තරඟ කිහිපයකටම වැස්සෙන් බාධා

396
Singer U19 Schools Cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අදත් (06) තරඟ කිහිපයක්ම පැවැත්වූ නමුත් එම තරඟ වලින් තරඟ රැසක්ම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අත්හැරීමට සිදුවිය. එනමුත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලයට එදිරිව පළමු ඉණිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

පසුගිය ලිපි: තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉණිමක ජයක්

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරඟය

සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඊයේ (04) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර ක්‍රීඩකයින් පළමුව පන්දු යැවීමට පිටියට පිවිසියේය.

කඩුලු 07ක් දැවී ලකුණු 116ක් ලබා ගෙන සිටියදී, අද තම පළමු ඉණිම ආරම්භ කල ධර්මපාල විද්‍යාල කණ්ඩායමේ, ඉතිරි කඩුලු 3 පන්දුවාර 4ක් ඇතුළත දවාලීමට සාන්ත පීතර පන්දු යවන්නන් සමත් විය. චතුර ඔබේසේකර සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවාගන්නා ලදි.

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම  – 124/10 (56.1): අවිශ්ක හසරිදු 31, අමිල දහනායක 23, චතුර ඔබේසේකර 3/29

ඉන්පසුව තම පළමු ඉණිම දියත් කල සාන්ත පීතර විද්‍යාලයට, සාර්ථක පිළිතුරක් ලබා දීමට නොහැකි වූ අතර සන්තුෂ් ගුණතිලක ලකුණු 23ක් ඔවුන්ගේ පළමු ඉණිම වෙනුවෙන් වාර්තා කරන ලදි. මහීම වීරකෝන් කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – 83/10 (34.5): සන්තුෂ් ගුණතිලක 23, මහීම වීරකෝන් 4/17

ධර්මපාල විද්‍යාලය දෙවන ඉණිම – 17/02 (6)


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය අතර තරඟය

මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, පළමුව පිතිකරණයේ යෙදෙන්නට ප්‍රතිවාදීන්ට ආරාධනා කලේය.

ඒ ඇරයුමින් පිටියට පිවිසි සාන්ත සර්වේසස් විද්‍යාලය ලකුණු 154ක් තම පළමු ඉණිම සඳහා රැස් කරගැනීමට සමත් විය. එහිදී ඉසුරු උදයංග ලකුණු 44ක් ලබා ගෙන දස්කම් දැක්වූ අතර, මදුරංග චන්ද්‍රරත්න කඩුලු 4ක් දවාලමින් අනුරාධපුර මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් දස්කම් දක්වන ලදි.

සර්වේසස් විද්‍යාලය පළමු ඉණිම – 154/10 (36.1): ඉසුරු උදයංග 44, සුපුන් කාවින්ද 31, මදුරංග චන්‍ද්‍රරත්න 3/53

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 20/0 (6)

මෙම තරගයේ දෙවන දිනය හෙට (06) පැවැත්වීමට නියමිතව ඇත.


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරඟය

වේල්ස් කුමර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඊයේ (04) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.  

කඩුලු 5ක් දැවී ලකුණු 232ක් ලෙස සටහන්ව තිබියදී අද (05) දිනය ආරම්භ වූ අතර තරඟය ආරම්භ වී පන්දු 9ක් දැමූ විගසම තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විය. අනතුරුව තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් පියවර ගන්නා ලදි.

සනෝජ් දර්ශික ලකුණු 109*ක් හා තිලාන් ඉමේෂ් ලකුණු 86*ක් නොදැවී වාර්තා කිරීමට සමත් විය.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – 247/05 (61.5): සනෝජ් දර්ශික 109*, තිලාන් ඉමේෂ් 86*, විශ්ව චතුරංග 24, චමිදු විජේසිංහ 3/30


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරඟය

සාන්ත අන්තෝනි විද්‍යාලය, පිටියේ වාසිය ද ඇතිව කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් තම ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඊයේ (04) ලබා දුන්නේය.

මෙම තරඟයේ අද (06) දිනය සඳහා කිසිදු පන්දු වාරයක් ක්‍රියාත්මක නොවූ අතර, එම තරඟයද ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම – 231/08 (63): ට්‍රිවෝන් පර්සිවල් 44*, හසින්ත ජයසූරිය 37, තිසරු ඩිල්ශාන් 30, කවිදු හෙට්ටිආරච්චි 4/58


කඳාන ද මැසනොඩ් විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ඊයේ (04) මැසනොඩ් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරන ලදි.

එක් කඩුල්ලක් දැවී ලකුණු 5ක් ලබා ගෙන සිටියදී, අද (05) තම පළමු ඉණිම ආරම්භ කල සාන්ත ජෝසප් විද්‍යාලය තවත් පන්දුවාර 30ක් පමණ ක්‍රීඩා කල පසුව මෙම තරඟයටද වර්ෂාවෙන් බාධා එල්ල විය. සාන්ත ජෝසප් පළමු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වීමට ජෙහාන් ඩැනියල් සමත් වූ අතර ඔහු ලකුණු 47ක් ලබා ගන්නා ලදි.

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම – 83/07 (35): ජෙහාන් ඩැනියල් 47, මිතිල ගීත් 6/18

තරගයේ සාරාංශය,

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉණිම – 155/10 (47.3): නදුන් ඩිල්ශාන් 44, ප්‍රවීන් ෆොන්සේකා 26, හරීන් කුරේ 5/55

මෙම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට