Home Sinhala කවාජා කලබලයක් නැතිව ශ්‍රී ලංකාව අමාරුවේ දමයි

කවාජා කලබලයක් නැතිව ශ්‍රී ලංකාව අමාරුවේ දමයි

236

උස්මාන් කවාජා ගේ සංවර ඉනිම හේතුවෙන් අද (27) සදම්ප්ටන් හි දී නිමා වූ ඕස්ට්‍රේලියාව හා සමග පැවැති පුහුණු තරගයේ දී කඩුලු 5ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වූ හ.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට පෙර සහභාගී වූ පළමු පුහුණු තරගයෙන් ද දකුණු අප්‍රිකාවන් ඉදිරියේ ලකුණු 87ක පරාජයක් ලැබුවේ ය.

නිමා වූ අදස තරගයේ දී ඕස්ට්‍රේලියාවේ 32 හැවිරිදි වමත් ආරම්භක පිතිකරු උස්මාන් කවාජා කිසිදු කලබලයකින් තොරව පන්දුවට පහර දෙමින් ලකුණු 89ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියා ජයග්‍රහණයේ නියමුවා විය. ඔහුගේ ඉනිම පන්දු 105කින් සමන්විත වෙද්දී ඊට ඇතුලත් වුයේ හතරේ පහර 3ක් පමණක් වීමත් කැපී පෙණුනි.

ලහිරු තිරිමාන්නගේ සහ ධනංජය ද සිල්වා ගේ හුදකලා ඉනිම් හමුවේ පෝෂණය වූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු 8ක් දැවී ලකුණු 239ක් ලබා ගත්තේ ය. ඊට පිළිතුරු ලෙසින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ඉතාම පහසුවෙන් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 241ක් ලබා ගත්තේ තවත් පන්දු 31ක් ඉතිරිව තිබිය දී ය.

එංගලන්ත ඉනිම ආරම්භ කළේ නායක ඒරන් ෆින්ච් සමගින් උස්මාන් කවාජා ය. ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට වේග පන්දු යවන ක්‍රීඩකයන් නුවන් ප්‍රදීප් ඉඩ සැලසුවේ නැත. කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් ඒරන් ෆින්ච් ගේ ඉනිම අවසන් කරන විට ඕස්ට්‍රේලියාව ඉදිරියේ සටහන් ව තිබුණේ ලකුණු 16කි. ෆින්ච් ලබා ගති ලකුණු සංඛ්‍යාව 11කි.

පළමු කඩුල්ල අඩු ලකුණු ප්‍රමාණයකට දවා ගනීමින් මහත් උද්දාමයෙන් තරගයේ පාලනය තමන් වෙත නතු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උත්සාහ කළ ද එය සාර්ථක කර ගැනීමට උස්මාන් කවාජා සහ ශෝන් මාෂ් ඉඩ තැබුවේ නැත. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 80ක සබඳතාවක් එක් කරමින් තරගයේ උණුසුම ඔවුන් වෙත නතු කර ගත් හ.

ෂොන් මාෂ් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමගින් ලකුණු 34ක් ලබා ගත්තේ ය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව කවාජා, ග්ලේන් මැක්ස්වෙල් සමග ද එක් වෙමින් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 65ක සබඳතාවක් එක් කිරීමට සමත් විය. මැක්ස්වෙල් පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමගින් ලකුණු 36ක් ලබා ගත්තේ ය.

තරගයේ එල්ල කළ පළමු සහ එක ම හයේ පහර වාර්තා කිරීමට මාකස් ස්ටොයිනිස් සමත් විය. ඔහු ඉනිමේ සිවු වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට ලකුණු 32ක් ලබා සිටියේ ය. පන්දු 30කින් සමන්විත වූ ඔහුගේ ඉනිම එම හයේ පහරට අමතර ව හතරේ පහර 2කින් ද සමන්විත වුණි.

තරගය අවසන් වෙන විට ඇලෙක්ස් කේරි සහ පැට් කමින්ස් පිටියේ නොදැවී රැදි සිටිය හ. ඇලෙක්ස් කේරි පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 14ක් ලබා සිටි අතර පැට් කමින්ස් පන්දු 11ක දී ලකුණු 11ක් ලබා සිටියේ ය. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට නොදැවුණු ලකුණු සබඳතාව 23කි.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 51කට කඩුලු 2ක් දවා ගනිමින ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නුවන් ප්‍රදීප්, ධනංජය ද සිල්වා සහ මිලින්ද සිරිවර්ධන ද කඩුල්ල බැගින් දවා ගත් හ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර  ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සහභාගී වන අවසාන පුහුණු තරගය වූ. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සමගින් ලහිරු තිරිමාන්න ය. විනිසුරුවන්ගේ තීරණ අභියෝගයට ලක් කිරීම හෙවත් Review අවස්ථාවක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල දවා ගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වූ හ. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම 44 නැවතී තිබුණි. පන්දු 59කින් වාර්තා වූ එම සබඳතාවේ දී ඉන් පන්දු  36කට ම මුහුණ දී සිටියේ දිමුත් කරුණාරත්න ය. ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දිමුත් දැවී යන විට ඔහු ඉදිරියේ ලියැවි තිබුණේ හතරේ පහරක් සමගින් ලකුණු 16කි.

