කිංග්ස්වුඩ් හමුවේ සේනානායකයින්ගේ බල බිඳෙයි

1671

මෙවර සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවයේ තරගයක් ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අද (14) තරග වැදුණි. කොළඹ හැව්ලොක් පිටියේ දී පැවති එම තරගයෙන් ලකුණු 10-22ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායම සමත් විය.

බ්‍රැඩ්බි පලිහ දෙවෙනි අදියර වෙනුවෙන් නව විනිසුරුවරයෙක්

එළඹෙන 15 වැනිදා පැවැත්වීමට නියමිත 75 වැනි බ්‍රැඩ්බි පලිහේ දෙවෙනි අදියරේ තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ…

ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායමේ සාරංග උඩවත්තගේ පා පහරින් ආරම්භ වූ තරගයේ මුල් මිනිත්තු කිහිපයේ දී පන්දුව තමන් සතුකර ගනිමින් තරගයේ වැඩි වාසියක් අත්කර ගැනීමට සේනානායකයින් සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 04 වැනි මිනිත්තුවේ දී ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායමේ මල්ෂාන් ශ්‍රී විමුක්ති විසින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සාරංග උඩවත්ත සමත් විය. (සේනානායක 07 – 00 කිංග්ස්වුඩ්)

තරගයේ 09 වැනි මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කරගැනීමට හිරූෂ සම්පත් සමත් විය. (සේනානායක 07 – 03 කිංග්ස්වුඩ්)

ඉන්පසු ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායමට උත්සාහක දිනුමක් රැස් කිරීමට අවස්ථාවක් හිමි වූ නමුත් සිදු වූ අත්වැරැද්දක් නිසා එය අහිමි විය.

නැවත තරගයට අවතීර්ණ වූ කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායම මනාව එකිනෙකා අතර පන්දුව හුවමාරු කරගනිමින් ක්‍රමක්‍රමයෙන් තම උත්සාහක දිනුම් රේඛාව වෙත ළඟා වීමට උත්සාහ කරන ලදි. එහි ප්‍රතිඵල නෙලාගැනීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට හැකි වූයේ තරගයේ 34 වැනි මිනිත්තුවේ දී ය. ඒ කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායමේ හෂාන් සංදීප විසින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමඟය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට හිරූෂ සම්පත් හට නොහැකි විය. (සේනානායක 07 – 08 කිංග්ස්වුඩ්)

පළමු අර්ධය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 07 – 08 කිංග්ස්වුඩ් විද්‍යාලය

ආක්‍රමණකාරී දෙවන අර්ධය සුමංගලයින්ට මරු පහරක් වෙයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි (2019) වසන්තයේ දෙවන අදියරේ තෙවැනි සතිය ආරම්භ කරමින් ‘B කාණ්ඩය’ යටතේ තරග වදින…

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ හිරූෂ සම්පත්ගේ පා පහරින් තරගයේ දෙවන අර්ධය ආරම්භ විය. දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 5ක් ගතවීමටත් පෙර (තරගයේ 39 වන මිනිත්තුවේ දී) කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායමේ අසිරි සෙනෙවිරත්න හට කහ කාඩ්පතක් නිකුත් කිරීමට තරගයේ ප්‍රධාන විනිසුරුවරයා කටයුතු කළේය.

කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායමේ අසිරි සෙනෙවිරත්නගේ අනාරක්ෂිත ක්‍රීඩා විලාශය හේතුවෙන් සේනානායකයන්ට දඬුවම් පහරක් හිමි වූ නමුත් එය සාර්ථක කරගැනීමට සාරංග උඩවත්ත අසමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

නැවතත් තරගයේ 58 වැනි මිනිත්තුවේ දී ප්‍රධාන විනිසුරුවරයා විසින් කහ කාඩ්පතක් නිකුත් කළ අතර එවර එය හිමි වූයේ ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ මල්ෂාන් ශ්‍රී විමුක්ති හටයි.

තම ප්‍රතිවාදීන්ගේ එක් ක්‍රීඩකයෙකුගේ අඩුවෙන් උපරිම ඵල නෙලාගැනීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායමට හැකි විය. ඒ තරගයේ 60 වැනි මිනිත්තුවේ දී ආධිත්‍ය ධර්මරත්න විසින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වීමත් සමඟය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට හිරූෂ සම්පත් සමත් විය. (සේනානායක 07 – 15 කිංග්ස්වුඩ්)

ඉන්පසු සේනානායකයින් නැවත තරගයට අවතීර්ණ වූ බවක් පෙන්නුම් කරමින් කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූයේ කෙමෙන් කෙමෙන් තම උත්සාහක දිනුම් රේඛාව වෙත ළං වෙමිනි. නමුත් එහි දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට අපොහොසත් වූ සේනානායකයින්ට තරගයේ 67 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් හිමි විය. එය සාර්ථක කරගැනීමට සාරංග උඩවත්ත සමත් විය. (සේනානායක 10 – 15 කිංග්ස්වුඩ්)

ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා මෙවරත්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට සමගාමීව අඛණ්ඩව 6 වැනි වරටත් “ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා” තරගය..

එම දඬුවම් පහරින් සෑහීමකට පත්නොවුනු බවක් පෙන්නුම් කළ ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායමේ ක්‍රීඩකයින් කෙසේ හෝ තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට කටයුතු කළ නමුත් එය අසාර්ථක විය.

තරගයේ 68 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ දක්ෂිණ අතුකෝරල තම කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගැනීමට හිරූෂ සම්පත් සමත් විය. (සේනානායක 10 – 22 කිංග්ස්වුඩ්)

අවසන් ලකුණු තත්වය : ඩී. එස්. සේනානායක විද්‍යාලය 10 (1T, 1C, 1P) – 22 (3T, 2C, 1P) කිංග්ස්වුඩ් විද්‍යාලය

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය: මල්ෂාන් ශ්‍රී විමුක්ති (1T), සාරංග උඩවත්ත (1C, 1P).
  • කිංග්ස්වුඩ් විද්‍යාලය: හිරූෂ සම්පත් (1P, 2C), හෂාන් සංදීප (1T), ආධිත්‍ය ධර්මරත්න (1T), දක්ෂිණ අතුකෝරල (1T).

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<