අසේල සිගේරාගෙන් විශිෂ්ට දස්කම්

340
Singer U19 Cricket

ආනන්ද විද්‍යාලයට හා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට පූර්ණ ජයග්‍රහණ හිමිකර දෙමින් සිංගර් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අදින් නිමාවට පත්විය. අද (3) දිනය තුල කැපීපෙනෙන දස්කම් දැක්වීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ අසේල සිගේරා සමත් වූයේ ත්‍රිත්ව විද්‍යාලයේ කඩුලු 9ක් දවාලමිනි.

මොවින් සුබසිංහට ශතකයක් අහිමි වේ

සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරය නියෝජනය කරමින් වයස අවුරුදු 19න් පහළ තරග රාශියක්ම ඊයේ (02) ආරම්භ විය. ඒ අතරින් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය…

කොළඹ ආනන්ද විද්‍යාලයට එදිරිව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී කාසියේ වාසිය තමන් සතුකරගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර, මෙම තරගයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ඉණිමක හා ලකුණු 104ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිවිය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පළමු ඉණිමට ශැනොගීත් ශන්මුගනාදන්ගේ ලකුණු 26 හා ට්‍රිවෝන් පර්සිවල්ගේ ලකුණු 20ට අමතරව සාර්ථක ලකුණක් එක්කිරීමට ත්‍රිත්ව පිතිකරුවන්ට අවස්ථාවක් නොලැබිණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසේල සිගේරා හා චාමික ගුණසේකර කඩුලු 3 බැගින් දවාලීමට සමත් විය.

අනතුරුව ලකුණු 231ක වාසියක් ලබාගත් ආනන්ද විද්‍යාලය නැවතත් ත්‍රිත්ව විද්‍යාලයට තම දෙවන ඉණිමට අවස්ථාව ලබා දුන් අතර, එම ඉණිම ද පළමු ඉණිම මෙන්ම සාර්ථක වූ ඉණිමක් නොවීය. එම ඉණිමේ දී චානුක බණ්ඩාර ලකුණු 29ක් ලබාගෙන ඉණිමේ වැඩිම ලකුණුලාභියා විය. දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ආනන්ද විද්‍යාලයේ ජයග්‍රහණය ඉක්මන් කල අසේල සිගේරා කඩුලු 6ක් දවාලීමට සමත් විය.

කොළඹ ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 333 dec (පන්දුවාර 60): සහන් සුරවීර 121, කවිශ්ක අංජුල 78, දුශාන් හෙට්ටිගේ 44, කමේෂ් නිර්මාල් 32, සුපුන් වරාගොඩ 31*, ට්‍රිවෝන් පර්සිවල් 4/83

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 102 (පන්දුවාර 47.4): ශැනොගීත් ශන්මුගනාතන් 26, ට්‍රිවෝන් පර්සිවල් 20, චාමික ගුණසේකර 3/10, අසේල සිගේරා 3/24

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය දෙවන ඉණිම (F/O)  – සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 49): චානුක බණ්ඩාර 29, ශැනොගීත් ශන්මුතුනාගන් 27, අසේල සිගේරා 6/39


මහනුවර ධර්මරාජ විද්‍යාලයට එදිරිව කොළඹ නාලන්ද විද්‍යාලය

නාලන්ද විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයක් හිමවූ මෙම තරගයේ ධර්මරාජ විද්‍යාලයේ දෙවන ඉණිමට අර්ධ ශතකයක් එක්කරමින් ලකුණු 59ක් ලබා ගැනීමට නිවන්ත හේරත් සමත් වූ අතර, බවන්ත උදන්ගම හා නිවන්ත සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉණිම ලකුණු 225ක් දක්වා ඔසවා තබන ලදි. එහිදී දක්ෂ ලෙස පන්දුව දෝලනය කල අසේල කුලතුංග ලකුණු 48කට කඩුලු 4ක් දවාලන ලදි.

ලකුණු 162ක පළමු ඉණිමේ අවාසියක් ද ඇතිව නැවතත් දෙවන ඉණිම ක්‍රියාත්මක කල ධර්මරාජ විද්‍යාලයට කසුන් ගුණවර්ධන ලකුණු 39ක් එක් කරන්නේ ධර්මරාජ විද්‍යාලය ඉණිමක පරාජයෙන් ද ගලවා ගනිමිනි. උමේක්ෂ ඩිල්ශාන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දෙවන ඉණිමේ කඩුලු 5ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක් දියත් කරවිය.