අද තරගයේ දී ද කුසල් පෙරේරාගෙන් බලාපොරොත්තු වූ ඉනිමක් දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට හැකි වුයේ නැත. ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමගින් ලබා ගත්තේ ලකුණු 12ක් පමණි. අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 110ක් වෙද්දී එතෙක් සාර්ථක පිතිහරඹයක නිරත වූ ලහිරු තිරිමාන්න තෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ ය. ඒ වෙද්දී ඔහු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමගින් ලකුණු 56ක් ලබා සිටියේ ය.

කුසල් මෙන්ඩිස් (24) ඇන්ජලෝ මැතිව්ස් (17) ජීවන් මෙන්ඩිස් (21) අඩු ලකුණුවලට සීමා වෙද්දී ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා ඉනිම යම් තරමකින් ගොඩ නැගීමට දායක වූ හ. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් එක් කළ හ. එය ශ්‍රී ලංකා ඉනිමේ හොඳම කඩුලු සබඳතාව විණි.

තිසර පෙරේරා පන්දු 33ක් මුහුණ දෙමින් හතරේ පහරක් සමගින් ලකුණු 27ක් ලබා ගත්තේ ය. ධනංජය ද සිල්වා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 43කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 41කට මුහුණ දුන් අතර හතරේ පහර 4ක් ඊට ඇතුලත් වුණි.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙන විට සුරංග ලක්මාල් (7) සහ මිලින්ද සිරිවර්ධන (4) නොදැවී පිටියේ රැදී සිටිය හ.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යවන්නන් 8 දෙනෙක් යොදා ගත් අතර එහි දී කැපි පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූයේ වමතින් දඟ පන්දු යැවූ ඇඩම් සැම්පා ය. ඔහු ලකුණු 39කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
239/8 (50)

Australia
241/5 (44.5)

Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne b Nathan Lyon 56 69 7 0 81.16
Dimuth Karunaratne c  Alex Carey b Jhye Richardson 16 36 1 0 44.44
Kusal Perera lbw b Glenn Maxwell 12 19 1 0 63.16
Kusal Mendis c Nathan Lyon b Adam Zampa 24 33 2 0 72.73
Angelo Mathews c & b Steve Smith 17 21 2 0 80.95
Jeevan Mendis lbw b Adam Zampa 21 36 1 0 58.33
Dhananjaya de Silva b Mitchell Starc 43 41 4 0 104.88
Thisara Perera c Glenn Maxwell b Pat Cummins 27 33 1 0 81.82
Suranga Lakmal not out 7 9 1 0 77.78
Milinda Siriwardana not out 4 3 0 0 133.33


Extras 12 (b 0 , lb 5 , nb 0, w 7, pen 0)
Total 239/8 (50 Overs, RR: 4.78)
Fall of Wickets 1-44 (9.5) Dimuth Karunaratne, 2-72 (16.2) Kusal Perera, 3-110 (24.6) Lahiru Thirimanne, 4-117 (27.1) Kusal Mendis, 5-147 (33.4) Angelo Mathews, 6-161 (37.5) Jeevan Mendis, 7-225 (47.1) Thisara Perera, 8-230 (48.4) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Mitchell Starc 9 0 38 2 4.22
Pat Cummins 8 0 23 1 2.88
Jhye Richardson 6 0 52 1 8.67
Glenn Maxwell 5 0 14 0 2.80
Marcus Stoinis 3 0 11 0 3.67
Adam Zampa 9 0 39 2 4.33
Nathan Lyon 8 0 48 1 6.00
Steve Smith 2 0 9 1 4.50


Batsmen R B 4s 6s SR
Aaron Finch lbw b Nuwan Pradeep 11 16 2 0 68.75
Usman Khawaja st Kusal Perera b Jeffery Vandersay 89 105 3 0 84.76
Shaun Marsh c Milinda Siriwardana b Dhananjaya de Silva 34 46 3 0 73.91
Glenn Maxwell c Dhananjaya de Silva b Milinda Siriwardana 36 36 4 0 100.00
Marcus Stoinis c Angelo Perera b Jeffery Vandersay 32 30 1 1 106.67
 Alex Carey not out 18 26 2 0 69.23
Pat Cummins not out 9 11 0 0 81.82


Extras 12 (b 0 , lb 2 , nb 1, w 9, pen 0)
Total 241/5 (44.5 Overs, RR: 5.38)
Fall of Wickets 1-16 (3.6) Aaron Finch, 2-96 (19.3) Shaun Marsh, 3-161 (29.6) Glenn Maxwell, 4-203 (36.4) Marcus Stoinis, 5-218 (40.2) Usman Khawaja,

Bowling O M R W Econ
Suranga Lakmal 6 0 26 0 4.33
Nuwan Pradeep 6 1 28 1 4.67
Jeevan Mendis 10 0 54 0 5.40
Thisara Perera 5 0 35 0 7.00
Dhananjaya de Silva 5 0 17 1 3.40
Jeffery Vandersay 7.5 0 51 2 6.80
Milinda Siriwardana 5 0 28 1 5.60