ආක්‍රමණකාරී දෙවන අර්ධය සුමංගලයින්ට මරු පහරක් වෙයි

1235

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි (2019) වසන්තයේ දෙවන අදියරේ තෙවැනි සතිය ආරම්භ කරමින් ‘B කාණ්ඩය’ යටතේ තරග වදින සත්කාරක මහනුවර සුමංගල විද්‍යාලය සහ ආගන්තුක කුරුණෑගල මලියදේව විද්‍යාලය අද (13) ‘මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී’  එකිනෙකට ගැටුණි.

විද්‍යාර්ථ – සහිරා කරට කර ගොස් සැනසෙති

පසුගිය මාස කිහිපය පුරා රට තුල උද්ගතව තිබූ ………

කෙසේ වෙතත් මෙවර තරග වාරය ප්‍රබල රග්බි තරු බිහි කළ මහනුවරට පසුබෑම්කාරී වසරක් බවට යළිත් වරක් ඔප්පු කරමින්, සත්කාරක සුමංගලයින් 26-17ක අනපේක්ෂිත පරාජයකට ඇඳ දැමීමට ආගන්තුක කුරුණෑගල මලියදේවයින්ට හැකි විය.

කලකට පසුව බෝගම්බර රග්බි පිටියේ පහස විඳිමින් දෙපිලම තරග බිමට පිවිසුණ ද, පළමු අර්ධයේ 10 වැනි මිනිත්තුවේ දි ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් මලියදේවයේ අංක 10 ක්‍රීඩක එස්. එස්. ජයසිංහට යොමු වූ පන්දුව සුරැකිව රැගෙන සාර්ථක ධාවනයක යෙදෙමින් ධවල රේඛාව මත පතිත කිරීමට ඔහු සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගනිමින් අමතර ලකුණු එක් කිරීමට එච්. කේ. ගුණවීරට හැකි විය. (මලියදේව 07-00 සුමංගල)

තරගය ආරම්භ වී මද වේලාවකින් ආගන්තුක වික්‍රමය හමුවේ යම් පසුබෑමකට ලක් වීමට සත්කාරකයින්ට සිදු වුන ද, එය ගණනකට නොගනිමින් දැඩි ක්‍රීඩා රටාවට අවතීර්ණ වීමට සත්කාරකයින්ට වැඩි කාලයක් ගත නොවුණි. 16 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ අංක 09 ‘SCRUM HALF’ ක්‍රීඩක මනූෂ කාවින්ද ධවල රේඛාව ස්පර්ශ කරමින් පළමු ලකුණු 05 සිය ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (මලියදේව 07-05 සුමංගල)  

අනතුරුව මුල් මිනිත්තු 10 පසුබෑම තවදුරටත් සිය ගොඩනැගීමේ අවිය කර ගනිමින් තවත් මිනිත්තුවක් ගත වන විට ලකුණු 02ක පරතරයකින් තිබූ ලකුණු තත්ත්වය, තවදුරටත් එලෙසින් පවත්වා නොගැනීමට වග බලා ගනිමින් සුමංගලයින් තවත් පූර්ණ ලකුණක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් විය. එහි දී 17 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ‘PROP’ ක්‍රීඩක ඩිල්ශාන් ජයසිංහ සාර්ථක ධාවනයක යෙදෙමින් නිසි එල්ලයක් ලබා ගනිමින් ධවල රේඛාව ස්පර්ශ කිරීමට සමත් විය. එහි අමතර ලකුණු 02 සුමංගලයේ ලකුණු එකතුවට එක් කිරීමට සුමංගලයේ දක්ෂතම ප්‍රවර්තන විඳින්නා වන උමේෂ් වීරකෝන්ට හැකි විය. (සුමංගල 12-07 මලියදේව)

ඩී. එස්. ක්‍රීඩකයින් වැස්සේ ජය පැන් බොයි

සත්කාරක කුරුණෑගල මලියදේව ක්‍රීඩකයින්ගේ ……..

අනතුරුව 18 වන මිනිත්තුවේ දෙපිලේම ක්‍රීඩක හුවමාරු කිහිපයක් සමඟින් තරගය යළිත් ආරම්භ වූ අතර සුමංගල ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් මැද පළමු අර්ධය තුල තවදුරටත් සිය අණසක පැතිර වීමට සුමංගලයින් කටයුතු කරන ලදි. ඒ අනුව 38 වැනි මිනිත්තුවේ දී ‘SECOND ROW’ ක්‍රීඩක දේවින්ද කුමාර උත්සාහක දිනුමක් ලබා ගත් නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

අනතුරුව පළමු අර්ධය නිමා වන තෙක් යළිත් කිසිදු ලකුණක් ලබා ගැනීමට විද්‍යාල දෙකටම නොහැකි වූයේ සියලු ක්‍රීඩකයින් හැකි උපරිම වෙර දරමින් සිය අන්තයන් ආරක්ෂා කර ගැනීමේ උත්සහයක නිරත වීම හේතුවෙනි. (සුමංගල 17-07 මලියදේව)

ප්‍රථම අර්ධය: කුරුණෑගල මලියදේව 07- 17 මහනුවර සුමංගල

ලකුණු 10ක පරතරයක් සමඟින් තරගයේ වැඩි ගෞරව හිමි කරගනිමින් පළමු අර්ධය නිමා කිරීමට ප්‍රබල සුමංගල ක්‍රීඩකයින් සමත් වූව ද, සවස 4.55ට පමණ ආරම්භ වූ දෙවන අර්ධයේ දී ඔවුන්ට එතරම් සුබදායක ක්‍රීඩා රටාවකට අවතීර්ණ වීමට අපහසු බවක් පෙනී ගියහ.

