සීමන්ස් අයර්ලන්ත බලාපොරොත්තු සුන් කරයි

83

සාන්ත කිට්ස් හී වෝනර් පාක් ක්‍රීඩාංගණයේ දී ඊයේ (19) රාත්‍රියේ අවසන් වූ බටහිර ඉන්දිය කොදෙව් සහ සංචාරක අයර්ලන්තය අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වූහ. 

ඒ අනුව දෙරට අතර තරග 3කින් සමන්විත වූ විස්සයි විස්ස තරගාවලිය 1-1ක් සේ සම වීමෙන් නිමා විය. 

ස්ටර්ලින්ගේ පිත්තෙන් කොදෙව්වන්ට සැර පහරක්!

විස්සයි විස්ස තරගයක දැකිය හැකි උපරිම රසවින්දනයක් …………..

දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තරග 3-0ක පහසු ජයක් ලැබූව ද කොදෙව්වන්ට විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයට සහභාගී වීමට සිදු වූයේ 0-1ක් ලෙසින් පසුපසින් සිටිමිනි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය සමත් වූ අතර දෙවැනි තරගය විසඳුමකින් තොරව අතහැර දැමුණ තරගයක් විය. 

අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායකයාගේ ආරාධනාව වූයේ සංචාරකයන්ට පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙසයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට පළමු තරගයේ දී පෑ දක්ෂතා අහම්බයක් පමණක් කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ. ඔවුන් අතරින් වඩාත් දරුණු වූයේ කිරන් පොලාඩ් සහ ඩිවයින් බ්‍රාවෝ ය. ඔවුන් දෙදෙනා එක්ව අයර්ලන්ත පිතිකරුවන් බොහෝ දෙනෙක්ට පිටියේ ස්ථාවර වීමට ඉඩ තැබුවේ නැත. 

පිටියට ආ පිළිවෙළ අනුව පෝල් ස්ට්‍රින්ග් (11), කෙවින් ඕබ්‍රයන් (36), ඇන්ඩ්‍රෘa බල්බ්‍රින් (28) සහ බැරි මැකාර්ති (18*) ඉලක්කම් දෙකේ ලකුණු රැස් කළ අතර අනෙක් කිසිවෙක්ට ඒ දක්ෂතාවට පිවිසීමට ඔවුන්ගෙන් අවසරයක් ලැබුණේ නැත. 

අයර්ලන්ත ඉනිම පන්දු 5ක් ඉතිරිව තිබිය දී අවසන් වූයේ ලකුණු 138ක් ලකුණු පුවරුවේ සටහන් වෙද්දීය. කඩුලු ලබා ගැනීමේ දී කිරන් පොලාඩ් ලකුණු 17කට කඩුලු 3ක් ද, ඩිවයින් බ්‍රාවෝ ලකුණු 19කට කඩුලු 3ක් ද දවා ගනිමින් දක්ෂතා දැක්විය. ඔවුන්ට අමතරව රොමාරියෝ ෂෙපර්ඩ් සහ ෂෙෆන් රදර්ෆඩ් කඩුල්ල බැගින් දවා ගත්හ.

කෝලි සහ ශර්මා කැන්ගරුවන්ගේ සිහින මානය බිමින් තබයි

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම ……….

හඹා යන ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැවරුණේ ලෙන්ඩ්ල් සිමන්ස් සහ එවින් ලෙවිස් වෙතය. ඔවුන් දෙදෙනා ආරම්භයේ සිටම අයර්ලන්ත ක්‍රීඩකයෝ වෙත පීඩනය එල්ල කිරීමට සමත් වූහ. ඔවුන් දෙදෙනා පළමු ලකුණු 50 රැස් කිරීමට වැය කළේ පන්දු 32ක් පමණි. නමුත් දෙවැනි ලකුණු 50 දී තරමක් ආරක්ෂාකාරී වූ ඔවුන් ඒ වෙනුවෙන් පන්දු 54ක් ගත්හ. 

කෙසේ වෙතත් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 133කි. එය බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ පළමු කඩුල්ලේ ඉහළම සබඳතා අතර දෙවැනි ස්ථානයේ සම තැන ගත්තේය. පළමු කඩුල්ල වෙනුවෙන් කොදෙව්වන් සතු ඉහළම වාර්තාව වන්නේ ක්‍රිස් ගේල් සහ ඩිවෝන් ස්මිත් එක්ව 2007 දී දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කළ ලකුණු 145යි. ඊට පසුව 2009 වසරේ දී ග්‍රිස් ගේල් සහ ඇන්ඩෘ ෆ්ලෙචර් එක්ව වාර්තා කළ ලකුණු 133 රැඳී ඇත. ඉන් අනතුරුවය මේ වාර්තාව ලැයිස්තු ගත වෙන්නේ. 

කොදෙව් ඉනිමේ දැවී ගිය එකම කඩුල්ලේ හිමිකාරීත්වය සිමි සිං සතු විය. කඩුලු රැකි ක්‍රීඩක ගැරි විල්සන් අතට උඩ පන්දුවක් ලබා දෙමින් එවින් ලෙවිස් තම ඉනිම අවසන් කර ගන්නා විට ලකුණු 46ක් ලබා සිටියේ ය.  මේ වමත් පිතිකරුවා තම ඉනිම වෙනුවෙන් පන්දු 25ක් වැය කළ අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් කළේය. 

යොවුන් පිළේ කුළුඳුල් සිහිනය ඉන්දියාව හමුවේ බොඳවෙයි!

මේ දිනවල දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන යොවුන් ලෝක ……………..

තරගය අවසන් වෙන විට ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 91ක් ලබා සිටියේය. එය ඔහුගේ විස්සයි විස්ස ඉනිම් අතර හොඳම ඉනිම බවට ද පත්විය. තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ද සිමන්ස් ය. 

මේ දක්ෂතාව සමඟින් කොදෙව් ක්‍රීඩකයෝ තරගය අවසන් කළේ කඩුල්ලක් දැවී ලකුණු 140ක් ලෙසින් ලකුණු පුවරුව සැරසෙද්දීය. 

තරගාවලියේ වීරයා ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කිරන් පොලාඩ් නම් කෙරුණි. 

අයර්ලන්තය; සියලුම දෙනා දැවී 138 (19.1) කෙවින් ඕබ්‍රයන් 36, ඇනඩ්‍රෘa බල්බ්‍රින් 28, බැරි මැකාර්ති නොදැවී 18, කිරන් පොලාඩ් 3/17, ඩිවයින් බ්‍රාවෝ 3/19

බටහිර ඉන්දීය කොදෙව්; කඩුල්ලක් දැවී 140 (11) ලෙන්ඩ්ල් සිමන්ස් නොදැවී 91, එවින් ලෙවිස් 46

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<