කොළඹ නාලන්දා විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 387 dec (පන්දුවාර 74.4): කසුන් සඳරුවන් 127, ලක්ෂිත රසාංජන 88, කලණ පතිරආරච්චි 52, සුහඟ විජේවර්ධන 40, ගිහාන් විතාරණ 4/117

මහනුවර ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 225 (පන්දුවාර 61.4): නිවන්ත හේරත් 59, බවන්ත උඩනගම 41, ගිහාන් විතාරණ 28, අසේල කුලතුංග 4/48, මාලිංග අමරසිංහ  2/32

මහනුවර ධර්මරාජ විද්‍යාලය දෙවන ඉණිම   (F/O) – කඩුලු 8ක් දැවී ලකුණු 169 (පන්දුවාර 63): කසුන් ගුණවර්ධන 39, දුලාජ් විජේකෝන් 33, උදන්ත අමරකෝන් 29, චතුරංග අලුදෙණිය 20, උමේක්ෂ ඩිල්ශාන් 5/49, අසේල කුලතුංග 2/49


කැළණිය ගුරුකුල විද්‍යාලයට එදිරිව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

ගුරුකුල විද්‍යාලයට ලකුණු 154ක ඉලක්කයක් හිමිවූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ, එම ඉලක්කය හඹායාමට අවශ්‍ය පන්දුවාර ප්‍රමාණය ගුරුකුල විද්‍යාලයට සීමිත වීම නිසාවෙනි.

ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් උදාර රවිදු ලකුණු 84ක් ලබාගෙන පළමු ඉණිමේ අඩිතාලම සකස් කල අතර, අශින්ත මල්ශාන් ලකුණු 68ක් ලබාගත්තේ අලංකාරවත් පහර කිහිපයක්ම පිටිය සිසාර එල්ල කරමිනි. අරෝශ් මදුෂාන් එම ඉණිමේ දී කඩුලු 4ක් දවාගන්නා ලදි.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දෙවන ඉණිම ලකුණු 235කට සීමාකරගත් එම විද්‍යාලයේ පිතිකරුවන් වෙනුවෙන් ලකුණු 88ක් එක්කිරීමට සසිරි අධිකාරි සමත් විය. උදාර රවිදු ලකුණු 62කට කඩුලු 6ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූයේ, බණ්ඩාරනායක විද්‍යාලයේ පිතිකරුවන්ට තියුණු අභියෝගයක් ලබාදෙමිනි.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 196 (පන්දුවාර 57.3): මාධව සත්සර 56, හචිත නිර්මාල් 39, අරෝශ් මදුෂාන් 33, පෘථිවි රූසර 3/50, පැතුම් මහේෂ් 2/16

කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 277 dec  (පන්දුවාර 59.5): උදාර රවිදු 84, අශින්ත මල්ශාන් 68,  පෘථිවි නිම්සර 38, අරෝශ් මදුෂාන් 4/39

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 235 dec 235 (පන්දුවාර 61): සසිරි අධිකාරි 88, පසිදු බණ්ඩාර 38, අරෝශ් මදුෂාන් 36, උදාර රවිදු 6/62

කැලණිය ගුරුකුල විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 3ක් දැවී ලකුණු 62 (පන්දුවාර 11): උදාර රවිදු 31, හචිත තිමාල් 2/22


කොළඹ සහිරා විද්‍යාලයට එදිරිව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය

ඩී.එස්. සේනානායක විද්‍යාලය සහිරා විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 21ක් පසුපසින් සිටිමින්  බ්ලුම්ෆීල්ඩ් පිටියේදී දෙවන දිනය සඳහා අද ආරම්භ ලබා ගත් අතර මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඩී.එස්.සේනානායක විද්‍යාලයට හැකිවිය.

සජිත් සමීර හා මොහොමඩ් මහධී කඩුලු 4 බැගින් දවාලමින් ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පළමු ඉණිම ලකුණු 125කට සීමාකරවීමට සමත් වූ අතර, අනතුරුව තම දෙවන ඉණිම සඳහා ලකුණු 114ක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සහිරා විද්‍යාලයේ පිතිකරුවන් ගොඩනංවන ලදි. නමුත් එය හොඳ ලකුණු මට්ටමක් නොවූ අතර, තම දෙවන ඉණිම වේගවත් දියත් කල ඩී.එස්. සේනානායක විද්‍යාලය කඩුලු 4ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගන්නා ලදි. එහිදී දැකුම්කළු පහර කිහිපයක්ම එල්ල කල විහාන් ගුණසේකර ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වෙද්දී පන්දු යැවීම තුලින් දස්කම් දැක්වූ සාජිත් සමීර හා මොහොමඩ් හශ්නි කඩුලු 2ක බැගින් දවාලන ලදි.

කොළඹ සහිරා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 46.4): සජිත් සමීර 24, ඩිල්ශාන් රමීස් 23, තත්සර බණ්ඩාර 3/15, ගීතාංජන ඩැනියල් 2/15

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 125 (පන්දුවාර 54.1): ශෙසාඩ් අමීන් 38, විහාන් ගුණසේකර 30, මොහොමඩ් මහධී 4/33, සජිත් සමීර 4/35

කොළඹ සහිරා විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 36.2): මොහොමඩ් ශහදුල්ලා 29, මොහෙමඩ් හශ්නි 25*, විහාන් ගුණසේකර 7/30, මුදිත ලක්ෂාන් 2/40

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 115 (පන්දුවාර 42.4): විහාන් ගුණසේකර 40*, ශෙසාඩ් අමීන් 27*, මොහොමඩ් හශ්නි 2/24, සාජිත් සමීර 2/42

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<