ලීග් ශූරතාව කරා CH රැගෙන යන්න ප්‍රබලයින් දෙදෙනෙක් සංචිතයට

266
CH & FC recruit new Coaching staff

කලක් අන්තර් සමාජ රග්බි පිටියේ අවසන් ස්ථාන කිහිපය අතර සිටි CH&FC කණ්ඩායම නිමා වූ වසරේ දී සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්ට සමත් වූ අතර මෙවර ඔවුන් නව පුහුණුකරුවන් දෙදෙනෙකු සමඟින් ලීගයට අවතීර්ණ වන්නට සූදානම් වන්නේ ශූරතාවය ජයග්‍රහණය කිරීමේ අධිෂ්ඨානයෙනි.

ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා මෙවරත්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට සමගාමීව අඛණ්ඩව 6 වැනි වරටත්..

යෝෂිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් CH&FC කණ්ඩායමට 2017 වසරේ සිට ගුරුහරුකම් ලබා දුන් රොනී ඊබ්‍රහිම් වෙනුවට නිහාල් ‘වයිපර්’ ගුණරත්න මින් පසු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

සාන්ත අන්තෝනි විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන නිහාල් වයිපර් ඉසිපතන විදුහලේ රග්බි පුහුණුකරු ලෙස ද මේ වන විට කටයුතු කරමින් සිටියි. නිමා වූ ලීග් තරගාවලියේ දී ඔහු යුද හමුදා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර මහනුවර ක්‍රීඩා සමාජය සිය නිජභූමිය වන නිත්තවෙල දී ම පරාජයට පත්කරන්නට ඔහුගේ ගුරුහරුකම් යුද හමුදාවට විශාල වශයෙන් ඉවහල් වන්නට ඇත.

යුද පිටියෙන් රග්බි පිටියට

ශ්‍රී ලංකා රග්බි ජාතික සංචිතයට මෙවර ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් තිදෙනෙක්..

එසේම පසුගිය තරග වාරයේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස කටයුතු කළ මොතිලාල් ජයතිලක, සිය වසර 6ක සේවා කාලයෙන් පසුව නාවික හමුදා ක්‍රීඩා සමාජයෙන් ඉවත් වී CH&FC කණ්ඩායම සමඟ එකතු වී ඇත.

නිහාල් වයිපර් සහ මොතිලාල් ජයතිලක දෙදෙනා CH&FC කණ්ඩායමේ ප්‍රගතිය වෙනුවෙන් ඉතා සක්‍රීයව සිය දායකත්වය සපයනු ඇති අතර මොවුන් දෙදෙනා සතුව ඇති ප්‍රථම අභියෝගය වන්නේ ශ්‍රී ලංකා අන්තර් සමාජ සත් සාමාජික තරගාවලියට කණ්ඩායම සූදානම් කරවීමයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<