ආගන්තුකයින්ගේ දැඩි මෙල්ල කිරීම් හමුවේ පීඩාවට පත් වූ සුමංගලයින්ට, විනාඩි 07ක් යන්නටත් මත්තෙන් පන්දුවේ ග්‍රහණය සම්පූර්ණයෙන් ආගන්තුකයින් වෙත පිරිනමා බලා සිටීමට සිදු විය. ඒ අවසරයෙන් මලියදේවයේ ඩබ්ලිව්. ඩී. ගනේගෙදර ධවල රේඛාව වෙත පන්දුව ස්ථානගත කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනයත් ලකුණු බවට හරවමින් යළිත් ක්‍රියාත්මක වූ එච්. කේ. ගුණවීර අමතර ලකුණු එක් කළේය. (සුමංගල 17-14 මලියදේව)

පසුව තරගයේ ලකුණු හඹා යාම වෙනුවෙන් කරට කර උද්වේගකර සටනක දෙපිලම නිරත විය. ඒ හේතුවෙන් තියුණු බව ඉක්මවා ගොස් මලියදේවයේ කේ. එස්. දහනායක අපරීක්ෂාකාරී ක්‍රීඩා රටාවක නිරත වීම නිසාවෙන් ප්‍රධාන විනිසුරු කැලුම් සඳරුවන් විසින් දිනයේ නිකුත් කළ මුල්ම කහ කාඩ් පත් අවවාදය සිදු කළේය. අනතුරුව ඉන් මිනිත්තු 5කට පසුව සුමංගල ක්‍රීඩක ඒ. එම්. මන්ත්‍රීගමට ද ප්‍රධාන විනිසුරුවරයා අපරික්ෂාකාරී ක්‍රීඩා රටාව හේතුවෙන් කහ කාඩ් පතක් නිකුත් කරන ලදි.

අනතුරුව දෙවන අර්ධයේ ජීවය තව තවත් වැඩි දියුණු කර ගත් ආගන්තුකයින් 27 වැනි මිනිත්තුවේ දී යළිත් වරක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනයත් සුපුරුදු රිද්මයේ සිටි ප්‍රවර්තන විඳින්නා වන ගුණවීර විසින්ම සාර්ථක කර ගත්තේය. (මලියදේව 21- 17 සුමංගල)

පසුව සත්කාරකයින් මව් පිටියේ දී ම නොසිතූ පීඩනයකට ඇඳ දමමින් ඔවුන් වැඩි වේලාවක් සිය අන්තය තුලම ගාල් කර තැබීමට තරම් ආගන්තුකයින්ගේ ප්‍රහාරය දරුණු වූ අතර සුමංගලයින් ඒ වන විට ක්‍රීඩක හුවමාරුවක් සිදු කළ ද ආක්‍රමණය වෙනසකට ලක් කිරීමට ඉන් ඉඩකඩක් නොලැබුණි.

මලල ක්‍රීඩාවෙන් රග්බි ක්‍රීඩාවට ආ නිවංක ප්‍රසාද්

රග්බි ක්‍රීඩාව කියන්නේ පුදුමාකාර ක්‍රීඩාවක්……

සුමංගලයින් දෙවන අර්ධය තුල ලකුණක් ලබා ගැනීමට හැකි උපරිම වෙර දැරුව ද එය සිහිනයක් බවට පරිවර්තනය කරමින්, මලියදේවයින් යළිත් ක්‍රියාත්මක වෙමින් 41 වැනි මිනිත්තුවේදී දිනයේ අවසන් උත්සාහක දිනුමත් සිය විද්‍යාල ලකුණු පුවරුව ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත් විය. එම ලකුණ සඳහා ධවල රේඛාව ඉදිරිපිට කෙටි කාලයක් ගත කිරීමට දෙපිලටම සිදු වූ නමුත් ලද අවසරයෙන් ධවල රේඛාව වෙත පන්දුව පතිත කිරීමට ඒ. එම්. ඇල්ලගොන්න සමත්කම් දැක්විය. (මලියදේව 26- 17 සුමංගල)

අනතුරුව ලකුණු 09ක පරතරය මකා දමමින් සාර්ථක වීමට අවසන් මිනිත්තුව තෙක් සත්කාරකයින් දැඩි උත්සහයක් දැරුව ද, දෙවන අර්ධය අවසන් වන විටත් ආගන්තුකයින්ගෙන් ඊට කිසිදු ඉඩක් නොලැබීම හේතුවෙන් සත්කාරකයින්ට හිස් අතින්ම ආපසු හැරී ඒමට සිදු විය. ඒ අනුව මහනුවර මව් පිටිය තුල දීම බලාපොරොත්තු සහගත ජයක් වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ සුමංගලයින්ට අනපේක්ෂිත ලකුණු 9ක අමිහිරි පරාජයකට මූණ දීමට සිදු විය.

අවසන් ලකුණු තත්ත්වය: කුරුණෑගල මලියදේව විද්‍යාලය 26 ( 4T, 3C) – 17 ( 3T, 1C) මහනුවර සුමංගල විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: එච්. කේ. ගුණවීර (මලියදේව)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්;

  • මලියදේව විද්‍යාලය: එස්. එස්. ජයසිංහ (1T), ඩබ්ලිව්. ඩී. ගනේගෙදර (1T), ඒ. එම්. ඇල්ලගොන්න (1T), එච්. කේ. ගුණවීර (3C)
  • සුමංගල විද්‍යාලය: ඩිල්ශාන් ජයසිංහ (1T),  මනූෂ කාවින්ද (1T), දේවින්ද කුමාර (1T), උමේෂ් වීරකෝන් (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<