට කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සමත් විය. සාන්ත ඇන්තනි විද්‍යාලය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 114ක් ද, දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 148ක් ද රැස් කල අතර සාන්ත මරියා විද්‍යාලය ප්‍රථම ඉනිමේදීම ලකුණු 263ක් ලබා ගනිමින් මෙම ජයග්‍රහණය සඳහා පදනම දැමීය. ඉනිම දෙකේදීම තම පන්දුවෙන් ඇන්තනි පිතිකරුවන් මෙල්ල කල ලසිත උඩගේ ඉනිමක කඩුලු 5 බැගින් තරගය පුරාවට කඩුලු 10ක් බිඳ හෙලීය.

සාන්ත ඇන්තනි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 48.3): අරින්ද පසිඳු 36, රුක්ෂාන් රොද්‍රිගෝ 26, එරංග මධුෂාන් 20, ලසිත උඩගේ 5/33, රිෂාඩ් රහීම් 2/18.

සාන්ත මරියා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 71.4): සඳරු ශ්‍රියසාන්ත 41, සුජිත් කුමාර 39, තිමිර කුමාර 25, ලසිත උඩගේ 25, සංජය රංජිත් 23, ‍රිෂාඩ් රහීම් 21, සංඛ මධුභාෂණ 5/65, කවිඳු මධූක 3/55.

සාන්ත ඇන්තනි විද්‍යාලය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 48.3): රුක්ෂාන් රොද්‍රිගෝ 39, අවිශ්ක තරිඳු 38, කවීෂ දුලාංජන 20, ලසිත උඩගේ 5/59.


කොළඹ වෙස්ලි විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර තරගය

ජය පරාජයෙන් තොරව නිමාව දුටු මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය කොළඹ ඉසිපතන විද්‍යාලයට හිමිවිය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් වෙස්ලි විද්‍යාලය ප්‍රථම ඉනිමේ ලකුණු 202ක් රැස්කල අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඉසිපතන පිතිකරුවන් කඩුලු 7කට ලකුණු 210ක් රැස් කරමින් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ස්ථිර කරගෙන ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. දෙවන ඉනිම වෙනුවෙන් වෙස්ලි විද්‍යාලය කඩුලු සියල්ලන්ම දැවී ලකුණු 207ක් රැස් කිරීමට සමත් විය. වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් සුපිරි දක්ෂතා දැක්වූ මොවින් සුබසිංහ ප්‍රථම ඉනිමේ ලකුණු 97ක් රැස්කර ප්‍රතිවාදී කඩුලු 2ක් බිඳ හෙලා, දෙවැනි ඉනිමේ ලකුණු 62ක් රැස් කිරීමට සමත් විය. නමුත් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ඉසිපතනය සතු වීම නිසා ඔහුගේ වෑයම අසාර්ථක විය.

වෙස්ලි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 202 (පන්දුවාර 57): මොවින් සුබසිංහ 97, මොහොමඩ් උබයිදුල්ලා 27, ලිසුල විනත් 3/30, ලහිරු දිල්ශාන් 3/49, නෙරන්ජන් වන්නිආරච්චි 2/27.

කොළඹ ඉසිපතන විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 210 (පන්දුවාර 52.5): අයන සිරිවර්ධන 77, හේශාන් ප්‍රනාන්දු 43, සංජුල අබේවික්‍රම 30, රුචිර දංගල්ල 2/50, මොවින් සුබසිංහ 2/30.

වෙස්ලි විද්‍යාලය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 72): මොවින් සුබසිංහ 62, තිසුරක අක්මීමන 49, තිලිණ පෙරේරා 32, කළණ පෙරේරා 3/44, ලහිරු ඩිල්ශාන් 3/60, අයන සිරිවර්ධන 2/20.


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය අතර තරගය

ජය පරාජයෙන් තොරව නිමාවූ මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය සාන්ත සර්වේසස් විද්‍යාලයට හිමිවිය. ඒ ලකුණු 5ක් තරම් සුළු ලකුණු පරතරයකිනි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සර්වේසස් ක්‍රීඩකයින් ලකුණු 147ක් රැස් කරමින් ප්‍රතිවාදී ද මැසිනෝද් විද්‍යාලය ලකුණු 142කට සීමා කිරීමට සමත් විය. තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි සර්වේසස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටියහ. තරගය සඳහා ද මැසිනෝද් විද්‍යාලය සත්කාරකත්වය දැරීය.

සාන්ත සර්වේසස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 147 (පන්දුවාර 53.3): පසිඳු මනුප්‍රිය 37*, තිලාන් ප්‍රශාන් 33, කේශර නුවන්ත 33, මිතිල අරවින්ද 2/25, සශාන් ප්‍රනාන්දු 2/32, දේශාන් ප්‍රනාන්දු 2/30, වෝශිත සෙනවිරත්න 2/29.

ද මැසිනෝද් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 142 (පන්දුවාර 58.3): දේශාන් ප්‍රනාන්දු 26, රෝෂිත සෙනවිරත්න 25, ශශික දුල්ශාන් 3/44, නෙතුම් සහස්‍ර 2/25, කේශර නුවන්ත 2/4.

සාන්ත සර්වේසස් විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 220 (පන්දුවාර 76): ඉසුරු උදයංග 75, සඳරු නෙත්මිණ 68, සුපුන් කවින්ද 31, රෝෂිත සෙනවිරත්න 4/57.


කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගය අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක විය. එහිදී කාසියේ වාසිය දිනාගත් සත්කාරකයින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා මහානාම විද්‍යාලයට ඇරයුම් කල අතර ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 227ක් රැස් කිරීමට සමත් විය. මලිඳු මධුරංග ලකුණු 51යි. මේ වනවිට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 47ක් ලබාගෙන සිටියි.

මහානාම විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 227 (පන්දුවාර 69): මලිඳු මධුරංග 51, හේශාන් හෙට්ටිආරච්චි 43, නිදූක වැලිකල 41, ඩිශාන් මෙන්ඩිස් 31, පැතුම් බොතේජු 25, මහේෂ් තීක්ෂණ 4/43, ප්‍රිත්වි ජෙගරාජසිංහම් 2/31, කවීෂ ජයතිලක 2/53.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 47 (පන්දුවාර 19)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<